BREAKING
Top Ad
ඇට මැස්සා

නොපෙනෙන දෙවිවරු - ඇටමැස්සා (59)

T

The Leader

November 19, 2020 • 12:24 AM

නොපෙනෙන දෙවිවරු - ඇටමැස්සා (59)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා පළමු රැල්ල ගෙවී ගොසිනි.
  •   ආණ්ඩුව ඇනගත්තොත් කෙළවෙන්නේ රටට බව කාටවත් නොවැටහේ.
  •   මේ මතු පිටින් පෙනෙන්නට ඇති කරුණු කාරණාය.
  •   කන්න දුන් බත් පතට ආඬපාලි කියද්දීත් ඔවුන් නතර වූයේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
දැන් තිරගත වන්නේ එහි දෙවැනි රැල්ලයි.
 
දිනපතා අපේ මාධ්‍යවල වාර්තා වන්නේ කොරෝනා ආසාදිතයින් ගණනය.
 
කොරෝනා මරණ ගණනය.
 
ඒවා වාර්තා කරන්නේ ද හරියටම ක්‍රිකට් මැච් එකක ලකුණු වාර්තා කරන අන්දමටය .
 
විපක්ෂයට දවස ගෙවා ගන්නට කොරෝනාව හොඳ මාතෘකාවකි.
 
ජ.වි.පෙ.ට පෙනෙන්නේ ලංකාව නොවේ, කේරළය යි.
 
කිසිදා කිසිදු හොඳක් නොදකින මේල් නර්ස්ගේ ලේ කඳුලක් නැති මුහුණට පෙනෙන්නේ ඇද කුද පමණි.
 
මේ සියල්ලම බලා සිටිනුයේ කොරෝනාව හමුවේ ආණ්ඩුව ඇනගන්නා තුරුය.
 
ආණ්ඩුව ඇනගත්තොත් කෙළවෙන්නේ රටට බව කාටවත් නොවැටහේ.
 
විවේචකයින්ට, සමාජ මාධ්‍ය ජාලා හසුරුවන්නන්ට කොරෝනා හොඳ බයිට් එකකි.
 
පසෙකින් PCR පරීක්ෂණ සම්බන්ධ වාද විවාද ය.
 
තවත් පසෙකින් Rapid Antigen Test පිළිබද වාද විවාද ය.
 
මේ මතු පිටින් පෙනෙන්නට ඇති කරුණු කාරණාය.
 
ඊට යටින් අපට නොපෙනෙන බොහෝ කරුණු කාරණා තිබේ.
 
කොරෝනා මර්දනය කරන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන පිරිසක් අප අතර වෙති.
 
ඔවුන් ජීවත් වන්නේ කොරෝනා උවදුර ඉදිරියෙන් තබාගෙනය.
 
ඔවුන් සේවය කරන්නේ කොරෝනා අනතුර දැක දැකය.
 
අපේ ජනතාවගේ වගකීම් විරහිතභාවය, නොසැලකිලිමත් කම හමුවේ පවා ඔවුන් නතර වූයේ නැත.
 
ඔවුන්ගේ සේවයට නිසි ගරුත්වයක් ලැබුනේ නැත.
 
සුළු අතපසුවීමකට පවා ලැබුනේ ගැරහුම් ය.
 
කන්න දුන් බත් පතට ආඬපාලි කියද්දීත් ඔවුන් නතර වූයේ නැත.
 
නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් මදි යැයි උද්ඝෝෂණය කරද්දී පවා ඔවුන්ගේ සේවය නතර නොවීය.
 
අපි එකින් එක ගනිමු.
 
කොරෝනා උවදුර හමුවේ අපේ රටේ සෞඛ්‍ය අංශ කළ, මේ මොහොතේ පවා කරමින් සිටින මෙහෙවර අති මහත් ය .
 
ඒ අතර වෛද්‍යවරු වෙති.
 
හෙදියෝ වෙති.
 
ඇටෙන්ඩන්ට් ගේ පටන් රෝහල් භූමිය පිරිසිදු කරන්නා දක්වා වූ සියලුම සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජිකයෝ වෙති .
 
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙති.
 
 
ඇම්බියුලන්ස් ‍රියැදුරු මහත්වරු, එහි කාර්ය මණ්ඩලය වෙති.
 
මියගිය රෝගීන්ගේ මිනී ගෙන යන්නා ගේ පටන් මිනී වළවල් කපන්නා දක්වා සේවකයෝ රැසක් ඒ අතර වූහ.
 
හමුදාපතිවරයාගේ පටන් සමස්ත ත්‍රිවිධ හමුදාවම කොරෝනා මර්දන වැඩ පිළිවෙළට සක්‍රිය දායකත්වයක් දැක්වූහ.
 
සියලුම පොලිස් නිලධාරීහු නොපැකිලව තම සේවය සැලසූහ.
 
මේ සියල්ලටම අමතරව කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ‍රජයට ජාතික වැඩ පිළිවෙළක් තිබෙන බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
 
PCR පරීක්ෂණවල සිට රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද, ස්ථානීය ප්‍රතිකාර ප්‍රතිපත්ති, නිරෝධායන ප්‍රතිපත්ති, නිරෝධයනය වන පුද්ගලයකු අධීක්ෂණය කිරීම, හුදකලා කිරීම, නිරෝධායන ඇඳිරි නීතිය,ලොක්ඩවුන් කිරීම ආදී දක්වා සියල්ලම සැලැස්මකට අනුව සිදු කෙරේ.
 
අප නොදන්නා, මුහුණුවත් දැක නැති බොහෝ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ වෙනුවෙන් කැප වී සිටිති.
 
එහෙත් මේ කිසිවක් අපට නොපෙනේ.
 
අප දකින්නේ අඳුරු පැත්ත පමණි.
 
අප දකින්න ආසා කරන්නේ අසුබවාදී පැත්ත පමණි.
 
එහෙත් ඒ කිසිවකට මේ මිනිසුන් මේ මොහොතේ පවා තම දිවි දෙවැනි කොට තබමින් කරමින් සිටින සේවය යටපත් කිරීමට ඉඩ දිය යුතු නොවේ.
 
සැබැවින්ම මේ මනුෂ්‍යයෝ  නොවෙති.
 
අප සමගම වෙසෙනා දෙවිවරුන් ය.
 
මේ ආචාරය ඒ සැමටයි.
 
 
(ඇටමැස්සා )
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...