BREAKING
Top Ad
ඇට මැස්සා

ගෝ‌ඨාට එරෙහි කුමන්ත්‍රණයක්...!

T

The Leader

August 14, 2020 • 6:48 AM

ගෝ‌ඨාට එරෙහි කුමන්ත්‍රණයක්...!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙළ දිහා කවුරුත් බලාගෙන ඉන්නේ.
  • අමාත්‍යාංශය 28 කින් හා රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය පසුගියදා දිවුරුම් දුන්නා.
  • මේක දේශීය ඇඟළුම් නිපැයුම් ප්‍රවර්ධන අමාත්‍යංශය ලෙස නම් කරලා විෂය පථයට බතික්, අත්යන්ත්‍ර රෙදි කියලා දැම්ම නම් කොච්චර ලස්සනද?
  • වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ නිසාම සුළු වැරැද්දක් වුනොත් ලොකුවට පේන්න පුළුවන්. හැබැයි මේක එහෙම දෙයක් නෙමෙයි.

රාජ්‍ය  සේවයම විහිළුවට ලක් කිරීමක්.

අමාත්‍යාංශය 28 කින් හා රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය පසුගියදා දිවුරුම් දුන්නා. ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශ වලට දාපු නම් වලයි.

ඒක හරියට කඩේට ගෙනියන බඩු ලිස්ට් එක වගේ.

අපි අරන් බලමු දයාසිරි ජයසේකරට දීපු අමාත්‍යාංශය.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන අමාත්‍ය.

මේක දේශීය ඇඟළුම් නිපැයුම් ප්‍රවර්ධන අමාත්‍යංශය ලෙස නම් කරලා විෂය පථයට බතික්, අත්යන්ත්‍ර රෙදි කියලා දැම්ම නම් කොච්චර ලස්සනද?

තව දුරට යමුකෝ...

තවත් රාජපක්ෂවරයෙක් වන ශෂීන්ද්‍රට දීලා තියෙන අමාත්‍යාංශය මොකක්ද?

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය.

ඇයි හත්දෙයියනේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කියලා දීලා විෂය පථයට අර ලිස්ට් එක දැම්ම නම් හෙණ ගහනවා ද?

ප්‍රසන්න රණවීර ඇවිල්ලා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු ග්‍රාමීය කර්මාන්ත. මේකට ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය කියලා දාලා විෂය පථයට පිත්තල, මැටි, ලී බඩු කියලා දාන්න පුළුවන් කම තිබුණා නේද? (ඕන නම් මිරිස්කුඩුත් ඇතුලත් කරන්න තිබුණා)

ඇත්තටම මේ නම් දැමිල්ලෙන් වෙලා තියෙන්නේ අමාත්‍යාංශයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් රාජ්‍ය සේවකයිනුත් හෑල්ලුවට ලක් කිරීමයි.

අපි මෙහෙමත් හිතමු.

ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ වැඩ කරන ගෑනු ළමයෙකුට එයාගෙ පැරණි ගුරුවරියක් හමු වෙනවා.

ඒ ගුරුවරිය අහනවා “ඔයා දැන් මොකේද වැඩ කරන්නේ ?” කියලා එතකොට ඒ ගෑනු ළමයා උත්තර දෙන්න ඕන මෙහෙමයි.

“මිස් මං වැඩකරන්නෙ උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග සංවර්ධන ආශ්‍රිත.....

මේක බොහෝ විට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට එරෙහිව කරපු පළමු කුමන්ත්‍රණය ද?

ජනාධිපතිතුමනි හොයලා බලන්න...

Cartoon Ministers lanka

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...