BREAKING
Top Ad
ඇට මැස්සා

සාහිත්‍යය කන්නද? - ඇටමැස්සා (33)

T

The Leader

September 29, 2020 • 8:45 AM

සාහිත්‍යය කන්නද? - ඇටමැස්සා (33)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඓතිහාසික කියමන කියන ලද්දේ මෙවැනි සාහිත්‍යය මාසයේදී ඓතිහාසික මාතර පුරවරයේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති උතුමාණන් වහන්සේ විසිනි.
  • අඹේවෙල පට්ටියට පසු මේ රටට වැඩිම හරකුන් පිරිසක් දායද කර දෙන ලද්දේ කොළඹ රාජකීය හා ශාන්ත තෝමස් පාසල් දෙක විසින් බව ඔවුනට ගෞරවයක් වශයෙන් සදහන් කළ යුතුය.
  • රට ගැන ඔවුන්ගේ ආකල්ප දකින විට අපටත් වඩා රට ගැන ඇති වන්නේ දුකකි.  සාහිත්‍යය නොදත් ඉංග්‍රීසි දත් පරපුරකින් මීට වඩා යමක් බලාපොරොත්තු වීමටත් නොහැකිය.
  • එවන් තැනැත්තා නිරවුල් මනසක් ඇති කර ගනියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්. ගේ කතාවේ වැරැද්දක් නැත.

ඔහු එයින් අදහස් කළේ සාහිත්‍යය ඉගෙනගෙන රස්සාවක් කොරන්ඩ බැහැයි කියාය.

 ජේ.ආර්. ක්‍රියාත්මක කරන්නට යෙදුණු ධනවාදී ආර්ථික ක්‍රමයේදී සාහිත්‍යයට ලැබෙනුයේ ලකුණු බිංදුවකි.

ජේ.ආර්. ගේ ආර්ථික න්‍යායට අනුව කන්න බැරි සාහිත්‍යය පමණක් නොවේ.

සිංහල කන්න බැරිය.

ආගම කන්න බැරිය.

සෞඛ්‍ය කන්න බැරිය.

පරිසරය කන්න බැරිය.

ඉතිහාසය කන්න බැරිය.

ජේ.ආර්. ට අනුව කන්න පුලුවන් එකම දේ ඉංග්‍රීසි පමණය.

එහි වරදක් නැත.

ඉංග්‍රීසි පමණක් දන්තවා නම් වෙන මෙලෝ මළදානයක් නොදැන ගත්තත් කමක් නැත.

මේ සත්‍යය අද බොහෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල විධායක මට්ටමේ නිලධාරින් විසින් ඔප්පු කරමින් සිටී.

අඹේවෙල පට්ටියට පසු මේ රටට වැඩිම හරකුන් පිරිසක් දායද කර දෙන ලද්දේ කොළඹ රාජකීය හා ශාන්ත තෝමස් පාසල් දෙක විසින් බව ඔවුනට ගෞරවයක් වශයෙන් සදහන් කළ යුතුය.

නොයෙකුත් අවස්ථාවලදි අපට මොවුන් හමුවේ.

රට ගැන ඔවුන්ගේ ආකල්ප දකින විට අපටත් වඩා රට ගැන ඇති වන්නේ දුකකි. 

සාහිත්‍යය නොදත් ඉංග්‍රීසි දත් පරපුරකින් මීට වඩා යමක් බලාපොරොත්තු වීමටත් නොහැකිය.

සාහිත්‍යය තුලින් සිදු වන්නේ එය පරිශීලනය කරන්නාගේ මනස උද්දීපනය වීමයි.

එවන් තැනැත්තා නිරවුල් මනසක් ඇති කර ගනියි.

ඔහු නිදහස් ලෙස සිතයි. 

පතයි.

නිදහස්ව නිරවුල්ව සිතන මිනිස්සුත් ජේ.ආර්. වැනි පාලකයන් දකින්නේ රජයට තර්ජනයක් ලෙසිනි.

ජේ.ආර්. කළු ලකී ලවා විනිසුරුවරුන්ට "හූ" කියවන්නේ එබැවිනි.

ගැටඹේ පන්සලට කටු කම්බි ගසන්නේ එබැවිනි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට, මාදුළුවාවේ සෝභිත හිමියන්ට බෞද්ධාලෝක මාවතේදීම සිංහල බෞද්ධ සිරිල් මැතිව් ලව්වා කුණු කාණුවක ඔබා ගස්සවන්නේ එබැවිනි.

(මේ ටික ලිව්වේ අද සිටින කෙන්දක් අල්ලාගෙන කන්දක් මවන ෆේස්බුක් පිම්පියන් ෆෝම් කරනු පිණිස නොවන බව කරුණාවෙන් සලකත්වා)

එක අතකට සෝභිත හාමුදුරුවන්ට ජේ.ආර්. ගහපු එක හරි.

මොකද යූ.එන්.පී. ආණ්ඩුවෙන් ගුටි කාපු සෝභිත හාමුදුරුවෝ කිසි ලැජ්ජාවක් නැතුව 2015 දී යූ.එන්.පී. ස්ටේජ් එකට නගිනවා.

ජේ.ආර්. සාහිත්‍යය කන්නද කියලා ඇහුවම මගෙ පරණ කාර්යාලයේ කතාවක්  මතක් වුණා. 

වරක් අපි මහාචාර්ය ජේ. බී. දිසානායකයන්ව දේශනයකට ගෙන්නුවා.

මේක ආරංචි වුණු එක් බවලතියක් අහනවා,
" කවුද අනේ ජේ. බී. කියන්නේ ...?"

ඊළඟට ලෙනින් ගේ හැඩේ කේක් එකක් හදලා රුසියානුන් කාපු දවසේ තව කෙනෙක් අහනවා 
" කවුද අනේ ලෙනින් කියන්නේ ..?"

මේවා බොහොම ආඩම්බරයෙන් අහපු දේවල්.

කේමදාසයන් ආපු දවසෙත් මෙහෙම වුණා. 

මාස්ටර් මාත් එක්ක කතා කරලා ගියාට පස්සේ එකෙක් අහනවා "... කවුද බං ...? ටිකක් දැකලා පුරුදු ඩයල් එකක් ..."

ලස්සනම කතාව  වුණේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිංතූරයක් දැකලා අහපු එකයි.

"... මචං මේ අර ගෝල්ෆේස් එකේ හිටගෙන ඉන්න පොර නේද? "

මේ ආකාරයටම අමරදේවයන් සම්බන්ධයෙන්ද කතාවක්  ඇති විය.

සාහිත්‍යය කන්නදැයි ජේ.ආර්. එදා එලෙස ඇසුවත් අද ඒ පරම්පරාව බිහිවී ඇත්තටම බිහිවී ඇත.

සෝවියට් දේශය හරහා පැමිණි එන්. රැඩ්ලොව් ගේ පිංතූර කතා, වි. සුතේයෙව්ගේ කතන්දර හා පින්තූර , ලස්සන වසීලිස්සා, වැඩ බැරි දාසගේ කතා,වැනි සුන්දර ළමා පත පොත අත පත ගෑ පරපුර එකින් එක ගිලිහෙමින් පවතී.

සෝවියට් සමූහාණ්ඩුව බිද වැටීමත් සමග අපේ රටේ ළමා සාහිත්‍යයත් අභාවයට ගියේය.

පොත් ප්‍රදර්ශනයකට පැමිණ පොප් කෝන් කා මල් පැල රැගෙන යන්නවුන් ගෙන් සාහිත්‍යය ප්‍රබෝධයක් ප්‍රාර්ථනා කළ නොහැකිය.

ජේ.ආර්. නැතත් ඔහු පැතූ කුල්ටූර් සමාජය බිහිවී ඇත.

සාහිත්‍යය කන්නදැයි අසන්නට ජේ.ආර්. කෙනෙක් උවමනා නැත.

එසේ අසන ජේ.ආර්. ලා සිය දහස් ගණනක් තරුණ පරපුර තුලින්ම බිහිවී ඇත.

ජේ.ආර්. හිටියා නම් අද ඔහු වෙනුවෙන් නිකුත් වෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ග්‍රන්ථයට වඩා මේ ආතක් පාතක් නැති තරුණ පරපුර දැක සතුටු වනු ඇත.

අද මෙම පොතේ දොරට වැඩුමට පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් රැසක් පැමිණෙනු ඇත.

ජේ.ආර්. ගෙන් ඔවුන් ට ගත හැකි එක පාඩමක් ඇත.

එනම්, ජේ.ආර්. ද මියගිය බවය.


(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...