නමින් රචිත ශ්‍රි ලංකාවේ ආර්ථික සමාජ දේශපාලන සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ විග්‍රහ කෙරෙන ග්‍රන්ථය ඉකුත්දා ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි විද්වත් සභාවක් මැද ජනගත කෙරිණි.
ශ්‍රි ලංකාවේ ආර්ථික සමාජ දේශපාලන සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ විග්‍රහ කෙරෙන මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, විදේශ කටයුතු අමත්‍ය විජිත හේරත්, හිටපු මැති ඇමතිවරු, හිටපු ජනාධිපති ලේකම් වරුන්, ලේකම් වරුන් ඇතුලු රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් රාශියක්ද සහභාවූහ.
මෙහිදී මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, තානාපති රවින්ද්‍රනාත ආර්යසිංහ, හිටපු ලේකම් වරුන් වන සී.මාලියද්ද, ධම්මික මාතරආරච්චි සහ මුදල් කොමිසමේ හිටපු ලේකම් සුමිත් අබේසිංහ ග්‍රන්ථයේ විවිධ පරිච්ඡේද සමාලෝවනය කරමින් කෙටි දේශන පැවැත්වූහ.
ග්‍රන්ථය ආරාධිතයින්ට හඳුන්වා දෙමින් එහි කර්තෘ සිරිසේන අමරසේකර කියා සිටියේ, රාජ්‍ය සේවයේ හොරු ඇල්ලීම අද බහුලව කතා කෙරෙන මාතෘකාවක් බවට පත්ව ඇති බවයි.
පරිපාලන තිරණ සහ ක්‍රියාවන් පිළිබඳව පරික්ෂණ කිරිමටත්, ඒවායේ වැරදි තිබේ නම් නිවැරැදි කිරිමටත්, අවශ්‍ය නම් දඬුවම් කිරිමටත් අවශ්‍ය ප්‍රතිපාදන ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
(සටහන | ජේ.මුණසිංහ)
සබැඳි ලිපියක්
සිරිසේන අමරසේකර විසින් රචිත Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) 23වන දා ජනගත කෙරේ




