BREAKING
Top Ad
ඇට මැස්සා

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලාවලින් රට හොල්ලපු බයිලා චැම්පියන්! - ඇටමැස්සා (80)

T

The Leader

December 18, 2020 • 12:31 AM

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලාවලින් රට හොල්ලපු බයිලා චැම්පියන්! - ඇටමැස්සා (80)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "දවාලේ දි රෑවුන ඒ දවසේ.....
  • කළුවට සිටි එමලී  පැනගෙන දුව ආපී දෙයියො තමයි දන්නෙ සිද්දිය   බිව්ව නේද වදකහ සුදිය එමලි...බිව්ව නේද වදකහ සුදිය අනේ මගේ එමලි පනේ  කියන්නකෝ ඇත්ත අනේ බිව්ව නේද වදකහ සුදිය..."     මේ ගීතය විවිධ හඬවල් ඔස්සේ අපට ඇසී ඇත.
  •   අලුතින්ම මේ සිංදුව කියන්නට පටන් ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ‍ය.
  •   වොලී බැස්ටියන් ඉපදුනේ 1914 අවුරුදේ.
අකුරු ප්‍රමාණය (Font Size):
එමලි ගියා පිලිකන්නට විගසේ..
කළුවට සිටි එමලී පැනගෙන දුව ආපී
දෙයියො තමයි දන්නෙ සිද්දිය..
දෙයියො තමයි දන්නෙ සිද්දිය..
අනේ.... දෙයියො තමයි දන්නෙ සිද්දිය..
 
අපේ.. කළුවට සිටි එමලී 
පැනගෙන දුව ආපී
දෙයියො තමයි දන්නෙ සිද්දිය
 
බිව්ව නේද වදකහ සුදිය
එමලි...බිව්ව නේද වදකහ සුදිය
අනේ මගේ එමලි පනේ 
කියන්නකෝ ඇත්ත අනේ
බිව්ව නේද වදකහ සුදිය..."
 

 
මේ ගීතය විවිධ හඬවල් ඔස්සේ අපට ඇසී ඇත.
 
සමන් සිල්වා, ඩෙස්මන්ඩ් ද සිල්වා, ජිප්සීස් ආදී එකී මෙකී නොකී බොහෝ දෙනාගේ හඬින් අදටත් මේ ගීතය ඇසේ.
 
අලුතින්ම මේ සිංදුව කියන්නට පටන් ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ‍ය.
 
එහෙත් මෙහි සැබෑ හිමිකරු ගැන දන්නේ කීයෙන් කී දෙනාද? 
 
අද දවසේ වීරයා ඔහුය.
 
වොලී බැස්ටියන්.
 
අද අප අහන බයිලා ගීතයේ මුහුණුවර මතුකර ගන්නේ වොලී බැස්ටියන්.
 
ඔහුට බයිලා ලොවේ චැම්පියන් කියලා කියන්නේ නිකං කට කහනවට නෙවෙයි.
 
වොලී බැස්ටියන් ඉපදුනේ 1914 අවුරුදේ.
 
ගම් පළාත වුණේ ගාල්ලේ පියදිගම.
 
ඔහු රාජකාරි කළේ  පොලිස් රථ ගමනාගමන අංශයේ.
 
නැතිනම් ට්‍රැෆික් පොලීසියේ.
 
වොලී බැස්ටියන් හොඳ ගිටාර් වාදකයෙක්.
 
බැන්ජෝ වාදකයෙක්.
 
ඒ වගේම දක්ෂ වයලීන් වාදකයෙක්.
 
ඔහුගේ ගීතවලට පාදක වුණේ එදිනෙදා හමුවෙන මිනිසුන්.
 
සිද්ධි.
 
නර්ස් නෝනා, අම්මා, තාත්තා, ධීවරයින් ගැන අදටත් අහන් ඉන්න පුළුවන් ලස්සන ගීත රැසක් ඔහු අතින් නිර්මාණය වුණා. 
 
ඔහුගේ " නර්ස් නෝනා " ගීතය එදත් අදත් එක සේ ජනප්‍රියයි.
 
මේ ගීතය රචනා කළේ හෙදියක වූ තම සොහොයුරිය වෙනුවෙන් බව පැවසෙනවා.
 
 
 

 
 
ඔහුගේ ගීත නාමාවලිය අතර යමන් බංඩෝ, අයිරින් ජොසපින්, රටක් වටිනවා, මතකයි අම්මේ, වීරියෙන් සොයා, හායි හූයි බබි ආච්චි, වදකහ සුදිය, මුහුදේ යමු මසුන් ගෙනෙන්න, කුස්සි අම්මා සේරා ආදී ජනප්‍රියම රැසක් තියෙනවා.
 
 

  
 

 
 

 
 

 
 

 
 
මොරටුව ප්‍රදේශයේ වේල්ස් කුමර විදුහල අසල විසූ බබී ආච්චි මුහුණ දුන් සිදුවීමක් පාදක කරගෙන "හායි හූයි බබි ආච්චි " ගීතය නිර්මාණය කළ බව පැවසෙනවා.
 
 

වොලී බැස්ටියන් ගේ සිංදු හැමදාම හිට් වෙච්ච ඒවා.
 
දශක ගණනක් එහා හදපු සිංදු වුණත් 2020 දිත් ඒ සිංදු ඇහෙද්දී අපේ දෙපා ඉබේම නැටවෙන්නේ ඒ නිසයි.
 
 
වොලී බැස්ටියන් ගේ සිංදුවල ඔරිජිනල් ආර්ටිස්ට් වොලී බැස්ටියන්ම බව අද හුඟක් දෙනෙක් දන්නේ නෑ.
 
මොකද, වොලී බැස්ටියන් ගේ ගීත අද පරම්පරාව අහන්නෙ වෙනත් ගායකයින්ගේ හඬින් නිසා.
 
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එක්තරා ප්‍රසංගයකදි ඩෙස්මන්ඩ් ද සිල්වා පැවසුවේ "පුතා උඹ මගෙ ඕන සිංදුවක් කියපන්" යැයි වොලී බැස්ටියන් පැවසූ බවයි.
 
ඒ වොලී බැස්ටියන් දිනක් ඩෙස්මන්ඩ් ගායනා කරන විලාශය දුටු පසුවයි.
 
වොලී බැස්ටියන් ගේ ගීත ප්‍රතිනිර්මාණය කිරීමේදී වැඩිම සාධාරණයක් කළේ ඩෙස්මන්ඩ් බව අවිවාදිතයි.
 

වොලී බැස්ටියන් ට ඩෙස්මන්ඩ් ගෙන් උපහාර
 
වොලී බැස්ටියන් ගේ ගීත ගැයීමට සුනිල් පෙරේරා අවසර ලබාගත්තේ වොලීගේ දියණියට නිසි කර්තෘ භාගය ගෙවීමෙන් පසුවයි.
 
වරක් ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකින් සුනිල් පෙරේරා විසින් ගායනා කරනු ලබන වොලී බැස්ටියන් ගේ ගීතයක් වෙළෙඳ කටයුත්තක් සදහා ලබාගැනීමට පැමිණියා.
 
ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ ගීතය වොලී බැස්ටියන් ගේ ගීතයක් බව.
 
සුනිල් පෙරේරා ඔවුන්ට ප්‍රකාශ කර සිටියේ මෙම ගීතය ගායනා කිරිමේ අයිතිය තමන් විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති බවත්, එසේ වුවත් හැකියාවක් තිබේ නම් කිසියම් හෝ ගෙවීමක් වොලී බැස්ටියන් ගේ දියණියට කරන ලෙසත් ය.
 
මොන බාල්දි පෙරළ ගත්තත් සුනිල් ළග සෙසු කලාකරුවන් තුල නැති මහත්මා ගුණයක් තියෙන බව නම් නොකියාම බැහැ.
 
ඒ සුනිල් පෙරේරා.
 
මේ සමන් සිල්වා.
 
සමන් සිල්වා වොලී බැස්ටියන් ගේ 'නර්ස් නෝනා' ගීතයේ අයිතිය තමන් සතු බවට ලිපියක් ඉදිරිපත් කර ‍රක්ෂණ සමාගමක වෙළෙඳ කටයුත්තක් සදහා ලබාදුන්නේ රුපියල් ලක්ෂයක මුදලක් සාක්කුවේ දමාගනිමින්.
 
ලෝකයේ හැටි හැමදාම එහෙමයි.
 
ලංකාවට බයිලා ගෙනාවේ පෘතුගීසි කියලයි ඉතිහාසය කියන්නේ.
 
ඒක ඇත්ත.
 
ඒත් වොලී බැස්ටියන් අපට දුන්නේ  පෘතුගීසි බයිලා නෙවෙයි.
 
ඔහු අපට අනන්‍ය වූ වෙනම බයිලා කලාවක් ගොඩනැගුවා.
 
අද අපේ බයිලා ගායකයින් හිටගෙන ඉන්නේ ඔහු එදා ගොඩනගපු අත්තිවාරම උඩයි.
 
වොලී බැස්ටියන් ගේ සිංදුවක් ඇහෙද්දී ඇටමැස්සාට මෙහෙම අහන්න හිතෙනවා.
 
" වොලී බැස්ටියන් ඇත්තටම කිව්වේ බයිලා ද...?"
 
 
(ඇටමැස්සා)
  
 

 

 

 
 
Wally Bastiansz
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...