BREAKING
Top Ad
ඇට මැස්සා

සිග්නල් ෆේල් - ඇට මැස්සා (12)

T

The Leader

August 28, 2020 • 1:17 AM

සිග්නල් ෆේල් - ඇට මැස්සා (12) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ ආණ්ඩුවක් තිබේ.
  • අප පරිප්පු කෑ යුත්තේ පරිප්පු ‍රසට නොව චිකන් රසට බව තීරණය කරන්නේ ඔවුන් ය.
  • දශක 6 කටත් වඩා වැඩි කාලයක සිට සිග්නල් දන්තාලේපය අප රටේ පවතී.
  • අතීතයේ 70% කට ආසන්න වෙළෙඳ පොළ කොටසක් සිග්නල් සතුව තිබූ අතර වර්තමානය වන විට 50% කට ආසන්න වෙළෙඳ පොළ කොටසකට සිග්නල් උරුමකම් කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අපව පාලනය කරන අණපනත් සම්මත කරනු ලබන්නේ එම ආණ්ඩුව විසිනි.

ඊට යටින් තවත් ආණ්ඩුවක් තිබේ.

ඒ, බහුජාතික සමාගම් ය.

අප කන බොන දෑ තීරණය කරනු ලබන්නේ ඔවුන් විසිනි.

අප පරිප්පු කෑ යුත්තේ පරිප්පු ‍රසට නොව චිකන් රසට බව තීරණය කරන්නේ ඔවුන් ය.

අපේ රෙදි සේදිය යුත්තේ මොන සබන් කැටෙන් දැයි තීරණය කරන්නේත් ඔවුන් ය.

අපට එම් එස් ජී කවන්නෙත් ඔවුන්මය.

බහුජාතික සමාගම් විසින් කරනු ලබන රැවටීම් පිළිබද ජනතාව දැනුවත් නම් මෙහිදී ප්‍රශ්නයක් නැත.

එහෙත් ප්‍රශ්නය නම් ජනතාව දැනුවත් කළ යුතු ආයතන හා සංවිධාන ද අන්ධ භූතයන් මෙන් කටයුතු කිරීමයි.

අපේ දත් ගැන අපේ දෙමාපියන් ගෙන් පසුව වැඩියෙන්ම උනන්දු වන්නේ බහුජාතික සමාගම් ය.

දත් දොස්තරවරුන් වන ගුණදාස අමරසේකරටත්, රාජිත සේනාරත්නටත් වඩා බහුජාතික සමාගම් අපේ දත් ගැන දනිති.

ලංකාවේ පැරණිම දන්තාලේපය සිග්නල් ‍ය.

දශක 6 කටත් වඩා වැඩි කාලයක සිට සිග්නල් දන්තාලේපය අප රටේ පවතී.

අතීතයේ 70% කට ආසන්න වෙළෙඳ පොළ කොටසක් සිග්නල් සතුව තිබූ අතර වර්තමානය වන විට 50% කට ආසන්න වෙළෙඳ පොළ කොටසකට සිග්නල් උරුමකම් කියයි.

පසුගිය දශක 6 පුරා සිග්නල් කියා ඇති අරාබි නිසොල්ලාසයේ කතන්දර ටික මෙසේය.

සිග්නල් වලින් මැද්ද විට..,

1- දත් ශක්තිමත් වේ
2-දත් වල ඇති සිදුරු හාවේ.
3- දත් පනුවෝ නොකයි.
4- විදුරු මස් රෝග නැති වේ.
5- දත් ශක්තිමත් වේ
6- දත් කිරිසුදු පැහැයෙන් බබලයි.

මේ කතා සියල්ලම ඇත්ත නම් මේ රටට දන්ත වෛද්‍යවරුන් කියා කොට්ඨාසයක් අවශ්‍ය නොවේ.

මන්ද ‍යත් දශක 6 ක් පුරා මෙරට ජනතාව ගේ සියලු දන්ත රෝග සිග්නල් නම් විශ්වකර්‍ම දන්තාලේපය මගින් නිවාරණය කර ඇති බැවිනි.

එහෙත් එය එසේ සිදු වී නැති බව පෙනේ.

සිග්නල්  කියන පරිදි ලංකාවේ  සෑම  ළමයින්  5 දෙනෙකුගෙන් 3 දෙනෙකුටම දත් කුහරලු.

එනම්, ලංකාවේ ළමුන් ගෙන් 60% කට දත් කුහරය. 

ඒ කියන්නේ සිග්නල් වලින් මදින ළමුන්ටත් දත් කුහර ඇති බව නොවේද ?

මෙයින් ගම්‍ය වන්නේ සිග්නල් මෙතෙක් දවසක් කියා ඇත්තේ බොරු බවයි.

ඔවුන් දශක ගණනක් පුරා  මේ රටේ පාරිභෝගිකයන් ගොනාට අන්දවා ඇති බවයි.

මෙහිදී මතුවෙන අනෙක් භයානක කාරණය නම් ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන් ගේ සංගමය විසින් සිග්නල් අනුමත  කර ඇත්තේ සල්ලිවලට ද යන්නයි.

සිග්නල් විකුණන්නේ ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් ලෙසිනි.

අපේ දන්ත වෛද්‍යවරුන් කියන්නේත් ෆ්ලෝරයිඩ් අඩංගු ටූත්පේස්ට් එකකින්ම මැදපිය කියායි.

ඒ, ඔවුන්ට ලංකාවේ දන්ත වෛද්‍ය විද්‍යාලවලින් උගන්වා ඇත්තේ එපමණක් නිසාය.

ඔවුන්ගේ සිලබස් එකේ ඇත්තේ එපමණක් නිසාය.

ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට ෆ්ලෝරයිඩ් ලැබෙන මාර්ග අනන්තවත් තිබේ.

එවා හංගා ඇත්තේ බහුජාතික සමාගම්වල උවමනා එපාකම් ඉෂ්ට කිරීමටද?

ලෝකය අලුත් වෙමින් තිබේ.

ලෝකයේ දැනුම අලුත් වෙමින් තිබේ.

එහෙත් අපව ළිං මැඩියන් කර ඇත්තේ කාගේ උවමනාවකටද?

ෆ්ලෝරයිඩ්වල ඇත්ත කතාව දැන් එළියට එමින් තිබේ.

ජලය ෆ්ලෝරයිඩකරණය විසි වන සියවසේ විශිෂ්ටතම පොදු සෞඛ්‍ය ජයග්‍රහණයන්ගෙන් එකකි. 

මෙය 1945 ආරම්භ වූයේ ෆ්ලෝරයිඩ් මගින් වර්ධනය වන දත් ශක්තිමත් කිරීම හා දත් දිරායාම සඳහා ප්‍රතිරෝධකයක් වශයෙන් ක්‍රියා කිරීමට ඇති හැකියාව පදනම් කරගෙනය.

ෆ්ලෝරයිඩකරණයෙන් අවුරුදු 70කට පසුවද 90% වඩා ඇමරිකානුවන් හට දත් දිරායාමට මුහුණදීමට සිදුවිය. 

ලංකාව හැර මුළු ලෝකයම ෆ්ලෝරයිඩ දත් දිරා යාමට එරෙහි රිදී උන්ඩයක් නොවන බව දැන් පිළිගෙන ඇත.

1925 වර්ෂයේ ලෙඩ් ( led ) ශරීරගත වීමට සුදුසු ප්‍රමාණය කොටස් බිලියනයකට සීයක් ලෙස නම් කෙරිණි .
එය 1988 වන විට 50 දක්වා අඩු කරන ලදි.

1991 වන විට කොටස් 15ක් වශයෙන්  සීඝ්‍ර ලෙස පහත වැටීමකට ලක් කර තිබේ.

එමෙන්ම ආසනික් 1980දී කොටස් බිලියනයකට 50ක් ලෙස නම් කර 2001 වන විට කොටස් 10ක් ලෙස නම් කරනවා.

මෙලෙසම ෆ්ලෝරයිඩ 1962 වර්ෂයේ ශරීරගත වීමට ආරක්ශිත ප්‍රමාණය 1.2mg/L ලෙස නම් කරද 2015 වන විට 0.7mg/L දක්වා සීග්‍ර පහත හෙලීමකට ලක් කරනවා එය 1962 වර්ශයට වඩා 40% පහත හෙලීමක්.


අද වනවිට ලෙඩ් සහ ආසනික් ශරීරගත විය යුතු ප්‍රමාණය ශුන්‍ය අගයක් ලෙස නම් කර තිබෙනවා. වැඩි කාලයක් යෑමට පෙර ෆ්ලෝරයිඩ් වලටත් මෙයම සිදුවිය හැකි බව පැහැදිලිය.

US Environmental Protection Agency විසින් ෆ්ලෝරයිඩ මොළයේ ස්නායු වල සාමාන්‍ය වර්ධනයට බලපෑම් කරන neurotoxin එකක් ලෙස නම් කරන ලදී. 

ඒ සමගම ෆ්ලෝරයිඩ අන්තරාසර්ග දුර්වල කිරීම මගින් තයිරොයිඩ් ග්‍රන්ථවලට බලපෑම් ඇතිකරන බවද සොයාගන්නා ලදී.

Dr. Kathleen Thiessen ( top scientific expert ) මෙසේ පවසයි.

"දැනට සොයාගෙන ඇති සාක්ෂි කිසිවක් ෆ්ලෝරයිඩකරණයේ ඇති වාසි වලට ආධාරකයක් වන්නේ නැහැ, ඒත් ෆ්ලෝරයිඩ භාවිතයෙන් ඇති අතුරුඵල අනාවරණය  කරනවා. ෆ්ලෝරයිඩ යනු නිවුරොටොක්සිනයක්, එයට තයිරොයිඩ් ග්‍රන්ථ අඩපණ කිරීමේ විශාල හැකියාවක් තියෙනවා "

මේ ලෝකයේ විද්වතුන් දකින ආකාරයයි.

එහෙත් අපේ සෞඛ්‍ය බලධාරීන්ටත්, දන්ත වෛද්‍යවරුන්ටත් ලෝකය දැකිය යුතු ආකාරය කියා දෙන්නේ බහුජාතික සමාගම් විසිනි.

අධික කිවුල් සාන්ද්‍රනයක් සහිත ජලය ඇති වයඹ පළාතන් ඔබ්බට ෆ්ලෝරයිඩ් අඩංගු සිග්නල් දන්තාලේපය අළෙවි කිරීමට අපේ සෞඛ්‍ය බලධාරීන් අවසර දුන්නේ කීයක් අතමිට මොළවා ගෙනද?

මේවා ගැන විශේෂයෙන්ම සොයා බැලිය යුත්තේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා හොද ඩීල් කාරයකු නිසාත්, දත් දොස්තරයකු වන නිසාත් ය.

ඒ අතරම ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන් ගේ සංගමයට යුනි ලීවර් සමාගම මුදල් ගෙවන්නේද, ඔවුන්ගේ අනුග්‍රහයෙන් දන්ත වෛද්‍යවරුන් කී දෙනෙකු පිටරට සවාරි හෝ ශිෂ්‍යත්ව ලබා හෝ ගොස් ඇත්ද යන්නත් සොයා බැලිය යුතුය.

අනෙක් අතට මෙවැනි සංවේදී කරුණු හමුවේ පාරිභෝගික අධිකාරිය හෝ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංගම් නිදි වැද සිටින්නේ මන්ද යන්නත් විමසා බැලිය යුතුය.

කලකට ඉහත 'රුවන්' නමින් දන්තාලේපයක් විය.

සිංහල ආයුර්වේද වෛද්‍යවරයෙක් විසින් නිෂ්පාදනය කරන ලද මෙහි විශේෂය වූයේ ටියුබ් ආකාරයට පැමිණි පළමු ආයූර්වේද දන්තාලේපය එය වීමයි.

මේ දන්තාලේපය කෙමෙන් ජනප්‍රිය වනු දුටු දන්තාලේපය නිෂ්පාදනය කරන තවත් බහුජාතික සමාගමක් කළේ 'රුවන්' දන්තාලේපයට ටියුබ් සපයන සමාගමේ කොටස් මිලට ගෙන ඔවුන්ට ටියුබ් සැපයීම අත් හිටුවීමයි.

බහුජාතික බූවල්ලන් මේ රට තුල ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.

ලොව භයානකම සන්නද්ධ කණ්ඩායම පරාජයට පත් කරන්නට මුල් වූ රාජ්‍ය නායක දෙපළක් අද මේ රට හොබවමින් සිටී.

ජාති බේදයකින් තොරව ජන ජීවිතයට වස ගිල්ලවන, තම ලාභය තකා ජන ජීවිත බිල්ලට දෙන බහුජාතික ත්‍රස්තවාදීන්‍ පරාජය කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු විය යුතුමය.

එතෙක්, සිග්නල් වලින් අපේ දත් ටික බේරාගමු.

(ඇටමැස්සා )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...