BREAKING
Top Ad
ඇට මැස්සා

බතික් ඇමැති - ඇටමැස්සා (98)

T

The Leader

March 30, 2021 • 11:32 AM

බතික් ඇමැති - ඇටමැස්සා (98)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කතාවේ අතීතය මීට අවුරුදු 30 කට එහා දිව යන්නකි.
  •   එහෙත් ප්‍රසංගය දවසේ උදේ වරුවේ    අර 'දයා ගී 'ප්‍රසංගයේ පෝස්ටර් සේරම වසා ඒ උඩින් අලුත් පෝස්ටර් එකක් අලවලා තිබුනි.    ඒ පෝස්ටරේ සටහන්ව තිබුනේ මෙලෙසිනි .
  •     දයාසිරි ගැන ලියද්දී අතීත කතාව මතක් කළේ හේතු ඇතිවය.
  •   ලංකාවේ වැඩිම කාලයක් බලය දැරූ පක්ෂයේ මහ ලේකම් බවට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 කොළඹ සරසවියේ නව කලාගාරයේ අංකුර ගායකයකුගේ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබුනි.
 
ඒය නම් කර තිබුනේ ' දයා ගී ප්‍රසංගය ' නමිනි.
 
එහෙත් ප්‍රසංගය දවසේ උදේ වරුවේ 
 
අර 'දයා ගී 'ප්‍රසංගයේ පෝස්ටර් සේරම වසා ඒ උඩින් අලුත් පෝස්ටර් එකක් අලවලා තිබුනි. 
 
ඒ පෝස්ටරේ සටහන්ව තිබුනේ මෙලෙසිනි .
 
'මැර ගී ප්‍රසංගය '
 
මේකය හේතුව .
 
ප්‍රසංගයට කලින් දින හවස ගෝරියක් දාගත් අංකුර ගායකයා තවත් ශිෂ්‍යයකුට පහර දී තිබේ.
 
පහර කෑ ශිෂ්‍යයාගේ මිතුරන් විසින් ප්‍රසංගයට මේ අලුත් නම දමා තිබුනි.
 
පහර කෑ ශිෂ්‍යයා කවුද කියා කාටවත් මතක නැත.
 
එහෙත් අර පෝස්ටරයත් ගායකයාත් කාටත් මතකය.
 
ඒ ගායකයා වූයේ දයාසිරි ජයසේකර ය.

WhatsApp Image 2021 04 03 at 9.21.41 AM

 
 
දයාසිරි ගැන ලියද්දී අතීත කතාව මතක් කළේ හේතු ඇතිවය.
 
ඒ හිටි ගමන් අර ශිෂ්‍යයාට පහර දුන් දඩි බිඩි කාරයා දයාසිරි තුලින් මතුවෙන බැවිනි.
 
දයාසිරි විපක්ෂ මන්ත්‍රීවරයකුව සිට ඇමැති, මහ ඇමැති දක්වා ඉහළටම ගියේය.
 
ලංකාවේ වැඩිම කාලයක් බලය දැරූ පක්ෂයේ මහ ලේකම් බවට පත් විය.
 
අන්තිමට ඔහු රාජ්‍ය ඇමැති දක්වා පහළට ඇද වැටුණි.
 
එසේ පහළට වැටුණු දයාසිරි ජයසේකර අර සියලු තනතුරුවලට වඩා රටට වැඩක් කර පෙන්වූයේ එකී රාජ්‍ය ඇමැති පදවිය දරමිනි.
 
' බතික් ඇමැති ' 
 
ඒ ඔහු හැඳින්වූ නමය.
 
 
බතික් ඇමැතිකම බාර ගන්නට දයාසිරි කැමැති වූයේත් නැත.
 
එහෙත් ලොකු ලොකු ඇමැතිකම් අතරේ දයාසිරිගේ පුංචි බතික් ඇමැතිකම ගැන කතා කළ යුත්තේ ඇයි? 
 
මේ කෙටි කාලය තුල දී ඔහු බතික් ගැන කතා කරන්නට හොඳ පසුබිමක් නිර්මාණය කළ නිසාය.
 
ඒ, සීනි ජාවාරම්කරුවන්ට තරම්වත් සහයෝගයක් නැති පසුබිමක් තුලදීය.
 
එමෙන්ම, රජයේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන රජයට සහාය දුන් ජනතාව අතරම සැක සංකා වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුලදී ය.
 
අද රට තුල පරිසරය ගැන, සීනි ගැන, තෙල් ගැන නෙගටිව් මතවාදයන් පැතිරෙමින් තිබේ.
 
ඒ අතරේ බතික් ගැන පොසිටිව් මතවාදයක් පැතිරෙන්නට පටන් ගෙන ඇත.
 
ගෞරවය දයාසිරිටය.
 
කිසිමදාක නොදුටු බතික් විලාසිතා රැල්ලක් ‍රට පුරා ව්‍යාප්ත වී තිබේ.
 
ඒවා අප අතීතයේ දුටු සාම්ප්‍රදායික බතික් නිර්මාණ නොවේ.
 
නූතන බතික් නිර්මාණයන් ය.
 
ඇඳුම් සාප්පුවල ඉදිරිපස සැරසී ඇත්තේ බතික් ගවුම්, බතික් සාරි ආදියෙනි.
 
ලංකාවේ ‍අත් යන්ත්‍ර පේෂකර්මාන්තය කඩා වැටෙන්නේ 1977 දී ජේ.ආර්. උන්නැහේ ගේ ආගමනයත් සමගිනි.
 
එතැන් පටන් මේ දක්වාම  අත් යන්ත්‍ර පේෂකර්මාන්තය මෙන්ම බතික් කර්මාන්තය ඇදගෙන ආවේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විසිනි. 
 
මේ කර්මාන්ත දෙකේම ඇද වැටීමට තවත් හේතුවක් වූයේ කාලානුරූපව නවීකරණයට අපොහොසත් වීමයි.
 
බතික් කියා තිබුනේ එකම මෝස්තරයකි.
 
 ‍අත් යන්ත්‍ර සාරිවල තත්ත්වය ද එසේම විය.
 
ඒ හැරෙන්නට මේ  අත් යන්ත්‍ර සාරිවල සාරිවලට සව් උයා කැඳ දමන්නට තරම් කාලවේලාවක් නැත.
 
ඒ වෙනුවෙන් දියර කැඳ වෙළෙඳ පොළට හඳුන්වා දිය යුතුව තිබුනි.
 
හත් මුතු පරම්පරාවක් තිස්සේ පට්ට ගැසූ මෝස්තරවලින් අත්මිදිය යුතුව තිබුනි.
 
දයාසිරිට ඒ ගැන අවධානය යොමු කළ හැකිනම් නැවුම් බතික් කලාවක් බිහිකරගැනීම අසීරු නැත. 
 
පසුගිය දිනෙක කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණි මිතුරකු අත වෙනස්ම ආකාරයේ බතික් නිර්මාණ කිහිපයක් විය.
 
වැඩිදුර විමසීමේදී දැනගන්නට ලැබුනේ මේ ගම්බද ප්‍රදේශයේ බතික් නිර්මාණ ශිල්පීයා අන්තර්ජාලය පිරික්සා නවතම මෝස්තර සකසාගෙන ඇති බවයි.
 
එනම්, අපේ බතික් නිර්මාණකරුවා අවදී වී ඇති බවයි.
 
ආණ්ඩුවේ සහයෝගයද ඇතිව තෙල් කර්මාන්තය හා සීනි කර්මාන්තය මෙන් ලාබ ඉපැයීමට බතික් කර්මාන්තයෙන් නොහැකි වන්නට පුළුවන.
 
එහෙත් එයට මියයන්නට ඉඩ තැබිය යුතු නොවේ.
 
ජිනීවා හිදී අපේ රටට එරෙහි වූ ඉන්දියාවේ සාරි වෙනුවට, ඉන්දියාවෙන් ගෙන්වන ගන්ටාර මාක් බාල බතික් සරම් වෙනුවට අපේ රටේ ජනතාව අපේ රටේ නිෂ්පාදනයන් තෝරාගන්නා දිනය දයාසිරි ගේ දිනුම් කණුව යි.
 
මෙදා සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවට පසු රජයේ කාර්යාලයවලට කාන්තාවන් බහුතරයක් සැරසී එනු ඇත්තේ නිසැකවම බතික් සාරිවලිනි.
 
ඒ කෙටි කාලීන ජයග්‍රහණය දිගුකාලීන එකක් බවට පත් කිරීමට දයාසිරි තුල ජීවත් වෙන 'දඩබ්බරයාට' හැකි විය යුතුය.
 
මන්ද ‍යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්නවාට වඩා පහසුවෙන් ලංකාවේ බතික් කර්මාන්තය ගොඩගත හැකි නිසාය.
 
 
(ඇටමැස්සා)

 

 


 

THE LEADER TV 
 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...