BREAKING
Top Ad
ඇට මැස්සා

අන්තෝ ජටා බහි ජටා - ඇටමැස්සා (93)

T

The Leader

January 27, 2021 • 12:22 PM

අන්තෝ ජටා බහි ජටා - ඇටමැස්සා (93)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පවුලේ බාල දරුවා ඉගෙනීමට අති දක්ෂයකු විය.
  • සා.පෙළ විභාගයෙන් A9 ක් ලබා ගැනීම ඉතා සුළු දෙයක් විය.
  •   මේ පූර්විකාව ගැන ලිවීමට සිත් වූයේ 69 ලක්ෂය ගැන කල්පනා කිරීමේදී ය.
  •   69 ලක්ෂයක් ජනතාව දැන් පත්ව සිටින තත්ත්වයත්, ඉහත කී සිසුවා වෙත බලාපොරොත්තු තබාගෙන සිටි පිරිස පත්වූ තත්ත්වයත් අතර වැඩි වෙනසක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
මේ පවුලේ බාල දරුවා ඉගෙනීමට අති දක්ෂයකු විය.
 
ඔහුට අ.පො.ස. සා.පෙළ විභාගයෙන් A9 ක් ලබා ගැනීම ඉතා සුළු දෙයක් විය.
 
පාසලේ විදුහල්පතිතුමා, ගුරු භවතුන්, අසල්වැසියන්, ඥාති හිතවතුන් ආදී කිසිවෙකුට ඒ ගැන සැකයක් තිබුනේ නැත.
 
විභාග ප්‍රතිඵල නිකුත් විය.
 
සියලු දෙනා අහස උසට තබාගෙන තිබූ බලාපොරොත්තු සුන් කරමින් අර දරුවා ලබාගෙන තිබුනේ A එකක් , B දෙකක්, C හතරක් සහ S දෙකකි.
 
මේ පූර්විකාව ගැන ලිවීමට සිත් වූයේ 69 ලක්ෂය ගැන කල්පනා කිරීමේදී ය.
 
69 ලක්ෂයක් ජනතාව දැන් පත්ව සිටින තත්ත්වයත්, ඉහත කී සිසුවා වෙත බලාපොරොත්තු තබාගෙන සිටි පිරිස පත්වූ තත්ත්වයත් අතර වැඩි වෙනසක් නැත.
 
දෙපිරිසම දැන් සිටිනුයේ දැඩි මානසික කඩාවැටීමකය.
 
ජනාධිපතිවරණයට පෙර වියත් මග නමින් සංවිධානයක් විය.
 
වියත් මග රේඩාර් පද්ධතියට හසු නොවන පහළ මට්ටමේ ජනයා එක්කර ගැනීමට "හරි මග" නමින්  තවත් සංවිධානයක් විය.
 
දැන් මේ සංවිධාන දෙක තිබෙනවාද කියා එහි සාමාජිකයන්වත් දන්නේ නැත.
 
තිබෙනවා නම් කමල් ගුණරත්න ගේ පොත් ප්‍රකාශ කරනවාට වඩා කළ හැකි වැදගත් යමක් ඇත.
 
එනම්, ජනාධිපතිවරණයට හා මහමැතිවරණයට පෙර පැවැත්වූවා සේ මහජන සමීක්ෂණයක් පැවැත්වීමයි.
 
එවිට රජය සිටින්නේ කොතැනද රටේ ජනතාව සිටින්නේ කොතැනද යන්න ගැන පැහැදිලි වැටහීමක් ඇති කරගත හැකිය.
 
පී. බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස තෝරා ගන්නා විට හිටපු ජනාධිපතිවරයකු ප්‍රකාශ කළේ මෙයයි.
 
" මේ ආණ්ඩුව විනාශ කිරීමට අප කිසිත් කළ යුතු නැත.
 
පී. බී. විසින් එය සිදුකරනු ඇත."
 
එය සත්‍යයක්ද, අසත්‍යයක්ද යන්න ඉතිරි අවුරුදු 4 ට පෙර තේරුම් ගත යුතුය.
 
වර්තමාන පාලනයට විරුද්ධ කණ්ඩායම නිර්මාණය වී ඇත්තේ පවතින නපුංසක විපක්ෂය තුලින් නොව ආණ්ඩුවට සහාය දැක්වූ 69 ලක්ෂය තුලිනි.
 
රජයට පක්ෂපාතී ලෙස හැසිරුණු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් පෙර පරිදි රජයට වාසිදායක ලෙස හැසිරෙන්නේ නැත.
 
රජයේ ඇතැම් ඇමැතියන් ගේ ගොං කතා රජය කෙරෙහි ජනතා කළකිරීම තවත් උත්සන්න කරවයි.
 
අද රජයට එරෙහි විශාලතම විරෝධය ගොඩනැගෙමින් තිබෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය සම්බන්ධයෙනි.
 
මෙහිදී ඇටමැස්සා කතා කරන්නේ මේ සම්බන්ධයෙන් ‍රජයට සහාය දැක්වූ පිරිස් දක්වන විරෝධය ගැනය.
 
එසේ නොමැතිව පර්‍යන්තයක් නොව වරායක්ම චීනයට විකුණාගෙන කද්දී පිම්පියන් සේ බලා සිටි ජනතා විමුක්ති පෙරමුණේ කුහක විරෝධය ගැන නම් නොවේ.
 
වරායේ නැගෙනහිර පර්‍යන්තය සම්බන්ධයෙන් නිමල් ලන්සා පැවසුවේ මෙසේයි.
 
" විවිධ අය බුරාගෙන ආවාට ඒ කිසිවෙකුට බියේ තීන්දු නොගන්නා බවත්, නැගෙනහිර පර්යන්තය ආයෝජනයන් සදහා ලබාදෙනවාමයි" යනුවෙන් ඔහු පැවැසීය.
 
නිමල් ලන්සාට එසේ කීමට අයිතියක් ඇත.
 
ඒ නැගෙනහිර පර්යන්තය ඔහුගේ දෑවැද්දට ලැබුණ එකක් නම් ය.
 
එහෙත් එය රටේ දේපොළකි.
 
මේ රටේ දැනට ජීවත් වන්නා වූ සහ මතු උපදින පරම්පරාවෙන්ට අයිති දේපොළකි.
 
මේ රටේ ජනතාව මේ රජයට 2/3 ක බලයක් ලබා දුන්නේ මෙවැනි ගොබ්බ කතා අසන්නට නම් නොවේ.
 
කරන්නට යන්නේ විකිණීමක් නොව ඒකාබද්ධ ව්‍යාපාරයක් බව හරියටම පැහැදිලි කර දෙන්නට මේ ආණ්ඩුව තුල කවුරුවත් නැත.
 
ආණ්ඩුව අනාගත්තේ එතැනිනි.
 
දැන් මොනවා කිව්වත් ජනතාව විශ්වාස කරන්නේ විකුණනවා යන්න පමණකි.
 
ඇත්ත ඒකය.
 
අනෙක නැගෙනහිර පර්යන්තය දෙන්න ‍යන්නේ ඉන්දියාවට ය.
 
මේ රටේ ස්වෛ‌රීත්වයට හානි පමුණුවමින් ගුවනින් පරිප්පු හෙළූ ඉන්දියාවටය.
 
ශ්‍රී ලංකාවට එරෙහිව කොටි ත්‍රස්තවාදය බිහි කළ ඉන්දියාවටය.
 
කොටි ත්‍රස්තවාදීන්‍ ගේ පුහුණු කඳවුරු පැවැත්වීමට තම භූමිය ලබාදුන් ඉන්දියාවටය.
 
කොටි ත්‍රස්තවාදීන්‍ට මුදල් හා ආයුධ සපයමින් අනුග්‍රහය දැක්වූ ඉන්දියාවටය.
 
අපේ රටට එරෙහිව "රෝ" ඔත්තු සේවාව ක්‍රියාත්මක කළ ඉන්දියාවටය.
 
මේ රටේ ජනතාවට 30 වසරක යුද්ධයකින් බැට කන්නට සැලැස්වූ ඉන්දියාවටය.
 
ඒ 30 වසරක යුද්ධය නිමා කළ නායකයකුගේ පාලන කාලයේදී මේ රටේ යුද්ධය නිර්මාණය කළ ඉන්දියාවටම නැගෙනහිර පර්යන්තය දීමට සිදුවුහොත් එය කෙතරම් ඛේදවාචකයක් ද?
 
ඉන්දියාවට වඩා බලවත් ඇමෙරිකාව සමග පසුගිය රජය ගිවිසුම්ගත වූ MCC ගිවිසුමෙන් ඉවත් වීමට මේ රජයට ශක්තිය තිබිණ.
 
එම ශක්තියම නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටළුව හමුවේදී ද ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් තිබිය යුතුය.
 
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදී තාවකාලිකව රජයට වාසි ලබාගත හැකිවනු ඇත.
 
ජිනීවාහිදී ඉන්දියාවේ සහාය අපට ලබාදෙනු ඇත්තේ නැගෙනහිර පර්යන්තය වෙන්දේසියේ තබාය.
 
එහෙත් ඒ වෙනුවෙන් සදහටම මේ රටේ ජනතාවගේ හොද හිත මේ රජයට අහිමිවනු ඇත.
 
මේ රජය නැගෙනහිර පර්යන්තය පිළිබද ප්‍රශ්නය කළමනාකරණය කරන අන්දම අනුව මීළඟට බලයට පත්වීමට බලාපොරොත්තු වන රාජපක්ෂවරයාගේ ඉරණම තීන්දු කරනු ඇත.
 
 
(ඇටමැස්සා)
################
 
සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...