BREAKING
Top Ad
පුවත්

''බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර භයානකයි- ඉදිරි පැය 72 තීරණාත්මකයි'' - වෛද්‍ය සංගමය

T

The Leader

October 5, 2020 • 9:25 PM

''බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර භයානකයි- ඉදිරි පැය 72 තීරණාත්මකයි'' - වෛද්‍ය සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරට වඩා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර
  • ආසාදිතයින් ලෙස හඳුනාගත් අය යාපනය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක විසිර සිටින නිසා ඉදිරි පැය 72 ක කාලය තුළ හඳුනාගන්නා ආශ්‍රීතයන් ගණන අනුව රටටම මෙහි බලපෑමක් ඇති වී තිබේ ද යන්න ප්‍රකාශ කර සෞඛ්‍ය අංශවලට තීරණයක් ගැනීමේ හැකියාව ඇති බව ද වෛද්‍ය අලූත්ගේ කීය.
  • පරීක්‍ෂණ වැඩිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ප්‍රකාශ අවස්ථාවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනයට ලක්කළ බලධාරීන්ට යථාර්ථයට මුහුණදීමට දැන් සිදුවී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
  • පරීක්‍ෂණ 3000 ක් 4000 ක් සිදුකරන බවට ප්‍රකාශ කළත් සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පරීක්‍ෂා කිරීමේදී පෙරේදා (03 දා) පී.
අකුරු ප්‍රමාණය (Font Size):

භයානක නිසා ඉදිරි පැය 72 ක කාලය රටට තීරණාත්මක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ අවධාරණය කර සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගම් මූලස්ථානයේදී ඊයේ (05 දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන පොකුර නිර්මාණය වීමේ මූලාශ්‍ර සොයාගනු ලැබුවත්, දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර නිර්මාණය වීම හඳුනාගැනීමට ඊයේ වනතෙක් නොහැකි වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ආසාදිතයින් ලෙස හඳුනාගත් අය යාපනය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක විසිර සිටින නිසා ඉදිරි පැය 72 ක කාලය තුළ හඳුනාගන්නා ආශ්‍රීතයන් ගණන අනුව රටටම මෙහි බලපෑමක් ඇති වී තිබේ ද යන්න ප්‍රකාශ කර සෞඛ්‍ය අංශවලට තීරණයක් ගැනීමේ හැකියාව ඇති බව ද වෛද්‍ය අලූත්ගේ කීය.

 

PCR පරීක්ෂණ ගැන බොරු කතා !

කොරෝනා රෝගය රටට පැමිණි අවස්ථාවේ සිට කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. පරීක්‍ෂණ වැඩිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම ප්‍රකාශ අවස්ථාවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනයට ලක්කළ බලධාරීන්ට යථාර්ථයට මුහුණදීමට දැන් සිදුවී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.  

බලධාරීන් විසින් දිනකට පී. සී. ආර්. පරීක්‍ෂණ 3000 ක් 4000 ක් සිදුකරන බවට ප්‍රකාශ කළත් සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පරීක්‍ෂා කිරීමේදී පෙරේදා (03 දා) පී. සී. ආර්. පරීක්‍ෂණ 1448 ක් ද 03 වැනිදා එම පරීක්‍ෂණ 2244 ක් ද සිදුකර ඇති බව පෙනී යන බව කී වෛද්‍ය අලූත්ගේ, එම පරීක්‍ෂණ 2498 ක් වන වැඩිම ප්‍රමාණය කර ඇත්තේ සැප්තැම්බර් මාසයේ දිනයකදී පමණක් බව ද කීය.

 

'PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන්න' - ජනපති නියෝගයක්

මෙම බැරෑරුම් තත්වය සැලකිල්ලට ගෙන ඇති ජනාධිපතිවරයා, කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ  (05) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ උද්ගතවූ තත්ත්වයත් සමඟ එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වුණි.

 

නව තත්වය කෙතරම් බැරෑරුම්ද?

Shavendra Silva''මෙය ඉතාමත් බැරෑරුම් තත්වයක්'' - යුද හමුදාපති

"මෙය ඉතාමත් බැරෑරුම් තත්වයක් මොකද මේ වගේ විශාල පිරිසක් එක ස්ථානයකින් මෙයට පෙර හමුවී නැහැ. මෙච්චර කාලයක් එකට හිටපු එක ලොකු ප්‍රශ්ණයක්. මේක එක පාරට වෙන්න බෑ එහෙම තිබීමම බැරෑරුම් තත්වයක්," යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බීබීසී සිංහල සේවයට ඊයේ (05) පැවසීය.

"ඊලඟ දවස් හත ඉතාමත් වැදගත් වෙනවා. මෙය ඉදිරි දවස් හතේ දී සමාජයෙන් හම්බවෙනවද නැද්ද කියන එක මත තමයි තීරණය කරන්න වෙන්නේ. මේ කට්ටියගේ කොන්ටැක් ට්‍රේසින් කරගෙන යනවා. ඒ මගින් මේක සමාජයේ කොයි කොයි පැතිවලට පැතිරිලා ද කියල බලන්න පුළුවන්. එහෙම නම් තමයි මේකේ බැරෑරුම් කම වැඩිවෙන්නේ."

"ලංකාවේ හමුවූ රෝගීන් 70%-75% කට රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ. ඒක නිසා ඉදිරි පැය 72 ඉතාමත් වැදගත්."

 

ආශ්‍රිතයන්ගේ සම්බන්ධතා ??

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ සහ ආශ්‍රිතයන්ගේ සම්බන්ධතා සොයා ගැනීමට මහජන සෞඛ්‍ය නිලධාරීන් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව පවසන ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම් බාලසූරිය වැඩිදුරටත් කියා සිටියේ, සේවකයින්ගේ ස්ථිර නේවාසික තොරතුරු සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඇති බවයි.

ඒ සඳහා හමුදාවේ සහාය ලබාගෙන තිබෙන බවත් ඔහු පැවසීය.

 

ලොක් ඩවුන් එකකට යනවද?

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාව යළිත් 'ලොක් ඩවුන්' කරන්නේ ද යන්න ගැන තවම තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

නමුත් මෙම පොකුරෙන් උතුරු නැගෙනහිර වැනි ප්‍රදේශ කීපයකින් පුද්ගලයන් හඳුනාගෙන ඇතැයි පවසන බලධාරීහු, මෙය ව්‍යාප්ත වුවහොත් එය ඉතාමත් භයානක තත්වයක් විය හැකි බවට අනතුරු අඟවති.

කෙසේවුවද  අද (06) උදෑසන “දෙරණ අරුණ“ සමග සජීවිව එක්වෙමින් යුද හමුදාපතිවරයා, ලොක්ඩවුන් නොකිරීමට හේතුව පැහැදිලි කළේය.

‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට ජීවන අරගලය සිදුකිරීමට එය බොහෝ පීඩාකාරී වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කළ යුතුව ඇත්තේ රට ලොක් ඩවුන් කිරීම නොව ආශ්‍රිතයින් සොයා ගෙන එය පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම බව ද හමුදාපතිවරයා පැවසීය.

පළමු ආසාදිත කාන්තාව වාර්තා වු වහාම ප්‍රදේශ තුනකට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල සිට සේවයට පැමිණීම නිසා බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සමග කරුණු කිහිපයක් සාකච්ඡා කර අද දිනය වන විට මෙම තත්ත්වය පවත්වාගෙන යනු ලබන බවත් සඳහන් කර සිටි යුද හමුදාපතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''මේ වන විට 125 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් යුද හමුදාවේ නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා.'' -යුධ හමුදාපති

 “මෙම ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයේ නියුතු වෙනවා. තවත් 400ක ප්‍රමාණයක් සනීපාරක්ෂක සේවය අනුයුක්තව සිටිනවා. මේ අයගෙන් 495ක් හැරුණු කොට ගෙන අනෙක් සියලු දෙනාම සිටින්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශය තුළයි.

ඉතිරි 495 දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. මොවුන්ගේ සේවය මේ වන විට නවත්වා සිටින නිසා කර්මාන්ත ශාලාවේ එම බලප්‍රදේශවලින් පිටත්ව ගිහින් සිටිය සියලු අය ඊයේ දිනයේ දී හඳුනා ගෙන ඊයේ රාත්‍රීයේ සිට මේ වන විට 125 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් යුද හමුදාවේ නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. “යනුවෙන් පැවසීය.

 

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ආහාර හිඟයක් !

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ආහාර හිඟයක් මතුවීමේ අවධානම ගැන බීබීසී සිංහල සේවය කල විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුයේ, එසේ කලබල නොවිය යුතු බවයි.

ඔහු පවසන්නේ මාස තුනක ඇඳිරි නීති සමයේත් හිඟයකින් තොරව අවශ්‍ය භාණ්ඩ සැපයූ අතර ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් වී ඇති බැවින් "අනවශ්‍ය බියක් ඇතිකරගෙන, අනවශ්‍ය විදිහට භාණ්ඩ එක්රැස් නොකළ යුතු," බවය.

''යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මාස තුනක ඇඳිරි නීති සමයේත් හිඟයකින් තොරව අවශ්‍ය භාණ්ඩ සැපයූ අතර ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් වී ඇති බැවින් "අනවශ්‍ය බියක් ඇතිකරගෙන, අනවශ්‍ය විදිහට භාණ්ඩ එක්රැස් නොකළ යුතු," බවය.

 

මහජනතාව කෙසේ හැසිරිය යුතුද?

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, "සමාජයේ අනික් පැතිවලට තවමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නැති නිසා ඒ අයට වගකීමක් තියෙනවා තමන් දන්න කවුරු හරි මේ ප්‍රදේශයට ගිහින් තියෙනවනම් හරි මේ කවුරු හරි එක්ක සම්බන්ධතාවයක් පැවැත්වුව නම් වහාම ඒ බව බලධාරීන්ට දැනුම් දෙන්න සහ නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් අනවශ්‍ය විදිහට නිරාවරණය නොවී සිටීමට," යනුවෙනි.

Maskනිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් පළදින්න

කෝවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ උප‍දෙස් පිළිපදින ලෙසත් මජනතාව එක්රැස්වන කිසිදු කටයුත්තකට සහභාගි නොවන ලෙසත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස් ශ්‍රීධරන් නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත් සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු අතර, වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු අතරම එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙසත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දෙයි.

bra 696x844

 

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

සබැඳි පුවත් :

රට පුරා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පැතිරීම ගැන අනතුරු ඇඟවීම්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...