The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

NGO සදහා දැඩි නීති ගෙන ආ යුතු බවට යෝජනා

T

The Leader Desk

August 20, 2025 • 5:30 AM

NGO සදහා දැඩි නීති ගෙන ආ යුතු බවට යෝජනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුත්තක් යම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කළහොත් එම සංවිධානය අත්හිටුවීමටද පනතේ ප්‍රතිපාදන නොමැති බවට නිරීක්ෂණය වේ.
  • එම නිසා 1980 අංක 31 දරන එම පනතේ ප්‍රතිපාදන ශක්තිමත් නොවීම නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අත්තනෝමතික ලෙස කටයුතු කරන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • එමෙන්ම එම පනතට අනුව එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යම් සංවිධානයක් ලියාපදිංචියට පමණක් බලය හිමිවන අතර අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම සංවිධානය අත්හිටුවීමට බලයක් නොමැත.
  • එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ පමණක් නොව සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ පවා ලියාපදිංචිකළ හැකි අතර එය සංවිධාන නියාමන ක්‍රියාවලියට දැඩි බාධාවක් බව එම ලේකම් කාර්යාලයේ මතය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුත්තක් යම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කළහොත් එම සංවිධානය අත්හිටුවීමටද පනතේ ප්‍රතිපාදන නොමැති බවට නිරීක්ෂණය වේ.

එම නිසා 1980 අංක 31 දරන එම පනතේ ප්‍රතිපාදන ශක්තිමත් නොවීම නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අත්තනෝමතික ලෙස කටයුතු කරන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම එම පනතට අනුව එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යම් සංවිධානයක් ලියාපදිංචියට පමණක් බලය හිමිවන අතර අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම සංවිධානය අත්හිටුවීමට බලයක් නොමැත.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ පමණක් නොව සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ පවා ලියාපදිංචිකළ හැකි අතර එය සංවිධාන නියාමන ක්‍රියාවලියට දැඩි බාධාවක් බව එම ලේකම් කාර්යාලයේ මතය වේ.

එම නිසා රාජ්‍ය නොවන සංවිධාන නිසියාකාරව නියාමනය කිරීමට නම් සිය ලේකම් කාර්යාලයේ පමණක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය සංශෝධන එම පනතට එක් කිරීමේ කාලය එළඹ ඇති බවට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

(aruna | චාමර පල්ලේගෙදර)

සබැඳි පුවතක් :

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය ඇණ හිට මාස 6ක් !

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...