BREAKING
Top Ad
ඇට මැස්සා

අද මෙතන හෙට අතන - රංජිත් නොව මම රතන- ඇටමැස්සා (27)

T

The Leader

September 21, 2020 • 4:07 AM

අද මෙතන හෙට අතන - රංජිත් නොව මම රතන- ඇටමැස්සා (27)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැලිවිට ශ්‍රී සරණංකර, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල, පැලෑනේ වජිරඥාන වැනි අතීතයේ වැඩ විසූ
  • එහෙත් රතන සීහිපත්වන විට ඇති වන්නේ බඩු කලවම් වූ ගල් අරක්කු බෝතලයක් බිව්ව දාට පසු දා ඇතිවන අන්දමේ අපුල හැඟීමකි.
  •  2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් රතන සිවුරකුත් ඇඳගෙන පාර්ලිමේන්තුවට ගියේය.
  • රතන 2004 ආරම්භ කළ ජාතික හෙළ උරුමයේ සමාරම්භක  සාමාජිකයෙකි.  රතන රටවැසි පෙරමුණ, ජනතා මිතුරෝ සංවිධාන හරහා සීහළ උරුමය හරහා අවසානයේ ජාතික හෙළ උරුමය දක්වා ගමන් ගන්නේය.  අදටත් රතනලා දේශපාලනයේ යෙදී සිටින්නේ සෝම හාමුදුරුවන්ට පිංසිද්ධ වන්නටය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංඝ පීතෘවරුන් සිහිපත් වන විට සිතේ ඇතිවන්නේ පහන් හැඟීමකි.

එහෙත් රතන සීහිපත්වන විට ඇති වන්නේ බඩු කලවම් වූ ගල් අරක්කු බෝතලයක් බිව්ව දාට පසු දා ඇතිවන අන්දමේ අපුල හැඟීමකි.

දේශපාලන ලෝකයේ දී අපට නොයෙකුත් ගේම් කාරයන් හමුවේ. රනිල්ගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ හොඳ දේශපාලන ගේම්කාරයෙකි.

 ජේ ආර් ජයවර්ධන ද එවැනිම දේශපාලන ගේම් කාරයෙකි.

බැසිල් රාජපක්ෂය ද අංක එකේ දේශපාලන ගේම් කාරයෙකි.

මොන ගේම් එක ගැහුවත් මේ සියලුදෙනාම ඔවුන්ට ආවේණික ආචාර ධර්ම පද්ධතියක් තුළ ක්‍රියාත්මක වූහ.

එහෙත් රංජිත් වැලිකන්ද හෙවත් රතන යනු මෙලෝ ආචාර ධර්මයක් නැති කෂඩම දේශපාලන ගේම් කාරයෙකි.

චම්පික රයිගමයා නම් රතන ගම්පලයා වන්නේය. 

චම්පික තබන හැම දේශපාලන පියවරක්ම රත්න දන්නවා සේම රතනගේ හැම දේශපාලන පියවරක්ම චම්පිකත් දනී යි.

රතනගේ උපන්ගම අතුරලියයි. කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ වන දොස්තර එස්. ඒ.  වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨයකු ද බිහි වුයේ දමේ ග්‍රාමයේ ය.

වැව්රුකන්නල  බුදුරජ මහා විහාරය නම් පන්සලේ රතන පැවිදි වූයේ සද්ධම්මවංශ නිකායේ යි. 

දැන් නම් රතන නියෝජනය කරන්නේ දේවදත්ත නිකාය විය යුතුය.

රතන පැවිදි වූයේ ආචාර්යවරුන් දෙදෙනෙකු යටතේ ය.

ඒ සුමංගල හා කොටුගොඩ ඤාණාලෝක නාහිමිවරුන් යටතේය.

දැන් රත්න පැවිදි වී සිටින්නේ චම්පික රණවක යටතේය.

රතනගේ විශ්වවිද්‍යාල ජීවිතය සටන්කාමි එකකි. 

ඉන්දු ලංකා ගිවිසුම පරාජය කිරීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේදී කැපී පෙනුණ නායකයෙකු වූ රතන පසුකාලීනව ඉන්දු ලංකා ගිවිසුම ගෙනා උන්ගේ ම තුරුළට ගියේය.

 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් රතන සිවුරකුත් ඇඳගෙන පාර්ලිමේන්තුවට ගියේය.

රතන 2004 ආරම්භ කළ ජාතික හෙළ උරුමයේ සමාරම්භක  සාමාජිකයෙකි. 

රතන රටවැසි පෙරමුණ, ජනතා මිතුරෝ සංවිධාන හරහා සීහළ උරුමය හරහා අවසානයේ ජාතික හෙළ උරුමය දක්වා ගමන් ගන්නේය. 

අදටත් රතනලා දේශපාලනයේ යෙදී සිටින්නේ සෝම හාමුදුරුවන්ට පිංසිද්ධ වන්නටය.

සෝම හාමුදුරුවන්ගේ දේහය විකුණමින් පැමිණෙන රතන පාර්ලිමේන්තු අසුනක් ප්‍රථම වරට දිනාගන්නේය.

රතනට අද සෝම නමින් හිමිනමක් වැඩ හුන්නේද යන්න වත් මතක දැයි නො දනිමි.

ජාතික හෙළ උරුමය පිටුපස සිටියේ යූඑන්පීය බව ප්‍රසිද්ධ රහසකි.

යූඑන්පිය ජාතික හෙළ උරුමය ඇති කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ඇති ජාතිකවාදී බලවේග කඩා විසූරවන්නටය.

එහෙත් ඒ වෙනුවට සිදුවූයේ යූ.එන්.පී. ය  වටා සිටි ජාතිකවාදී බලවේග බුරුතූ පිටින් ජාතික හෙළ උරුමය වටා එක්වීමයි.

මේ රටේ භික්ෂුවකට යම් ගෞරවයක් තිබුණේද එය බින්දුවටම ඇද දැමුවේ රතනලාගේ මේ කුප්ප දේශපාලනය  විසිනි.

පාර්ලිමේන්තුව තුළම මවින්ලා වැනි පරයින් භික්ෂූන්ගේ බෝල මිරිකන තත්ත්වයට පත්වූ කල භික්ෂු ගරුත්වය ගැන කවර කතාද....?

ජාතික හෙළ උරුමය බිහි කිරීමේ යූඑන්පී සිහිනය මල්ඵල ගැනුනේ 2015 වර්ෂයේ දීය.

ඒ චම්පික-රතන ඇතුළු සියල්ල යූඑන්පී යහපාලන මඩ ගොහොරුවේ සෙසු අම්බරුවන් බවට පත් කරමින්ය.

2015දී සිවුර කඩාගත් රතන 2020 දී අඳනකඩය ද කඩා ගත්තේ ය.

අපගේ සංසාරයට නිමක් නැත්තෙ යම් සේද රතනගේ බල තණ්හාවට ද නිමක් නැත. 

ඔහුගේ බල තණ්හාව අගක් මුලක් නැති සසර වැනිය.

රතන දන්නා දහංගැට සියල්ලම දමමින්  දගලනුයේ තම පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු  මන්ත්‍රීකම ඩැහැ ගැනීමටය. 

එය හරියට බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් මෙනි. 

ලේකම් හිමියන් පැහැරගැනීම, රතන අතුරුදහන් වීම ඇතුළු සිද්ධි ගණනාවක් ඔස්සේ රංගනය දිවයයි.

රතන ජීවත්වන්නේ ඔබේසේකරපුර 'සදහම් සෙවනේ' ය.

අදහම් වඩිමින් වුවත් රතන ජීවත් වීමට සදහම් සෙවන ඉඩම ලබාගන්නේ රාජපක්ෂවරුන්ගේ පිහිටෙනි.

ඊට යාබද ගොහොරු ඉඩම ගොඩකර තම පන්සලට ලබාගැනීමට ඉඩ නොදීම නිසා රතනගෙ රාජපක්ෂ විරෝධය ඉස්මතු විය.

ඒ හැර වෙනත් කිසිදු දේශපාලන කාරණාවක් රතනගේ මේ 2015දේශපාලන පිම්මට හේතු පාදක  නොවීය.

2020 මහමැතිවරණයේ දී කිසිදු භික්ෂුවකට නාම යෝජනා ලබා නොදෙන්නැයි කළ ඉල්ලීම පක්ෂ නායකයන් පිළිගත් පසු භික්ෂූන් ලෙස පෙළගැසී ඡන්දයට ඉදිරිපත් වූයේ රට ජාතිය ගැන ඇති මෙලෝ මඟුලක ආදරයක් නිසා නොව රතනලා නිවන් මගටත් වඩා අගය කරන පර්මිට් මග නිසාමය.

දේශපාලනයේදී දෙයාකාරයකින් ක්‍රියා කළ හැකිය. 

එකක් රාමුව තුළ සිට කරන දේශපාලනයයි .අනෙක රාමුව පිටත සිට කරන දේශපාලනය යි.

රාමුව තුළ සිට කරන දේශපාලනය පාර්ලිමේන්තුව තුළ සිදුවන්නකි.

රාමුවෙන් පිටත දේශපාලනය පාර්ලිමේන්තුවෙන් පිටත කරන්නෙකි.

රතන  රාමුවෙන් ඇතුළත දේශපාලනය තෝරාගතහොත් රතන යනු තනි පුද්ගලයෙක් පමණි.

එහෙත් රාමුවෙන් පිටත දේශපාලනයේදී රතනට විශාල බලපෑමක් කළ හැකිය.

පාර්ලිමේන්තු ආසනය ට ඇති ලෝභ කම අතහැර රාමුවෙන් පිටත දේශපාලනය තෝරා ගතහොත් රතනගේ අඳනකඩයේ පටන් තැවරී ඇති මඩ කන්දරාව සෝදා ගත හැකි වනු ඇත.

රතනට මේ මොහොතේ ඇති හොදම විසදුම වන්නේ එයයි.

චම්පික ගෙන් තොර දේශපාලන අනාගතයක් රතනට නැත.

එහෙත් රතනගෙන් තොර දේශපාලන අනාගතයක් චම්පිකට ඇති බව රතන වටහා ගත යුතුය.

මේ මොහොත වන විටත් රතන, ඥානසාරගේ සිවුරත්, ඥානසාර රතනගේත් සිවුරු ගලවමින් සිටි.

රතන, ඥානසාරගේ මවු බිසවටත්, ඥානසාර රතනගේ මව්බිසවටත් පිටපිට බවුන්සර් යවමින් සිටි.

රතනට දැන් කළ යුතුව ඇත්තේ මේ සියල්ල අතහැර දමා ගොස් මහණ වීමයි.

රතන ට රත්නත්‍රයේම පිහිටයි.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...