බුද්ධාගම නමැති ආගමෙහි මූලික සංකල්පය වන්නේ ලේකයෙහි සැබෑ ස්වභාවය වන දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ ඒ සඳහා භාවිත කළ යුතු මාර්ගය වන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් සංසාර දුකින් මිදීම සහ පූර්ණ මනුෂ්‍ය හැකියා වන ප්‍රඥාව සහ කරුණාව වර්ධනය කර ගැනීම ය.
නමුත් මේ වන විට ලංකාවේ බුද්ධාගම යනු බුදුන්වහන්සේ ගේ මූලික ඉගැන්වීම් පසෙකලා, විමුක්ති මාර්ගය සොයනු වෙනුවට තව තවත් සසරෙහි ඇලී සිටීමට උත්සාහ කරන සහ කරවන වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙන ක්රියාපටිපාටියකි.
බහුතරයක් බුද්ධ පුත්‍රයින් ගිහි ජනයාට අත්හරින්නැයි පවසමින් තමන් සියල්ල බදාගන්නා තත්වයට පත්වී තිබේ. එබඳු වටපිටාවක් තුළ ගිහි ජනයාට සැබෑ බුද්ධාගම පිළිබඳ නිවැරැදි අවබෝධය ලබා දෙන බුද්ධ පුත්‍රයින් ද නැතුවා නොවේ.
කැකිරාවේ සුදස්සන හිමි යනු එබඳු බුද්ධ පුත්‍රයින් අතරින් සුවිශේෂී හිමිනමකි.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව අද වෙන්වන්නේ උන්වහන්සේ සමග: 'ආගම යනු කුමක්ද?', ලංකාවේ ආගම, භික්ෂුව සහ ගිහියා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න සහ සම්ප්රදාය සහ ශ්‍රී ලාංකීය චින්තනය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා ය.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග උන්වහන්සේ කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සටහන - ජයසිරි අලවත්ත



