BREAKING
Top Ad
ඇට මැස්සා

මහා පරාක්‍රමබාහු රජ සමයෙන් ආ අමුත්තා -ඇටමැස්සා

T

The Leader

August 19, 2020 • 12:55 AM

මහා පරාක්‍රමබාහු රජ සමයෙන් ආ අමුත්තා -ඇටමැස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා පරාක්‍රමබාහු ‍රජතුමා ජීවත් වුනේ ක්‍රිස්තු වර්ෂ 1153 සිට ක්‍රිස්තු වර්ෂ 1186 දක්වා යි.
  • විශේෂයෙන්ම පරාක්‍රමබාහු යුගයේ දී සහල් අපනයනය කළ බව ප්‍රකට කරුණකි.
  • සහල්වලට අමතරව අලි ඇතුන්, මුතු මැණික් ආදිය ද එකල අපනයනය කරන ලදි.
  • ස්වර්ණවාහිනී ‍යේ "රතු ඉර" වැඩ සටහනකට සහභාගි වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එතුමා ගේ කාලයේදී අප රට විදේශ රටවල් හා බහුල ලෙස ගනුදෙනු කළ බව ඉතිහාසයේ සදහන් වේ.

විශේෂයෙන්ම පරාක්‍රමබාහු යුගයේ දී සහල් අපනයනය කළ බව ප්‍රකට කරුණකි.

සහල්වලට අමතරව අලි ඇතුන්, මුතු මැණික් ආදිය ද එකල අපනයනය කරන ලදි.

එම යුගයේ එකම ප්‍රවාහන මාධ්‍යය  වූයේ මුහුදු මාර්ග පමණි.

නැව්වලින් පැමිණෙන විදේශීය ගැනුම්කරුවන් විසින් මුදල් ගෙවා අදාළ භාණ්ඩ රැගෙන යන ලදි.

එය ඍජු වෙළෙඳාමක් විය.

වර්තමාන තත්වය පරාක්‍රමබාහු යුගයට වඩා වෙනස් ය.

වර්තමාන ලෝකයේ විදෙස් ගනුදෙනුවලදී ගෙවීම් සිදු කරන්නේ (Telegraphic transfers ) විද්‍යුත් ප්‍රේෂණ මගිනි.

මෙය ඕනෑම පොඩි එකෙකු පවා දන්නා කාරණයකි.

එහෙත් තවමත් පරාක්‍රමබාහු යුගයේ වෙසෙන කැබිනට් ඇමැතිවරයෙක් අප රටේ සිටී.

ඔහු තවමත් සිතා සිටින්නේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ මෙන් නැව්වලින් මුදල් ප්‍රවාහනය කරනවා කියායි.

ස්වර්ණවාහිනී ‍යේ "රතු ඉර" වැඩ සටහනකට සහභාගි වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණි.

" ... කොවිඩ් පස්සෙන් ආවා අර යුරෝ අරගෙන, ඩොලර් අරගෙන , අනිකුත් මුදල් අරගෙන ලංකාවට නැව ආවා.... ඔය කියපු මුදල් ටික ඇවිල්ලා තියෙන්නේ .... නැවෙන් ඇවිල්ලා  මහ භාණ්ඩාගාරයට වෙනම දීලා තියෙනවා මෙන්න සල්ලි ටික... ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ බෙදාගෙන යන්න .... එහෙම දුන්නා නම් අපිට තියෙන්නේ ටක් ගාලා අර ඩොලර් මාරු කරන්න රුපියල් 5000/- කොලවලට... නැත්තං බෑනේ බෙදන්න... ආපු ඩොලර් ටික ටක් ගාලා 5000 කොලවලට මාරු කරනවා.... මාරු කරලා බෙදාගෙන යනවා .... "

මේ එදා රෝහිත අබේගුණවර්ධන මහතා, ගරු ඇමැතිතුමා කතා කළ හැටිය.

කියන්න සංතෝසය.

එදා එලෙස කතා කළ එතුමා අද වරාය බාර ගරු ඇමැතිතුමා ය.

ඇත්ත වශයෙන්ම රෝහිත ඇමැතිතුමාට ලැබුනේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් වැනි ඇමැති පදවියකි.

මෙය වටිනා අධ්‍යයන අවස්ථාවකි.

වත්මන් බලධාරීන් රෝහිත ඇමැතිතුමා දෙස අනුකම්පාවෙන් බලා ඔහුට කර ඇත්තේ දෙමාපියන් වත් නොකරන අන්දමේ උපකාරයකි.

දැන් රෝහිත ඇමැතිතුමාට වරාය පුරාම සිත් සේ ඇවිද යා හැකිය. වරායට නැව් පැමිණෙන අයුරුද, ඒවායින් භාණ්ඩ ගොඩබාන අයුරුද, නැව්වලට භාණ්ඩ පටවන අයුරුද, ඒවාට මුදල් ගෙවන අයුරුද නිරීක්ෂණය කළ හැකිය.

ඔබතුමා ජීවත් වූ මහා පරාක්‍රමබාහු යුගයට වඩා වර්තමානයේ ගනුදෙනු සිදුවන අයුරු කෙතරම් සරල හා පහසුදැයි ඔබතුමාට වටහාගත හැකිය.

ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමනි, ඔබතුමාට ලැබී ඇත්තේ 'රත්තරන්' අවස්ථාවකි.

එමගින් ඔබතුමා නිසි ඵල නෙළාගත යුතුය.

එපමණක් නොව මතුයම් දවසක සංසාරයේ කොතැනක හෝ පරාක්‍රමබාහු රජතුමා යලි හමුවුවහොත් එතුමාට ද මේ පිළිබද අවබෝධයක් ලබාදීමට ඔබතුමාට හැකියාව ඇත.

(ඇටමැස්සා FB පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...