BREAKING
Top Ad
පුවත්

ස්පුට්නික් V' එයි : ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් අයට දෙවන මාත්‍රාවට වෙනත් එන්නතක්...?

T

The Leader

May 3, 2021 • 10:01 PM

ස්පුට්නික් V' එයි : ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් අයට දෙවන මාත්‍රාවට වෙනත් එන්නතක්...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක්
  •   'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නතම දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය යන්න මේ දක්වා පවතින ස්ථාවරය බවයි.
  •       මෙරටට ලැබෙන ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නේ අලුත් කණ්ඩායමකට බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
  •     වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 28,107 කි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
 
'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නතම දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය යන්න මේ දක්වා පවතින ස්ථාවරය බවයි.
 

 
 
මෙරටට ලැබෙන ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නේ අලුත් කණ්ඩායමකට බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
 

 
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 28,107 කි.
 
මේ දක්වා පුද්ගලයින් 96,871 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇත.
 
 
 
රුසියානු 'ස්පුට්නික් V' එන්නත් තොගය එයි 
 
 2b555ef9 e3c5 4a4a ae93 b8dae4530e55

20017c98 0381 45aa 85d2 213a3aeea5d1

 
 
රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් ෆයිව්' කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය රැගත් ගුවන් යානය අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් මෙරටට ළගා විය.
 
 රුසියාවේ ගැමලියා ආයතනයෙන් ශ්‍රී ලංකාව ඇණවුම් කර ඇති 'ස්පුට්නික් ෆයිව්' එන්නත් මාත්‍රා තොගයෙන් එන්නත් 15,000 ක තොගයක් එලෙස මෙරටට රැගෙනවිත් ඇත.
 
කටාර් ගුවන් සේවයට අයත් QR 1668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.
 
එන්නත් තොගය භාර ගැනීම සදහා ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටි බවද වාර්තාවේ.
 
 එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කිහියක් මගින් එම සංස්ථාවේ ඖෂධ ගබඩා  සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත.
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නතට ද මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය හිමිවිය.
 
එම එන්නත් මාත්‍රා මිලියන 07ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
 afd1340b c7a1 4e7a 8060 ca0c61e001c6

9031d53a 1fc4 4496 9137 51ae3f8ee76f

 
 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

THE LEADER TV 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

කාදිනල් බැලන්ස් කරන්න රිෂාඩ් අරගෙන : CID එක හත් පොළේ ගාගෙන?

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...