150 වෙනි ලෝක තැපැල් දිනය සමරමින් තැපෑල් දෙපාර්තමේන්තුව උත්සවයක්ද පවත්වන ලදී. ඊට සහභාගි වූ අගමැති හරිනි සහ ඇමති විජිත දෙන්නාගේ මුහුණු මුද්‍රණය කළ මුද්දරද මුද්‍රණය කර තිබුනි. ඒවා තෑගි ලෙස දුන් සමරු මුද්දර පමණක් යැයි කියනු ඇසෙයි.
නමුත් තැපැල් සේවය මුලින්ම ඇතිවූ එංගලන්තය වැනි රටවල් පවා ඔන්ලයින් සමරන මෙවන් දිනයක් උත්සව පවත්වමින් සැමරිය යුතුද?
මාලිමාව බලයට පත් වූයේ නාස්තිය අවම කරන බව කියමිනි. මෙවැනි උත්සව මුදල් සහ කාලය නාස්ති කිරීම් නොවේද? පාඩු ලබන තැපෑලට මෙවන් වියදම් කරන්නට මුදල් අනුමත කරන්නේ කවුද?
දැරියක් තමන්ට වඳින්නට ආ තැන ඇය වළකා ආදර්ශයක් දෙන අගමැති හරිනි අපි දැක තිබේ. තමන්ගේ මුහුණ මුද්‍රණය කළ මුද්දරයක් තමන් අතට දෙමින් නාස්තිකාර සැමරුමක් කරන තැපැල් අධිපති තැන වළක්වන්නට ඇයට බැරි වුනේ ඇයි?
ප්‍රශ්නය එතැනය.
(මුහුණු පොතෙන් උපුටා ගැනිණ)






