හැම වර්ෂයකම එහි පැවැත්වෙන ජාත්‍යන්තර දිනය එදිනට යෙදී තිබිණි.
වේදිකාවට ගොඩ වන්නේ ශ්‍රී ලාංකිකයෙකි.
එහිදී ඔහු අපූරු නිරූපණයක් කරයි.
ඔහු කතා කරන්නේ අපේ 'සරම' ගැනය.
සරමේ ඇති විවිධ ප්‍රයෝජන ඉතා අපුරුවට රංගනයේ යෙදෙමින් ඔහු නිරූපණය කරයි.
සාමාන්‍ය ගමනකදී විනීත සරම, ගෝරියකදී ඝංටාරය දක්වා එසවෙන සරම, කාන්තාවක් නාන තොටේදී අඳින සරම, ඇඳුම් මාරු කරද්දී ආවරණයක් වන සරම, පොරවන සරම, කැහැපට ගහන සරම ආදී වශයෙන් සරම ගැන ඔහු අපූරු හැඳින්වීමක් කළේ සභාවම සිනා සයුරේ ගිල්වමිනි.
කැලිෆෝනියාවේ සදර්න් යුනිවර්සිටියේ ජාත්‍යන්තර දිනය අවසන් වන්නේ මේ
ශ්‍රී ලාංකිකයා එය තමන්ගේ දිනයක් බවට පරිවර්තනය කර ගනිමිනි.
මේ අපූර්ව මිනිසා අන් කවරෙකුවත් නොව භද්‍රජී මහින්ද ජයතිලක ය.
වැඩිදෙනා භද්‍රජී හඳුන්වන්නේ 'බට්ටිත්තා' යන නමිනි.
ඔහුගේ ඒ ගීතයම ඔහුව හඳුනා ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය.
භද්‍රජී ජීවත්වන්නේ කැලිෆෝනියාවේ 'හෙමට්' නම් කුඩා ගම්මානයකය.
අපේ රටේ සමහර සමාජ විද්‍යාඥයින් විසින් අප රටට එරෙහි පත්‍රිකා සකස් කොට කටුනායක ගුවන්තොටුපලේ දීම විදේශිකයන්ට විකුණා හම්බකරගෙන කෑම කලෙක පටන් කරගෙන එන්නකි.
භද්‍රජී එහි අනිත් පැත්තය.
ඔහු කරන්නේ ඇමරිකාවේ සිට ශ්‍රී ලාංකිකයන්ට සිංහලෙන් පොත් ලියා එම අත්පිටපත් කටුනායකින් ලංකාව තුළට රැගෙන ඒමය.
ඔහුගේ ගමන් මල්ලේ තිබෙන්නේ ඇඳුම් කෑලි දෙක තුනක් පමණි.
ඉතිරි සියල්ල අත්පිටපත්ය.
අවුරුදු ගණනාවක සිටම ඔහු මෙම චාරිකාව සිදු කරන්නේ තම අතේ ඇති පිච්චිය ද වියදම් කර ගනිමිනි.
මක් නිසාද යත් ඔහු ගෙනෙන අත්පිටපත් විකුණා ඇමරිකා බලා නැවත යාමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමටත් ප්‍රමාණවත් නොවන බැවිනි.
භද්‍රජී ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය.
ඔහුත් සමඟ ඔහුගේ පන්තියේ තවත් තිදෙනෙකු ඉගෙන ගත්තේය.
ඒ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන හා අනුර බණ්ඩාරනායක යි.
මේ තිදෙනාගේම එකම හැකියාව දේශපාලනය වූ අතර භද්‍රජී විවිධ හැකියාවන්ගෙන් යුක්තවිය.
විටෙක ඔහු කෙටිකතා රචකයෙකි.
නවකතා රචකයෙකි.
නළුවෙකි
ගායකයෙකි.
තවත් විටෙක ගීත රචකයෙකි.
තනු නිර්මාණකරුවෙකි.
චිත්‍ර ශිල්පියෙකි.
ටෙලිනාට්‍ය , වේදිකා නාට්‍ය පිටපත් රචකයෙකි.
තිර නාටක රචනා කරන්නෙකි.
චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකි
සියල්ලන්ටමත් වඩා ඔහු හොඳ මනුස්සයෙකි.
මෙලොව ඇති අමාරුම දෙයත් එයය.
හොඳ මනුස්සයෙක් වෙන එකය.
දිනක් දයාසේන ගුණසිංහ මහතා භද්‍රජී ගැන සඳහන් කරමින් පැවසුවේ 'මොනවා උනත් මේ මනුස්සයා සිංහලෙන් අපිට මොනවා හරි ලියනවා' යනුවෙනි.
භද්‍රජී ගේ නවකතා 'දිවයින ඉරිදා සංග්‍රහයේ' පළ කරන්නට පටන් ගත්තේ ද දයාසේන ගුණසිංහයන් විසිනි.
භද්‍රජී ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමට පුරෝගාමී වූ මුල් කණ්ඩායමේ කෙනෙකි.
පසු කලෙක ඔහු රූපවාහිනිය ඉදිරිපිට පාරේ මාර ගසක් යට සිටිනු දැක ඇත්තෙමි.
වත්මන් 'මාධ්‍යවේදීන් 'ලෙස හංවඩු ගසා ගත් පරපුර භද්‍රජීලා නොහැදිනීම ඊට හේතුවයි.
භද්‍රජී වරක් අයිටීඑන් නාලිකාව සඳහා අපූරු නිර්මාණයක් කළේය .
එය 'අතරමග නවාතැනක් ' නම් විය.
කැමරා තුනක් යොදා රූගත කළ මෙම ඒකාංගික ටෙලිනාට්‍ය එම මොහොතේම සංස්කරණය කර පෙන්විය හැකි විය.
හොල්මන් කතාවක් තේමා කරගත් එය ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ සසල සිත් ඇත්තන්ට අවවාද කරමින් විකාශය වූ පළමු ටෙලි නාට්‍යය විය.
1994 වර්ෂයේදී ඔහු ලියූ 'පවුරු බැදි රාජ්‍යය'
කෘතියට ඩී.ආර්. විජේවර්ධන සම්මානය හිමිවිය.
එහි විනිශ්චය මණ්ඩලය එම සම්මානය පිරිනැමීමට පෙර චීන තානාපති කාර්යාලයෙන් විමසීමට තීරණය කළේ මෙය කොපියක් දැයි සොයා බැලීමටය.
( එසේ කොපි කර පොත් ගසන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් ගැන විනිශ්චය මණ්ඩලයට අවබෝධයක් තිබී ඇත.)
එහෙත් මෙම කෘතිය භද්‍රජීගේ නිර්මාණයක් බව දැනගත් වහාම විනිශ්චය මණ්ඩලය චීන තානාපති කාර්යාලය වෙත යෑම අත් හිටවූයේ භද්‍රජී නිර්මාණ කෞෂල්‍යය ගැන ඔවුන් තුල තිබූ විශ්වාසය නිසාය.
භද්‍රජීට රාවණා රජු ගැන ලියන්නට බොහෝ උවමනාවක් තිබුණි.
ඒ රාවණා රජු ගැන ඇති දුර්මත තුනී කිරීම සදහාය.
රාවණා පුවත ගැන තොරතුරු සොයාගැන්මට ඔහු පාන්දර එකට දෙකටත් අහුබුදු මහත්තයාගේ ගෙදර කල් මැරුවේය.
යකා වෙද මහත්තයාගෙනුත් ඓතිහාසික තොරතුරු එක් රැස් කර ගත්තේය.
ඔහුට එය ඉංග්‍රීසියෙන් මුද්‍රණය කිරීමට අවශ්‍ය වූයේ රාමායණය විසින් වපුරා ඇති රාවණා ඉතිහාසය නිවැරැදි කරන්නටය.
'හෙළ යක් පරපුරේ කතාව ' නමින් රාවණා පොත සිංහලයෙන් නිකුත් වුවත් එහි ඉංග්‍රීසි මුද්‍රණය වූවා දැයි තොරතුරක් නැත.
මේ සැප්තැම්බර් මාසයයි.
මේ පොත් වසන්ත සමයයි.
කොරෝනා නොවන්නට භද්‍රජී දැනටමත් ලංකාවේ ය.
( පහත දැක්වෙන්නේ ' කේසරා ' ගීතය භද්‍රජී විසින් සිංහලට නැංවූ අයුරුයි.)
ඇමරිකාවේ සිංහලයා- ඇටමැස්සා (23)
T
The Leader
September 15, 2020 • 5:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 1995 වර්ෂයේ එක්තරා දිනයකි. ස්ථානය කැලිෆෝනියාවේ සදර්න් විශ්වවිද්‍යාලයයි. (university of southern california. )
- සරමේ ඇති විවිධ ප්‍රයෝජන ඉතා අපුරුවට රංගනයේ යෙදෙමින් ඔහු නිරූපණය කරයි.
- අවුරුදු ගණනාවක සිටම ඔහු මෙම චාරිකාව සිදු කරන්නේ තම අතේ ඇති පිච්චිය ද වියදම් කර ගනිමිනි.
- මේ තිදෙනාගේම එකම හැකියාව දේශපාලනය වූ අතර භද්‍රජී විවිධ හැකියාවන්ගෙන් යුක්තවිය.
අකුරු ප්‍රමාණය (Font Size):
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


