BREAKING
Top Ad
ඇට මැස්සා

ධම්මික පැණිය හා මැගී කැටේ. - ඇටමැස්සා (76)

T

The Leader

December 14, 2020 • 1:41 AM

ධම්මික පැණිය හා මැගී කැටේ. - ඇටමැස්සා (76)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල සංසරණය වන පෝස්ටුවකි.
  •   " ඇඩ් එක ලස්සන උනාට ඒවා කෑවම වෙන දේ නම් ලස්සන නෑ "   මේ පෝස්ටුව පළ කර ඇත්තේ මේ දිනවල ලව දෙවක් නැතුව ප්‍රචාරය වන මැගී සුප් කැට දැන්වීම අරභයා ය.
  •   ප්‍රශ්නය නම් කොරෝනා වසංගතයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ලෙස හඳුන්වා දුන් ධම්මික පැණියට තිබෙන විරෝධය මිනිස් සිරුරට අහිතකර බව හොඳින්ම දන්නා මැගී කැටයට එරෙහිව මතු නොවීමයි.
  •   මෙලෙස ක්‍රියාත්මක වීම හොඳ දෙයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එයින් කියැවෙන්නේ මෙයයි.
 
" ඇඩ් එක ලස්සන උනාට ඒවා කෑවම වෙන දේ නම් ලස්සන නෑ "
 
මේ පෝස්ටුව පළ කර ඇත්තේ මේ දිනවල ලව දෙවක් නැතුව ප්‍රචාරය වන මැගී සුප් කැට දැන්වීම අරභයා ය.
 
ධම්මික පැණිය වැඩ කරනවාද නැද්ද ‍යන්න වෙනම කාරණයකි.
 
ප්‍රශ්නය නම් කොරෝනා වසංගතයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ලෙස හඳුන්වා දුන් ධම්මික පැණියට තිබෙන විරෝධය මිනිස් සිරුරට අහිතකර බව හොඳින්ම දන්නා මැගී කැටයට එරෙහිව මතු නොවීමයි.
 
ජනතාවට වස විස කවන ආහාර පාන වර්ග ‍රැසක් ඇස් පනාපිටම දක්නට තිබේ.
 
එහෙත් සියලු දෙනාගේම බයිට් එක ධම්මික පැණිය පමණි.
 
මේ තත්ත්වය බටහිර දොස්තර මුදලාලිගේ පටන් විශ්‍රාමික තීරු ලිපි රචකයින් දක්වා පැතිරී තිබෙන්නේ කොරෝනාවටත් වඩා වැඩි වේගයකිනි.
 
මීට පෙර සුව ධරණි පානයට මෙන්ම සුදර්ශනී පැණියට එරෙහිවත් අවි අමෝරා ගෙන නැගී සිටියේ බටහිර දොස්තර මුදලාලිලා ය.
 
කිසිම බෝවෙන හෝ බෝ නොවෙන රෝගයකට එක බෙහෙත් පෙත්තක් හදාගන්නට බැරි වූ බටහිර දොස්තර මුදලාලිලා ය.
 
රෝගීන් පර්යේෂණ මීයන් සේ සලකා එක් එක් පෙති වර්ග නියම කරමින් අත්හදාබැලීම් කරන බටහිර දොස්තර මුදලාලිලා ය.
 
දැන් ධම්මික පැණිය ගැන හොයන කමිටුවේ ඉන්නේත් බටහිර දොස්තර මුදලාලිලා ය.
 
එහි වරදක් නැත.
 
මෙලෙස ක්‍රියාත්මක වීම හොඳ දෙයකි.
 
එහෙත් එම ක්‍රියාශීලීත්වය ජනතාවට වස කවන බහුජාතික සමාගම්වලට එරෙහිවත් ප්‍රදර්ශනය කිරීමට මේ බටහිර දොස්තර මුදලාලිලාට නොහැක්කේ ඇයි? 
 
අහිංසක සිංහල වෙදෙකු ඉදිරියේ බටහිර දොස්තර මුදලාලිලා දක්වන සිංහ සෙයියාව බහුජාතික සමාගම් ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ගහගන්නා බලු කුක්කකු ගේ තත්ත්වයට පත් වන නිසා ද?
 
නවතම පුවත්වලින් කියැවුණේ වතුපිටිවල රෝහලේ ධම්මික පැණිය ගැන නිසි සායනික පරීක්ෂණ සිදුවී නොමැති බවයි.
 
මෙසේ ප්‍රකාශ කරන්නේ තමන් මේ රටේ දෙවැනි ආණ්ඩුව ලෙස සිතාගෙන සිටින GMOA එකයි.
 
එවිට මේ රටේ හෝල් සේල් එකේ විකුණන මැගී, නෝර් සුප් කැට, අජිනොමොටෝ උම්බලකඩ කුඩු පැකට්, සොසේජස්, විවිධ වර්ණකාරක, රසකාරක යෙදූ ආහාර පාන ගැන නිසි පරීක්ෂණ සිදුකර තිබේද ?
 
පරීක්ෂණ අවශ්‍ය ධම්මික පැණියට පමණමද?
 
මේ විහිළුව කුමක්ද ?
 
යුනිලීවර් සමාගම අජිනොමොටෝ දමා උම්බලකඩ කඩ කුඩු විකුණන විට බටහිර දොස්තර මුදලාලිලා නිහඬය.
 
යුනිලීවර් සමාගම පරිප්පු කරියටත් සුප් කැට දමා කාපියව් කියන විට බටහිර දොස්තර මුදලාලිලා නිහඬය.
 
යුනිලීවර් සමාගම TFM අගය 76% ට අඩු මිනිස් සිරුරට අහිතකර යැයි කියනා බේදිං සෝප් 
විකුණන විටත් බටහිර දොස්තර මුදලාලිලා නිහඬය.
 
දැන් නෙස්ලේ සමාගම දවස් 30 ටම බත් එකට සුප් කැට දමා පොඩි එකාට කවන්න ‍යැයි කියයි.
 
බටහිර දොස්තර මුදලාලිලා නිහඬය.
 
බටහිර දොස්තර මුදලාලිලා ව්‍යාඝ්‍රා ගැසූ පරිද්දෙන් කෙලින් වන්නේ හෙළ වෙදකමට එරෙහිව පමණක් ද?
 
මේ රටේ බටහිර දොස්තර මුදලාලිලාට කතා කරනවා නම් කතා කරන්නට ඕනෑ තරම් දේවල් තිබේ.
 
මේ රටට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු වර්ණකාරක, රසකාරක ආනයනය කරයි.
 
බටහිර රටවල් කුණු කූඩයට දැමූ රෙඩ්බුල් ආනයනය කරයි.
 
සොසේජස්වල අහිතකර බලපෑම් ගැන නිසි අවධානයක් නැත.
 
ක්ෂණික නූඩ්ල්ස්, සෝයාමීට් සමග දෙන රසකාරක පැකට්ටුවේ ඇත්තේ රසකාරකද, නැතිනම් වසකාරකද යන්න ගැන සොයා බලා නැත.
 
මෙරටට පාම් තෙල්, ඔලිව් තෙල් කියා ගෙන්වන්නේ මොනවාද කියා මොකෙකුවත් දන්නේ නැත.
 
හාල්වල ඩයි ය.
 
කහ කුඩු පැකට් එකේ ටෙක්ස්ටයිල් ඩයි, සුවඳකාරක සහ කුඩු කළ වටානා පරිප්පු ‍ය. 
 
කීරි කැකුලුවලට සුවද කවා සුවඳැල් කර වෙළෙඳපොළට එයි.
 
ආසනික් අඩංගු රසායනික පොහොරින් දේශය ස්වයංපෝෂිත ය.
 
එහෙත් මේ එකක් සම්බන්ධයෙන් හෝ එකදු බටහිර දොස්තර මුදලාලිලායකුවත් කට අරින්නේ නැත.
 
සමහර විට මේ බහුජාතික සමාගම් හා බටහිර දොස්තර මුදලාලිලා අතර ඩීල් එකක් තිබෙන්නට පුළුවන.
 
මන්‍ද යත් මෙකී බහුජාතික සමාගම් දෙන වස විස කා රෝගී වූ පසු බිස්නස් එක මේ බටහිර දොස්තර මුදලාලිලාටම ය.
 
බස් මගියා රුපියල් පහේ කෑල්ලක් ලෙස සලකන බස් කොන්දොස්තරත් MBBS දොස්තරත් අතර වැඩි වෙනසක් නැත.
 
 
පහත උපුටා දක්වන්නේ ලංකා සී පුවතකි.
 
asdascz
 
"කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන බව කියන දේශීය සහ ආයුර්වේද ඖෂධ 100 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉදිරිපත් වී ඇත.
 
එයින් වැඩි කොටසක් මේ වන විට අනුමැතිය සදහා පරීක්ෂණවලට ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල මත ඒවා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.
 
මේ අතර බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ කොරොනා වෛරසය නැසීමට ඖෂධයක්, එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් මෙරට තුළ පරීක්ෂණ සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ ය.
 
මේ වන විට මෙරට බටහිර වෛද්‍යවරුන් 35000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙන බවත් ඒ කිසිවකු කොරෝනා මැඬලීම සඳහා වූ ඖෂධයක් නිෂ්පාදන ක්‍රියාවලියක්  ඇතැයි නිල වශයෙන් කිසිදු දැනුවත්භාවයක් නැතැයිද ඔහු පැවසීය.
 
නමුත් ලෝකයේ සොයාගෙන අනුමත කරන එන්නක් හෝ ඖෂධයක් මෙරටට ගෙන්වූ පසු ඒවා ලබා දීම සදහා ප්‍රමුඛතා  නාම ලේඛණයක් මේ වන විටත් සකස් කරගෙන යමින් සිටින බවත් ඒවා ප්‍රවාහනයටත් ගබඩා කිරීම ගැනත් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවත් ඔහු පැවසීය.
 
ඊට අමතරව මෙරට නිපදවන කුමන හෝ ඖෂධයක් විද්‍යාත්මක තත්වය ගැනත් සායනික පරීක්‍ෂණ ගැනත් පරියේෂණ වාර්තා ගැනත් දැඩි විමසිල්ලෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය."
 
 
මේ රට ගමන් කරමින් සිටින දිශාව වටහා ගැනීමට මීටත් වඩා කරුණු අවශ්‍යද?
 
අහෝ! ශ්‍රී ලාංකීය ජනතාව!
 
ඔවුන් තවමත් තර්ක කරන්නේ මේ උවදුරින් ගැලවීම  ගැන නොවේ, මළාට පසු ආදාහනය වෙනවාද භූමිදානය වෙනවාද යන්න ගැනයි.
 
 
(ඇටමැස්සා)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...