BREAKING
Top Ad
ඇට මැස්සා

ගෝඨා මැතිඳු අද තනියම රට මැද්දේ - ඇටමැස්සා (52)

T

The Leader

November 10, 2020 • 1:55 AM

 ගෝඨා  මැතිඳු අද තනියම රට මැද්දේ - ඇටමැස්සා (52)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුන්සඳ සේම පායලා රට මැද්දේ
  •   අද ගෝඨාභය ව තනිකර ඇත.
  •   මෙහි ඇති අනෙක් විශේෂය නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඔහුගේ කණ්ඩායමෙන් කිසිවකු ඉදිරිපත් නොවීම යි.
  •   ඒ, ඔහු මේ රට හදන බවට වූ විශ්වාසය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
රන්කෙඳි සේම පීරාලා පිට               මැද්දේ
මාර සෙනඟ වටකරගෙන යම          යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ
 
ලෙව්කේ මැතිඳු ගැන ලියැවුණු මේ ජන කව අදට වඩාත් ගැලපෙන්නේ ගෝඨාභය මැතිඳුට ය.
 
එදා ලෙව්කේ මැතිඳු වෙල මැද්දේ තනිවී සිටි ආකාරයටම අද ගෝඨාභය මැතිඳුන් ද තනි වී ඇත.
 
අද ගෝඨාභය ව තනිකර ඇත.
 
ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නට කෙනෙක් නැත.
 
වියතුනුත් නැත.
 
අවියතුනුත් නැත.
 
වට කරගෙන සිටි සියල්ලම දැන් දෑත් බැඳගෙන පසෙකට වී බලා සිටිති.
 
අද දවසේ යථාර්ථය එයයි.
 
ගෝඨාභය ට වැඩිපුරම ප්‍රහාර එල්ල කරන්නේ විපක්ෂයෙන් නොවේ.
 
මක්නිසාද ‍යත් ගෝඨා ගේ වාසනාවට රටේ විපක්ෂයක් නැති බැවිනි.
 
ගෝඨාභය ට වැඩිම ප්‍රහාර එල්ල වන්නේ ඔහුගේම කණ්ඩායම වෙතිනි.
 
මෙහි ඇති අනෙක් විශේෂය නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඔහුගේ කණ්ඩායමෙන් කිසිවකු ඉදිරිපත් නොවීම යි.
 
ජනාධිපති වන්නට පෙරාතුව අනුන්ට කියා ලියවාගෙන හෝ ගෝඨා වෙනුවෙන් පත්තර පිටු පිරවූ චරිත හේරත්ලා දැන් ඉන්නේ නකුට පුකේ ගසා ගත් බලු කුක්කකු මෙනි.
 
වියත් මගෙන් පාර්ලිමේන්තුව බලා ගිය අනෙක් වියතුන් ද රට මුහුණ දී සිටින විපත් මග හමුවේ මඟහැර ගොසිනි.
 
වියත් මග පිහිටෙන් තනතුරු තානාන්තර ලැබූ බොහෝමයක් දැන් නිහඬව සිටිති.
 
හරියටම මේ සියලු දෙනා හැසිරෙන්නේ ගෝඨා ට 
තනියම කර ගනින් කියන්නාක් මෙනි.
 
ගෝඨා ව දේශපාලනයට ගෙනාවා යැයි කියන උදය ගම්මන්පිල පේන්නවත් නැත.
 
විමල් වීරවංශලාගේ හඬත් නිහඬ ය.
 
ඩලස් ගේ සද්දයක් නැත.
 
අඩුම තරමින් මහින්ද රාජපක්ෂවත් පෙනෙන්නට නැත.
 
මේ රටේ ජනතාවට ගෝඨාභය ගැන විශාල බලාපොරොත්තුවක් තුබුණි.
 
ඒ, ඔහු මේ රට හදන බවට වූ විශ්වාසය යි.
 
ඒ, ඔහු රටට එක නීතියක් ගෙනේවි යැයි වූ විශ්වාසය යි.
 
රාජ්‍ය ආයතනයවල සභාපතිකම් ගැනීමේ බලාපොරොත්තු ඔවුන් තුල නොවීය.
 
එසේ පත් කරගන්නා සභාපතිවරුන් හරහා බිස්නස් කිරීමේ බලාපොරොත්තු ඔවුන්ට නොවීය.
 
ඔවුන් රට වෙනුවෙන් පැතුවේ ඍජු තීන්දු තීරණ ගන්නා නායකයෙකි.
 
තමා දුන් පොරොන්දු මත පිහිටා කටයුතු කරන නායකයෙකි.
 
සියල්ලම අවසානයේ ඔවුන්ට ඉතිරි වූයේ "බයියා" යන නම්බු නාමය පමණි.
 
ගෝඨාභයට වගකීම ඇත්තේ බයියන් ගේ අහිංසක බලාපොරොත්තු ගැනය.
 
ගෝඨාභය කළ යුතුව ඇත්තේ එක දෙයකි.
 
එනම්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යලි අතට ගැනීමයි.
 
 එවිට  අද බොරුවට ගෝඨාභයට "ස" කියනා කපටියන් ගේ රැකවරණය ඔහුට අවශ්‍ය නොවනු ඇත.
 
අන්න එදිනට ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ සැබෑම බයියන් ය.
 
එදාට ගෝඨාභය රකින ප්‍රමුඛ ආරක්ෂක වළල්ල වනු ඇත්තේ ඔවුන් ය.
 
ඇටමැස්සා ද ගෝඨාභය ගේ ජයග්‍රහණය වෙනුවෙන් යම් වැඩ කොටසක් කළ බයියෙකි.
 
එහෙත් කිසිදු අවස්ථාවක ඇටමැස්සා ගෝඨාභය ඉදිරියට පැමිණ නැත.
 
එම නිසාම ගෝඨාභය වටකරගෙන සිටිනා බොහෝ දෙනෙකු ගේ හෙළුව ඇටමැස්සාට හොඳින් දර්ශනය වේ.
 
එබැවින් ඇටමැස්සා පුංචි අවවාදයක්  දෙන්නට කැමතිය.
 
මහින්ද රාජපක්ෂ ආරක්ෂා නොවුනේ ඔහු වටා සිටි අවියතුන් ගෙනි.
 
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා විය යුත්තේ ඔහු වටා සිටින වියතුන් ගෙනි.
 
එපමණකි.
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...