"බෝන් අගේන්" ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අභියාචනාධිරණයට අද (20) දැනුම් දුන්නේය.
අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් එම දැනුම් දීම සිදු කළේය.
මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කරමින් සිටින බව කියා සිටියේය. එම අධ්‍යයනයෙන් අනතුරුව නීතිපතිවරයා සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමට නියමිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෙත්සම පෙබරවාරි මස 01 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට "බෝන් අගේන්" ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි.
එම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.
අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
සබැඳි පුවත්
ක්‍රිකට් ආයතනයට වාර්තාව තවම ලැබී නෑ - ශම්මි සිල්වා
ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නඩු මගට!
T
The Leader Desk
January 20, 2023 • 4:58 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අවසන් වු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට
- එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පරීක්ෂණ වාර්තාව ඊයේ දින නීතිපතිවරයා වෙත ලැබුණු බවත් නීතිපතිවරයා එම වාර්තාවේ අන්තර්ගත කරුණු අධ්‍යයනය කරමින් සිටින බව කියා සිටියේය.
- එම අධ්‍යයනයෙන් අනතුරුව නීතිපතිවරයා සිය ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමට නියමිත බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
- ඒ අනුව අදාළ පෙත්සම පෙබරවාරි මස 01 වනදා කැඳවීමටද අභියාචනාධිකරණය නියම කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



