BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය: ‘තුන්වෙනි DNA පරීක්ෂණය පිළිගන්න හේතුවක් නැහැ’

T

The Leader

March 30, 2023 • 1:37 PM

පාස්කු ප්‍රහාරය: ‘තුන්වෙනි DNA පරීක්ෂණය පිළිගන්න හේතුවක් නැහැ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නේයැ යි සැක කෙරෙන ප්‍රධාන සාක්ෂිකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජස්මින්’
  • පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් "සාරා ජස්මින්" ජිවතුන් අතර සිටිනබවට සාක්ෂි ලබා දී ඇතිබව ෂෙහාන් මාලක පෙන්වා දෙයි.
  • පොලිස් මාධ්‍ය නිවේදනය එනමුත්, තෙවැනි පරික්ෂණ වාර්තාව පිළිගන්න කියන්නේ නම්, මීට පෙර කරන ලද පරික්ෂණ දෙක නිසි පරිදි සිදු නොකළ නිලධාරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ෂෙහාන් මාලක අවධාරණය කළේ ය.
  • "පොලීසිය ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ ඒ පරීක්ෂණ මෙහෙයවපු කණ්ඩායම සම්බන්ධයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මියගොස් ඇතිබවට තහවුරු කරමින් නිකුත් කළ තෙවන DNA (ජෛව සම්පල වාර්තාව) ගැන සමාජ ක්‍රියාකාරියෙකු ප්‍රශ්න මතුකර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ප්‍රශ්න කරන්නේ මීට පෙර දෙවතාවක් පැවැත්වූ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් තෙවැනි DNA වාර්තාව පමණක් පිළිගැනීමට කියන්නේ ඇයි ද යන්න පිළිබඳව ය.

“මීට ඉස්සෙල්ලා දෙවතාවක් DNA සම්පල පරික්ෂා කරලා තියෙනවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ පළවෙනි පාර යි, දෙවැනි පාර යි පරික්ෂණ කළේ කවුද? එම නිලධාරින්මනේ. එතකොට එහෙනම් ඇයි අපි මේ තුන්වැනි එක පිළිගන්නේ? එකයි, දෙකයි කළේ ඒ නිලධාරින්ම නම්, ඒවා අසත්‍යය නම්, අපිට තුන්වැනි එක සත්‍ය යි කියලා පිළිගන්න හේතුවක් නැහැ,” ඔහු බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.


ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී මොකද වුණේ?

OAJFOAපාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් "සාරා ජස්මින්" ජිවතුන් අතර සිටිනබවට සාක්ෂි ලබා දී ඇතිබව ෂෙහාන් මාලක පෙන්වා දෙයි.

“සහරාන්ගේ බිරිඳ හාදියා ජනාධිපති කොමිසමට සාක්ෂි දීලා තියෙනවා සයින්දමුරුදු ප්‍රහාරයට පස්සේ සිහිය එද්දි සාරාව දැක්ක යි කියන කාරණය. ජනාධිපති කොමිසමේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වෙච්ච අර්ජුන් මහිල්කන්ද පෞද්ගලික ඔත්තුකරුවෙක් හරහා සොයාගන්නවා සාරා ජෙස්මින් 4/26 නිවසේ සිදුවෙච්ච පිපිරීමෙන් පස්සේ ජීවතුන් අතර හිටියා, කලවංචිකුඩි පොලිසියේ අබුබකර් කියන ට්‍රැෆික් OIC සාරාට ඉන්දියාවට පැනලා යන්න උදව් කළැ යි කියන කාරණාව.”


මියගියබව තහවුරු යි...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 26 වන දා සයින්දමරුදුහි ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය අය අතර සාරා ජස්මින් සිට ඇතිබවට, ඇය සම්බන්ධව කරන ලද තුන්වැනි DNA වාර්තාව ගැන නිවේදනය කරමින් පොලිසිය මාර්තු 29 වැනිදා කියා සිටියේ ය.

සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් DNA සාම්පල සමග බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානයේ දී සොයාගන්නා ලද අස්ථි කොටස්වල DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයකබවත්, එය 99.99%ක් තහවුරු වී ඇතිබවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් කියවෙන බව පොලිසිය නිවේදනය කළේ ය.


kjbzkfපොලිස් මාධ්‍ය නිවේදනය



එනමුත්, තෙවැනි පරික්ෂණ වාර්තාව පිළිගන්න කියන්නේ නම්, මීට පෙර කරන ලද පරික්ෂණ දෙක නිසි පරිදි සිදු නොකළ නිලධාරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ෂෙහාන් මාලක අවධාරණය කළේ ය.

"පොලීසිය ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ ඒ පරීක්ෂණ මෙහෙයවපු කණ්ඩායම සම්බන්ධයෙන්. ඒ කණ්ඩායමට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ, එක වතාවක් නෙමේ දෙවතාවක්ම වැරදි වුණා ද කියන එක ගැන. හොඳම විහිළුව තමයි, කටුවාපිටිය පල්ලියේ 117ක් විතර මැරුණා. ඒ සම්පල, ශරීර කොටස් ඔක්කොම අඳුරගන්නවා හරියාකාරව. කොච්චිකඩේ පල්ලියේ මැරුණ 56 දෙනාගේ සියලු ශරීර කොටස් දින ගානක් යද්දි අඳුරගන්නවා. හෝටල්වල මැරුණ විදේශිකයන්නේ ශරීර කොටස් දවස් ගාණක්, මාස ගාණක් යද්දි අඳුරගන්නවා. ඒ හැම දෙයක්ම විද්‍යාත්මකව තහවුරු කරන්නවා. ඒ පරීක්ෂණ කරපු විමර්ශණ කණ්ඩායමනේ මේවත් කළේ. මිනිස්සු 271ක දේවල් හරියට හොයාගත්ත ඒ කණ්ඩායමට ප්‍රධාන සාක්ෂිකාරියක් වෙච්ච සාරා ජස්මින්ගේ කොටස් අඳුරගන්න බැරිවෙයි ද?"
කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන මෙන්ම තරු පන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයන් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ශරීර කොටස් හඳුනාගැනීමට ද පරික්ෂණ කණ්ඩායම්වලට හැකිවූ බව ඔහු සිහිපත් කළේ ය.

මින් පැහැදිලි වන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමක් බව පැවසූ සමාජ ක්‍රියාකාරිකයා, "බලගතු පුටුවල මේ කුමන්ත්‍රණකරුවෝ, සැලසුම්කරුවෝ ඉන්නව යි කියන කාරණාව තමයි අපි කියන්නේ,"යි බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් කියා සිටියේ ය.

සාරා ජස්මින් ගේ ඩී.එන්.ඒ. වාර්තාව නිකුත්වීම ගැන අධ්‍යයනකර මේ පිළිබදව ප්‍රකාශයක් පසුව නිකුත් කරන බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ, ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පැවසීය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල 2019 අප්‍රේල් මස 21 වන දින සිදුකළ බෝම්බ පිපිරීම් මාලාවෙන් පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

ප්‍රහාර මාලාව සිදුවී වසර හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඊට වගකිව යුතු කිසිවකුට දඬුවම් දීමට මෙතෙක් රජය සමත්වී නැත.


(BBC සිංහල සේවය)



සබැඳි පුවත් :
පාස්කු ප්‍රහාරය : සාරා ජෙස්මින් ගැන පොලිස් නිවේදනයක්

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...