BREAKING
Top Ad
ඇට මැස්සා

අලි සබ්‍රි ද? වලි සබ්‍රි ද ? -ඇටමැස්සා (55)

T

The Leader

November 13, 2020 • 12:33 AM

 අලි සබ්‍රි ද? වලි සබ්‍රි ද ? -ඇටමැස්සා (55)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල
  •   ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.
  •   එලෙසින්ම සුළු ජාතිකයකු කෙරෙහි කිසි විටෙක විශ්වාසය තැබිය නොහැකිය.
  •   අධිකරණ පද්ධතිය දූෂණයෙන් පිරී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ගිණුමේ සටහනක් තබා ඇත.
 
එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.
 
ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.
 
මේ කියමන තවත් සරල කොට දක්වතොත් මෙසේය .
 
සුළුතරය වූ පමණින්ම මතය නිවැරැදි ය.
 
බහුතරය වූ පමණින්ම මතය වැරැදි ය.
 
අලි සබ්‍රි ගේ කතාවට අපටත් කතා එක් කළ හැකිය.
 
ඒවා මෙසේය.
 
 
කූඩැල්ලා කිසි දිනෙක මෙට්ටය මත තැබිය නොහැකිය.
 
එලෙසින්ම සුළු ජාතිකයකු කෙරෙහි කිසි විටෙක විශ්වාසය තැබිය නොහැකිය.
 
සර්ව සාධාරණ මිනිසකු යැයි සිතූ අලි සබ්‍රිත් හැසිරෙන්නේ මෙසේ නම් ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි ‍යන්න දැන්ම තියා වටහාගත හැකිය.
 
බල්ලා ගේ වැඩේ බූරුවා කරන්න ‍යනවා යැයි කියමනක්  අප අතර වෙයි.
 
අලි සබ්‍රි අධිකරණ ඇමැතිවරයා මේ කතා කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරිය ගේ විෂය පථයට අදාළ කරුණක් පිළිබදව ය.
 
අනෙක් අතට ඔහු කතා කරන්නේ තම ජාතියට අදාළ කරුණක් පිළිබදව ය.
 
මේ රටේ අධිකරණ ඇමැතිවරයාට මුහුණ දීමට කොරෝනාවට වඩා බරපතල ප්‍රශ්න තිබේ.
 
අධිකරණ පද්ධතිය දූෂණයෙන් පිරී ඇත.
 
නඩු දිග්ගැස්සෙමින් පවතී.
 
ළමා අපචාර කරන්නවුනට ලැබෙන දඩුවම් ප්‍රමාණවත් නැත.
 
තරුණියකගේ ජීවිතයම විනාශ කරන ස්ත්‍රී දූෂකයකුට ලැබෙනුයේ වසර ගණනක සිර දඩුවමකි.
 
සල්ලිකාරයන්ට එක නීතියකි.
 
දුප්පතුන්ට තවත් නීතියකි.
 
මීට කලකට පෙර විශාඛා විද්‍යාලයේ ගුරුවරියක් විභාග වංචාවක් කර අතටම හසු විණි.
 
මේ ගුරුවරියත්, ඇගේ සැමියාත් රනිල් වෙනුවෙන් කඩේ ගොස් 2005 අවසානයේ දී මහින්දට වැඳ සමාව ගෙන පැත්ත මාරු කළ උදවියයි.
 
කැප්ටන් නෙවිල් ගේ දියණිය ඉගෙන ගත්තේ මේ ගුරුවරියගේ පංතියේ ය.
 
ඇයට ලැබුණු දඩුවම කුමක්ද ?
 
අදටත් කිසිවක් සිදු වී නැත.
 
අහිංසක පාසල් දරුවකු මේ වරද කළා නම් ඔහුට ජීවිත කාලයටම විභාග තහනම් ය.
 
අලි ටෝක් දමන අලි සබ්‍රි ඇමැතිතුමනි, 
මේවා ගැන ඔබතුමාට කියන්නට ඇත්තේ කුමක්ද ?
 
මෙවැනි ජඩකම් ගැන ඔබතුමා ෆේස්බුක් සටහන් යොදන්නේ කවදාටද?
 
අලි සබ්‍රි ව අධිකරණ ඇමැති කළේ රටට එක නීතියක් ගෙන එන්නට ය.
 
එසේ නැතිව එක් එක් ජාතියට එක් එක් නීති ගෙන එන්නට නොවන බව මතක් කළ යුතුය.
 
මේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ මොහොමඩ්ලා ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වනවාට වඩා ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම සාධාරණ බවයි.
 
අලි සබ්‍රි ගිරිය පුප්පන් කෑ ගසන කතාව කිව්වේ විමල් වීරවංශට පහර ගසන්නට ‍ය.
 
ඔහු මෙලෙස පහර ගසන්නේ සතියකට වරක් එකට ඉඳගන්නා තවත් එක් කැබිනට් සාමාජිකයකුට එරෙහිව ය.
 
වැදගත් මහත්තයකු යැයි සිතූ අලි සබ්‍රි ගෙන් අප මර්වින් සිල්වා කෙනකු ප්‍රාර්ථනා කළේ නැත.
 
අනෙක් අතට වහෙන් ඔරෝ භාෂාවකින් තම කැබිනට් සාමාජිකයකුට මෙලෙස පහර ගසන විට කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට සිදුවන්නේ කුමක්ද ?
 
අනෙක් අතට මෙවැනි අල්ජ්ජි ප්‍රකාශ කරන විට සෙසු කැබිනට් සාමාජිකයන් නපුංසකයන් සේ බලා සිටින්නේ ඇයි?
 
අලි සබ්‍රි ට අධිකරණ ඇමැති ධූරය පිරිනැමීමට එරෙහිව රටේ වීරෝධයක් මතු විය.
 
අලි සබ්‍රි විසින් මේ වන විට එම වීරෝධය සාධාරණීකරණය කරමින් සිටියි.
 
අලි සබ්‍රි වැළලීමේ න්‍යාය සනාථ කිරීමට ළමයකු ගේ තර්කයක් ගෙන හැර පායි.
 
ඉටි කොළවලිනුත් ඔතා පෙට්ටියත් සීලි කර වල දැමූ පසු කොරෝනා වෛරසය පැතිරෙන්නේ කෙසේදැයි එම ළමයා ඇසූ ප්‍රශ්නයකට දක්ෂ නීතිඥයකු වූ අලි සබ්‍රි ද නිරුත්තර වී ගියේලු.
 
මේ රටේ අධිකරණ ඇමැතිවත් නිරුත්තර කළ හැකි එවැනි දක්ෂ දරුවකු සැබැවින්ම සිටිය යුත්තේ අධිකරණ ඇමැති පුටුවේ ය.
 
ඒ වෙනුවට අප සිදුකර ඇත්තේ කුමක්ද ?
 
ළමයකු අධිකරණ ඇමැති කිරීම නොවේද ?
 
ගරු අලි සබ්‍රි අධිකරණ ඇමැතිතුමනි, අපේ ගෙවල් ළග ළමයකු මගෙන් මෙසේ ඇසීය.
 
" අලි සබ්‍රිත් හැසිරෙන්නේ මෙසේ නම් රවුෆ් හකීම් අතර හෝ රිෂාඩ් බදුර්දීන් අතර හෝ , M.L.A.M හිස්බුල්ලා අතර හෝ අලි සබ්‍රි අතර හෝ ඇති වෙනස කුමක්ද ?"
 
ඒ ප්‍රශ්නයට මා නිරුත්තරය.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...