BREAKING
Top Ad
ඇට මැස්සා

ආටිගල ගුලිය හා සීනි බද්ද - (ඇටමැස්සා 96)

T

The Leader

March 13, 2021 • 4:09 AM

ආටිගල ගුලිය හා සීනි බද්ද  -  (ඇටමැස්සා 96)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආටිගල ගුලිය බඩේ අමාරුවට දිව්‍යමය ඖෂධයකි.
  • එහිදී ලේකම්වරයා මෙසේ පවසයි.
  • 50 සිට සත 25 දක්වා අඩු නොකළේ නම්, මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝ 1 ක මිල රු.
  • 175 ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවත්, එහිදී බදු අඩු කිරීම රාජ්‍ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආටිගල ගුලිය හැදුවේ ආටිගල වෙද මහත්තයා ‍ය.

ආටිගල ගුලියක් ගෙන දෙහි ඇඹුලින් දිය කර බීමෙන් බඩේ අමාරුව නිට්ටාවට සුව කර ගත හැකිය.

ආටිගල ගුලිය මතක් වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිසාය.

එහි ලේකම් ද ආටිගල කෙනෙකි.

හරිම නම එස්. ආර්. ආටිගල ය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා ද ඊයේ ගුලියක් ඇඹරුවේය.

ඒ බඩේ අමාරුව සනීප කරගන්නට නොව හිතේ අමාරුව සනීප කරගන්නට ය.

සීනිවලින් හොරා කෑ හොරුන් රැකගන්නට ය.

එහිදී ලේකම්වරයා මෙසේ පවසයි.

සීනි සඳහා පනවා තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට සත 25 දක්වා අඩු නොකළේ නම්, මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝ 1 ක මිල රු. 175 ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවත්, එහිදී බදු අඩු කිරීම රාජ්‍ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත් ය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙසේ කරුණු දැක්වීය.

“අපි මේ සත 25 තවම වෙනස් කරලා නැහැ. සීනි 135 ට තිබුණු එක අද 115 ට අඩුවෙලා තියෙනවා. CIF වටිනාකම රු. 72 සිට අද වෙන කොට රු. 90 දක්වා වැඩිවෙලා. මේක අඩු කළේ නැත්තන් සීනි 135 නෙමෙයි 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ ප්‍රතිලාභය ක්‍රමානුකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා.

“එදා ඔක්තෝබර් 13 වෙනිදා සීනි රු. 50 සිට සත 25ට කිලෝ එකට අඩුකළා. ඊට අමතරව ළූණු, පරිප්පු, සැමන් වැනි තවත් භාණ්ඩ කිහිපයක අඩු කළා. පත්තරවල තියෙනවා, මුදල් අමාත්‍යාංශ්‍ය කිව්වා කියලා, බිලියන 15.9 ක් සීනිවලින් ආදායම අහිමි වීමක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බැහැ. එහෙම loss එකක් නැහැ. Public Finance Commission එක අපෙන් ඉල්ලුවා පෙබරවාරි මාසයේ 10 වෙනිදා දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය. එතකොට ඔක්තෝබර් 13 සිට පෙබරවාරි 10 දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය යම්කිසි ගණනක් තියෙනවා. ඒකට රු. 50 සිට සත 25 ට අඩුවුණු නිසා රු. 49.75 ක් එක කිලෝ එකකට අපිට ආදායම ලැබෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ, ඒක ආදායම් අහිමි වීමක් කියලා. ඒක තමයි ප්‍රතිපත්තිය.“

ආටිගල උන්නැහේ උත්තර නොදෙන ප්‍රශ්නයක් මෙතැන ඇත.

රුපියල් 50 හේ බදු මුදල සත 25 කළේ ජනතාවට සීනි රුපියල් 85 ට දෙන්නට ය

ගැසට් පිට ගැසට් ගැසුවේ සීනි රුපියල් 85 ට දෙන්නට ය.

එසේ නම් සීනි බද්ද සත 25 දක්වා අඩු කළ ඔක්තෝබර් 10 වැනිදා සිට අද දක්වාම සීනි රුපියල් 85 ට දීගත නොහැකි වූයේ ඇයිද යන්නට පැහැදිලි උත්තරයක් දීම ආටිගලගේ වගකීමකි.

තවත් දෙයක් ඇත.

රුපියල් 50 හේ බද්ද සත 25 දක්වා අඩු කිරීමෙන් සිදුවූ බිලියන 15.9 ක ආදායම් අහිමි වීම, ආදායම් අහිමිවීමක් ලෙස හැඳින්විය නොහැකි බව ආටිගල ආර්ථික න්‍යාය යි.

ආටිගල ගේ පඩිය මේ මාසයේ සිට රුපියල් 25,000 කින් අඩු කළහොත් ඔහු එය විග්‍රහ කරන්නේ කෙසේදැයි දැනගැනීමට ආටිගල ගේ පඩිය මාර්තු මාසයේ සිට අඩු කළ යුතුය.

රට හමුවේ දෙන පඬි ටෝක් තමන්ගේ බඩට වදින විට දෙන්නේ කෙසේදැයි එවිට බලාගත හැකිය.

මේ ප්‍රශ්නය අහන්න තරම් කොන්දක් එදා එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි පොන්න මාධ්‍යකාරයන්ට නොහැකි වීම රටේ ජනමාධ්‍ය වැටී ඇති තැන පෙන්නුම් කරයි.

සීනි හොරා කෑ එක් ජාවාරම්කරුවකු ගැන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ප්‍රබලයන් ද නිහඬය.

ඒ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන් අසනීප සදහා ප්‍රතිකාර ගන්නට සිංගප්පූරුවට ගිය විට පහසුකම් සපයන්නා වන්නේ මේ ජාවාරම්කරුය.

නවාතැන් පහසුකම් ඔහුගේ ෂැංග්‍රිලා හෝටලයේ අපාර්ට්මන්ට් එකෙනි.

සීනි බද්ද අඩු කළේ එහි හිලව්වට බව රටේ පැතිරී ඇති කතාවයි.

ආටිගල බබා නොදන්නා බව පෙන්වන කතාවයි.

මෙවැනි දේ ජේ.ආර්. ගේ, ප්‍රේමදාස ගේ,
ඩී. බී. ගේ, චන්ද්‍රිකා ගේ මහින්ද ගේ, සිරිසේන ගේ කාලයේ සිදුවූවත් ගෝඨාභය ගේ කාලයේ වෙතැයි කියා 69 ලක්ෂය නම් හිතුවේ නැත.

69 ලක්ෂයට අයිති නොවූවන්වත් සිතුවේ නැත.

මේවා ලියන්නේ තරහට නොව මේ යන වැරැදි ගමනේ හරහට ය.

ජනතාව සිටින්නේ දැඩි අපේක්ෂා භංගත්වයකිනි.

"යර්ස් සර්" කියන්නෝ මේවා නොකියති.

මහින්ද අමාරුවේ දැම්මේත් වට කරගෙන සිටි මෙවැනි අවස්ථාවාදීන් ය.

ගෝඨාභයට මහින්ද ගෙන් ඉගෙන ගැනීමට ඇති හොඳම පාඩම එයයි.

 

 The Leader TV

 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...