BREAKING
Top Ad
වීඩියෝ

අසර්බජානයේ ගින්නට හසුවූ සිසුවියන්ගේ ඛේදවාචකයෙන් උපන් අතුරු කතාව!

T

The Leader

January 14, 2020 • 10:27 AM

අසර්බජානයේ ගින්නට හසුවූ සිසුවියන්ගේ ඛේදවාචකයෙන් උපන් අතුරු කතාව!
අකුරු ප්‍රමාණය (Font Size):
අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති නමුත්  මෘත දේහයන් මෙරටට ගෙන්වන දිනය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය මේ දක්වාත් නිශ්චිත තොරතුරු ලබාදී නොමැති බව බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරනවා.
 
මෙම ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරාන් හි පිහිටි මෙරට තානාපති කාර්යාලය විසින් අසර්බයිජාන් රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
 
අසර්බයිජාන්හි බාකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙම  ශිෂ්‍යාවන් තිදෙනාගේ මරණයට හේතුව පසුගිය 9 වනදා සිදුවූ   විෂ දුමක් ආඝ්‍රහණය වීම බවයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ. 
 
එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණය වීමෙන් අසාමිකතාවක් මත ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගතකර ඇති අතර එහිදී ඔවුන් මියගොස් තිබුණා.
 
මියගිය ශිෂ්‍යාවන් කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි අතර  වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු බවත් සඳහන්.
 
 
මේ අතර මෙම සිසුවියන්ගේ මරණය සම්බන්ධව පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුණා.
 
එහිදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ මේවැනි සිදුවීම් වැළැක්වීමට විදේශ විශ්වවිද්‍යාල ලංකාවේ පිහිටුවන බවයි.
 
අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයත් සමඟ පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධ කතිකාව අලුත් වෙමින් තිබෙනවා.
 
එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලංකා විව්ස් වෙබ් අඩවිය සඳහන් කර සිටියේ උසස් අධ්‍යාපන පහසුකම් ඇතිකිරීමට රාජ්‍ය අධයාපනයට ප්‍රතිපාදන වැඩිකිරීම බඳු අවශ්‍යතා ඉටු නොකර විදේශ විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවමින් ප්‍රමිතියෙන් පවා බාල අධ්‍යයන පාඨමාලාවලට මුදල් ගෙවා විදේශවිනිමය අහිමිකරගන්නට අධ්‍යාපන බලධාරින් කටයුතු කරමින් සිටින බවයි.
 
එසේම මෙරට දහස් ගණනක් සරසවි අධ්‍යයන සුදුසුකම් ලැබුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල පහසුකම් වැඩිකරනු වෙනුවට  තවදුරටත් විදේශ සමාගම් හරහා අධ්‍යාපනය විකිණීමට සහායවන බව හිටපු පෞද්ගලික පන්ති ගුරුවරයකුද වන අධ්‍යාපන ඇමතිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
 
 
ඒ අනුව නම් විදෙස් විශ්ව විද්‍යාල මෙරට ආරම්භ කිරීම මෙන්ම උසස් පෙළ විභාගය සමත් වූ නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වෙත ඇතුලත් වීමට අවස්ථාව අහිමි වන ශිෂ්‍ය ප්‍රජාව සැලකිල්ලට ගනිමින් මීට අදාලව මෙරට ඇති සංවාදය අලුත්විය යුතුව ඇති බව පැහැදිලියි.
 
ඊට තවත් ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මේ ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කර ලබාදුන් ප්‍රතිඥාවයි.
 
අලුත් විශ්ව විද්‍යාල 300ක් සමඟ උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි අධ්‍යාපනය ලබාදීම ඉතා හොඳ යෝජනාවක් බව කිව යුතුයි. නමුත් ලංකා  ආර්ථිකය මේ මොහොතේ හැසිරෙන අසාද්‍ය තත්ත්වය අනුව මෙම පොරොන්දුව ඉටුකිරීම ලංකා රජයට තනිව සිදුකල නොහැකි බව අවිවාදිතයි. 
 
ඒ අනුව මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට නම් විදේශීය ආයෝජන වෙත මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විවෘත කිරීම හැර වෙනත් විකල්පයක් ගැන සිතීමත් හිතළුවක්. ඒ අභියෝගය 
 
 ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදී සිංගප්පූරුව ආසියාවේ ප්‍රබලතම දියුණු රටක් බවට පත්කල එරට හිටපු අගමැති ලී ක්වාන් යූ ආදර්ශයට ගතයුතු බව මෙරට ඇතැම් ආර්ථික විශේෂඥයින්ගේ අදහසවී ඇත්තේද මේ පසුබිම හමුවෙයි.
 
තමන්ගේ රට වෙනුවෙන් මහත් විශාල මෙහෙවරක් ඉටුකළ නායකයෙකු වූ අගමැති ලී ක්වාන් යූ, එකල සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලවලට බලකර සිටියේ විදෙස්හි ප්‍රකට විශ්වවිද්‍යාල සමඟ එකට එක්ව තම රටට තාක්ෂණය අනුගත කර ගන්නා ලෙසයි.
 
මේ අනුව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය මහත් මෙහෙවරක් ඉටුකළ අතර, එම විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල අතරින් 22 වැනි තැනට පත්වීමටත් හැකියාව ලැබුනා. එසේම  ලෝකයේ රටවල් අතරින් සිංගප්පූරුව කෙටි කලකින් ඉතාමත් ඉහළ ආර්ථික ප්‍රගතියක් ලබාගත් රටක් බවට පත්වීමටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවූ විදෙස් ආයෝජන හේතු වූවා.
 
ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ගතහොත් වාර්ෂිකව මෙරටින් ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් පමණ මෙලෙස විදේශ ගතවන සිසුන් නිසා මෙරටින් පිටතට ඇදී යයි. එම  මුදල රුපියල් වලින් නම්  මිලියන 5400 ක්.
 
ආර්ථිකයට කිසිසේත් දරාගත නොහැකි ණය සහ පොලී ගෙවීම් අර්බුදයක් වෙත මුහුණදී සිටින මෙරටින් ඇදීයන මේ මුදල ලංකාව තුළ රඳවා ගැනීම සහ ඒ වෙනුවට අධ්‍යාපන ක්ශේත්‍රයේ අවස්ථා වඩාත් පුළුල් කිරීම හරහා විදෙස් විනිමය ආර්තිකය වෙත ගලා එන මාර්ගයක් බවට පත්කර ගැනීම අතිශය වැදගත් බව කිව යුතුමයි.
 ගෝඨා ස මේ අභියෝගය කොහොම ජයගනීද ?
අපි බලා ඉමු !
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...