The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
පුවත්

දින 20ක බිළිදෙක්ව පුච්චලා, ආණ්ඩුව අපේ රට ලෝකය හමුවේ නිරුවත් කළා'' -මරික්කාර් (වීඩියෝ)

T

The Leader Desk

December 12, 2020 • 10:36 AM

 දින 20ක බිළිදෙක්ව පුච්චලා, ආණ්ඩුව අපේ රට ලෝකය හමුවේ නිරුවත් කළා'' -මරික්කාර් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ් හැදිලා මියගිය දින 20ක් වයසැති බිළිදෙක්ව පුච්චලා දාන්න තරම් අමානුෂික මිනිස්සු ජීවත්වන රටක්
  •   ඔහු පාර්ලිමේන්තුව අමතමින් එබව කියා සිටියේ පසුගියදා කොරෝනා ආසදනයවී මියගිය මට්ටක්කුලිය ප්‍රදේශයේ බිලිඳා සම්බන්ධයෙන් දැඩි සංවේගයෙන් යුතුව අදහස් දක්වමිනි.
  • අනිත් පැත්තෙන් දවස් 20ක් වයසැති බිළිදෙක්, ඒ දරුවා කරපු වරද මොකක් ද?
  • දරුවට කෝවිඩ් ආවේ කොහොමද කියන සැකය අපිට තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ලෙස අපේ රට ලෝකය හමුවේ නිරුවත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
 
ඔහු පාර්ලිමේන්තුව අමතමින් එබව කියා සිටියේ පසුගියදා කොරෝනා ආසදනයවී මියගිය මට්ටක්කුලිය ප්‍රදේශයේ බිලිඳා සම්බන්ධයෙන් දැඩි සංවේගයෙන් යුතුව අදහස් දක්වමිනි.
 
 
එහිදී ඔහු මෙසේද පැවසිය.
 
''අනිත් පැත්තෙන් PCR පරීක්ෂණ ඉල්ලන සිරකරුවන්ට වෙඩි තියනවා. අනිත් පැත්තෙන් දවස් 20ක් වයසැති බිළිදෙක්, ඒ දරුවා කරපු වරද මොකක් ද? පිච්චෙන්න. 
 
අනිත් එක තමයි ඒකෙ තියන පුදුම සහගත කාරණය කියන්නේ ගෙදර ඉන්න අම්මට, තාත්තට, එහෙම නැත්තම් සීයට, ආච්චිට කෝවිඩ් නෑ. දරුවට කෝවිඩ් ආවේ කොහොමද කියන සැකය අපිට තියෙනවා.
 
 ඒ නිසා වර්තමාන ආණ්ඩුවේ මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම අපි හෙලා දකිනවා වගේම දැඩි පිළිකුලෙන් යුතුව විවේචනයට ලක්කරන්න කැමතියි. 
 
මොකද හේතුව, අනිත් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන නිර්දේශ අනුව සියල්ලම කරනව කියනවා. එහෙනම් ලෝක සෞඛ්‍ය  සංවිධානය ලබා දෙන බෙහෙත් පාවිච්චා කරන්න කියනවා. 
 
දැන් අපි මුව ආවරණ පළදිනවා කෝවිඩ්වලින් බේරෙන්න, මේ මුව ආවරණ පුච්චනවද? අනිත් පැත්තෙන් මේ කෝවිඩ් රෝගීන් නාන වතුර අපජලයත් එක්ක යනවා. එතකොට මේවා කොහේට ද මේ යන්නේ ? එතකොට ඒකෙන් මේ කොරෝනා බෝ වෙන්නේ නැද්ද ?
 
මේ ආණ්ඩුව අද මිය යන මුස්ලිම් අයට පමණක් නෙවෙයි, සිංහල බෞද්ධයන්ටත් පාංශුකූලය ලබා දීමේ අයිතිය නැති කරපු ආණ්ඩුවක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. 
 
''මේ ආණ්ඩුව අද මිය යන මුස්ලිම් අයට පමණක් නෙවෙයි, සිංහල බෞද්ධයන්ටත් පාංශුකූලය ලබා දීමේ අයිතිය නැති කරපු ආණ්ඩුවක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ''
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දින 20ක බිළිදෙක්ව පුච්චලා, ආණ්ඩුව අපේ රට ලෝකය හමුවේ නිරුවත් කළා'' -මරික්කාර් (වීඩියෝ) | The Leader