BREAKING
Top Ad
ඇට මැස්සා

අගමැති සිහිනයේ කරන්ට් යෑම - ඇටමැස්සා

T

The Leader

August 20, 2020 • 12:40 AM

අගමැති සිහිනයේ කරන්ට් යෑම - ඇටමැස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩ බාරගෙන පැය ගණනක් ඇතුළත මුළු රටේම කතා බහට ලක්වීම සුළු පටු දෙයක් නොවේ.
  • (ඩලස් පැය 2 ක් යනු සාමාන්‍ය පැය 6 කි.) කෙසේ වුවත් ඩලස් විදුලි බල ඇමැති පමණි.
  • එහි අවසන් ප්‍රතිඵලය ලෙස පුවත්පතේ ආයුෂ කෙටි කලෙකින්ම අවසන් විය.
  • ගේ රෙදි අපුල්ලන්නට ගොස් චන්ද්‍රිකා ගෙන් හොඳට ලුනු ඇඹුල් ඇතිව අසා ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එවන් වික්‍රමයක් කළ ඇමැතිවරයෙක් නව පාර්ලිමේන්තුවේ සිටී.

ඒ අන් කවරකුවත් නොව ඩලස් අලහප්පෙරුම ගරු ඇමැතිතුමා ය.

ඔහු කතා බහට ලක් වූයේ අභිනව විදුලි බල ඇමැති ඔහු නිසාත් ගිය සදුදා මුළු රටටම ලයිට් ගිය නිසාත් ය.

මෙහිදී ඔහු මෙට්‍රික් ක්‍රමයට පසුව වේලාව මනින නව මිනුම් ක්‍රමයක් ද හදුන්වා දුන්නේ ලයිට් ඒමටත් පෙරාතුවය.

එය ' ඩලස් ' පැය යනුවෙන් දැන් සමාජගත වී තිබේ. (ඩලස් පැය 2 ක් යනු සාමාන්‍ය පැය 6 කි.)

කෙසේ වුවත් ඩලස් විදුලි බල ඇමැති පමණි.

බල ශක්ති ගම්මන්පිල ළගය.

සූර්ය , සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ල දුමින්ද ළගය.

ඩලස් ගේ අමාත්‍ය්‍යාංශය හරියටම මනමාලි නැති මගුලක් මෙනි.

ඩලස්ට මෙහෙම උනේ ඇයි යන්න සෙවීමට අපි අතීතයට ගමනක් යමු.

කලකට ඉහතදී තිලක් කරුණාරත්න පත්තරයක් අච්චු ගැසුවේය.
පත්තරය "ලක්මිණ" ය.

කර්තෘ සුනිල් මාධව වූ අතර මහාචාර්ය නලින් ද සිල්වා ත්, ඩලස් අලහප්පෙරුම ත් කර්තෘ මණ්ඩල සාමාජිකයෝ වූහ.

ඩලස් එකල අනුර බණ්ඩාරනායක ගේ අනුගාමිකයෙකි.

මෙ සමයේ බණ්ඩාරනායක මැතිණියගේ මූලිකත්වයෙන් පුළුල් ජාතික සංධානයක් ගොඩ නැගෙමින් පැවතිණි .

පුවත්පතේ කර්තෘ සුනිල් මාධවත්, මහාචාර්ය නලිනුත් සංධානය වෙනුවෙන් පෙනී සිටි අතර, සංධානය කැඩීමේ අරමුණ සමග සිටි අනුර බණ්ඩාරනායක ගේ අවශ්‍යතාව වෙනුවෙන් පත්තරේ අයිතිකාරයා වන තිලක් කරුණාරත්නත්, පුවත්පත් කලාවේදී ඩලස් අලහප්පෙරුමත් පෙනී සිටියහ.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස පුවත්පතේ ආයුෂ කෙටි කලෙකින්ම අවසන් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට මහින්ද රාජපක්ෂ මෛත්‍රී වෙනුවෙන් සටන් වදින විට ඩලස් සිටියේ එස්. බී. මහ ලේකම් කරන සටනේ ය.

එනම් මහින්දට එරෙහිව චන්ද්‍රිකා ගේ පාර්ශ්වයේ ය.

පසුව එස්. බී. හා චන්ද්‍රිකා ගැටෙන විට එස්. බී. ගේ නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඩලස් එස්. බී. ගේ රෙදි අපුල්ලන්නට ගොස් චන්ද්‍රිකා ගෙන් හොඳට ලුනු ඇඹුල් ඇතිව අසා ගත්තේය.

( විශේෂයෙන්ම එස්.බී. වැන්නෙකුට කඩේ ගිය දේශපාලකයකුගේ මහත්මා දේශපාලනය මහත්ම ගැටළුවක් බව පමණක් මෙහි සටහන් කරමි.)

මේ සියලු ගාලගෝට්ටි අවසානයේ ඩලස් ඇමෙරිකාවට යන්නේ ගෙදර බඩු පැක් කරන පිංතූරයක් ද ලංකාදීප පත්තරේ මුල් පිටුවේ දමා ගනිමිනි.

කලකට පසු ඩලස් ලංකාවට එන්නේ 'මහත්මා දේශපාලන' ප්‍රමිති සහතිකය සහිතව උග්‍ර මහින්දවාදියකු විලසිනි .

එතැන් සිට මේ දක්වා අඩුපාඩු සහිතව වුවද ඩලස් රගපාන්නේ එම මහත්මා දේශපාලන චරිතයයි.

2005 දී මහින්ද ජනාධිපති වූ පසු ඩලස්ව හොදටම ඇන්දුවේ පානදුර පැත්තේ දේශප්‍රිය කෙනෙකි.

එය වූ කලි ඩලස්ව දේශපාලනයෙන් විශ්‍රාම ගැන්විය යුතු තරමේ ඇන්දීමකි.

දැන් ඩලස්ව අන්දාගෙන ඉන්නේ වත්තල පැත්තේ උපන් ගෙයි යූ.එන්.පී. කාරයකු වූ පෙරේරා කෙනෙකි.

ඩලස් මෙවැනි පුද්ගලයන්ට තනතුරු ප්‍රධානය කරන්නේ මොන පදනමෙන් ද යන්න දන්නේ ත් ඩලස්ම පමණි.

ඩලස් දැන් බැට් කරන්නේ හෂාන් තිලකරත්න මෙනි.

එනම් විකට්ටුව බේරාගැනීම පිණිස ඔහු තට්ටු අල්ලමින් සිටී.

කතා කළ යුතු තැන්වලදීත් ඩලස් නිහඩ වන්නේ මේ තට්ටු ඇල්ලීමේ ප්‍රතිපත්තිය නිසාය.

ඕනෑවට වඩා විකට්ටුව ආරක්ෂා කරන්න ගිය විට ඉතා පහසු පන්දුවලටත් දැවී යන බව ඩලස් ගේ ගමේ සනත් ජයසූරිය ගෙන් අසා දැනගත හැකිය.

වෙනදා මාතර ලිස්ට් එකේ උඩින්ම සිටින ඩලස් මෙවර 3 වැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ.

ඩලස්ට උඩින් සිටින දෙදෙනාම නවකයන් වීම විශේෂයකි.

එය කිසි ලෙසකින්වත් ඩලස්ට යහපත් කරුණක් නම් නොවේ.

නිපුන,රණවක වාසගමින් සිටියද රාජපක්ෂ කෙනෙකි.

මැතිවරණ ව්‍යාපාරයේදී හීන්සීරුවේ නිපුන ට එරෙහිව කටයුතු කිරීම ඩලස් දේශපාලනමය වශයෙන් කරගත් අත්වැරැද්දකි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිපුනට විරුද්ධව පළ වූ පෝස්ට් බොහෝමයක් ඩලස්ගේ සමීපතමයන් විසින් මුදාහළ ඒවා බව ප්‍රකට රහසකි.

එවැනි වැඩ පිළිවෙළකට නොයා "මට මනාපයක් දෙන හැමෝම ඉස්සෙල්ලා නිපුනට මනාපයක් දීලා ඉන්න " කියා කිව්වා නම් ඩලස් අද මාතර මනාප ලැයිස්තුවේ අංක 1 ය.

එලෙස වූවා නම් මෙලෙස විදුලි බල ඇමැති වී තනියම පරිප්පු කන්නට ඩලස්ට සිදුවන්නේ නැත.

විදුලි බල ඇමැති වී ජනප්‍රිය වූ දේශපාලකයෙක් මෙරට විසුවේ නැත.

මතු සංසාරයේ උපදිනේත් නැත.

පැරණි මිතුරන්ට 'මචං' කී පමණින් නිහතමානීත්වය ඔප්පු වන්නේ නැත.

මීට වඩා අව්‍යාජ දේශපාලකයකු වන්නට ඩලස් ට පරක්කු වැඩි නැත.

මේ ටික කිව්වේත් ඩලස් ට ඇති ආදරය නිසාමය.

කෙසේ වෙතත් එදා ලයිට් ගියේ රටේම පමණක් නොවේ, එක දවසකට හෝ අගමැති වීමේ ඩලස් ගේ හීනයේත් බව නොකියාම නොහැක්කකි.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...