BREAKING
Top Ad
පුවත්

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි ! - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

T

The Leader

April 27, 2021 • 10:46 PM

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි ! - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු Mi-171 මගී හෙලිකොප්ටර් (Mi-171Sh Combat-Transport Helicopter) 4ක් වහාම මිළ දී ගැනීමට
  •   ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම හෙලිකොප්ටර් යානයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 18කි.        දේශීය නියෝජිතයා කව්ද ?
  • ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.
  •   කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ. 

 
එසේ හදිසි මිළ දී ගැනීමක් සිදුකිරීමට තීන්දුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා කුලියට දීම සඳහා බව පැවසේ.
 
ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම හෙලිකොප්ටර් යානයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 18කි. 
 
 
 
දේශීය නියෝජිතයා කව්ද ?
 
එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකා බලධාරීන් මෙම රුසියානු හෙලිකොප්ටර් මිලදී ගැනීමට යන්නේ 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි. 
 
යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.
 
කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි.
 
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' (Rosoboronexport) සමාගමෙන් සන්නද්ධ පිරිස් ප්‍රවාහනය සඳහා BTR 82A  වර්ගයේ රුසියානු රෝද 08 APC 82A පාබල සටන් වාහන (Wheeled Armoured Personnel Carrier) 60ක් අලුතින්ම මිලදී ගැනීමේ සුදානමක් පවතින බව ද වාර්තාවේ. 
 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

 

THE LEADER TV 
 

පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්!

 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...