BREAKING
Top Ad
ඇට මැස්සා

මැදමුලනේ වැළපුණ අය හා විජේරාමේ වැළලෙන අය -ඇටමැස්සා

T

The Leader

August 16, 2020 • 1:14 AM

මැදමුලනේ වැළපුණ අය හා විජේරාමේ වැළලෙන අය -ඇටමැස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරණි මතකවල ඇති අවංකකම, සුන්දරත්වය වත්මන් මතකවලට නැත.
  • 2015 දී මහින්ද මහත්තයා පරාද වෙලා ගෙදර ගියා.
  • ඔවුන්ගේ හදවත් පිරී තිබුනේ රට බේරාගත් නායකයා පිළිබද, (දේශපාලන කුහකත්වයේ ph අගයට සාපේක්ෂව මෙය වෙනස් විය හැකිය.) තම ආදරණීය නායකයා පිළිබද ගෞරවය පමණයි.
  • 2020 දි විජේරාම මාවතේ ඒ බස් රථ දකින්නට නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේ පැරණි පිංතූරයක් හා අද ඊයේ ගත් පිංතූරයක් අරන් බැලූවිට කොයි තරම් දේවල් ඒ දෙක අතරේ කියවෙනවද? මේ මතක්කර දෙන්න යන්නෙත් එවැනි අතීතයක් හා වර්තමානයක්.

2015 දී මහින්ද මහත්තයා පරාද වෙලා ගෙදර ගියා. (මහින්ද මහත්තයා එහෙම වුණාට රනිල් මහත්තයා එහෙම නෑ.)

එදා එහෙම ගෙදර ගිය මහින්ද මහත්තයාව හොයාගෙන මැදමුලනට ගියේ දුප්පත් අහිංසක මිනිස්සු.

රටේ හතර දිග්බාගයෙන්ම ආපු අසරණ මිනිස්සු.

සිය දහස් ගණන් අව්‍යාජ මිනිස්සු.

මේ මිනිස්සු ගියේ හිස් අතින්ම නෙවෙයි.

තම තමන්ට පුළු පුළුවන් හැටියට ගෙදර කොටා ගත්තු හාල් මල්ලක් , කුරහන් ටිකක්. අඩුම තරමේ බිස්කට් පැකට් එකක් හරි අරගෙනයි මේ මිනිස්සු පෙළ ගැහිලා ආවේ.

තම දහඩිය මහන්සියෙන් හරි හම්බ කරපු සල්ලි එකතු කරලා, බස් රථ කුළියට අරන්, ගම් පිටින්, පවුල් පිටින් අර ගෙනයි එදා මේ මිනිස්සු මැදමුලනට ආවේ.

මේ මිනිසුන්ගේ හදවත් තුළ කිසිදු ලාබ ප්‍රයෝජන හැගීමක් තිබුනේ නෑ.

ඔවුන්ගේ හදවත් පිරී තිබුනේ රට බේරාගත් නායකයා පිළිබද, (දේශපාලන කුහකත්වයේ ph අගයට සාපේක්ෂව මෙය වෙනස් විය හැකිය.) තම ආදරණීය නායකයා පිළිබද ගෞරවය පමණයි.

අපි දැන් අදට එමු.

2020 දි විජේරාම මාවතේ ඒ බස් රථ දකින්නට නැත.

ඒ අහිංසක මිනිසුන් පෙනෙන්නට නැත.

ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ BMW, අවුඩි, ලෑන්ඩ්කෲසර්, බෙන්ස් ය.

ලොරි වැනි ජීප් රථ ය.

පරාජයේදී මහින්ද අතහැර ගිය මිනිසුන් ය.

ඒ මිනිස්සුන්ගේ වාහන ය.

2015 දී මහින්දට පිටුපා ගිය මිනිසුන් ය.

මහින්දට ගෙදර යන්න වැඩ සැලැස්වූ මිනිසුන් ය.

ලාබ ප්‍රයෝජන , තනතුරු , තාන්න මාන්න සොයා  පැමිණි මිනිස්සුත් ය.

2015 හා 2020 අතර වෙනස මෙන්න මෙයයි.

මහින්ද හොදට මුල මතක ඇති මිනිසෙකි.

මුලදීම මුල මතක් කර දුන්නේ වැඩි හොදට ය.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...