BREAKING
Top Ad
ඇට මැස්සා

වසංගතය දුරු වේවා ! -වසන්තය උදා වේවා ! - ඇටමැස්සා (88)

T

The Leader

December 31, 2020 • 10:29 PM

වසංගතය දුරු වේවා ! -වසන්තය උදා වේවා ! - ඇටමැස්සා (88)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2020 නිකංම ගෙවිලා ගියා.
  •   කැලෑ ඇතුළට හරක් දැක්කීමේ ප්‍රශ්න.
  • ට ලැබුණ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරවාගැනීමේ ප්‍රශ්නය.
  •   ජේවීපී එකට තියෙන 3 රැකගැනීමේ ප්‍රශ්නය.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනාධිපතිතුමාට ප්‍රශ්න.
 
ආණ්ඩුවට ප්‍රශ්න.
 
විපක්ෂයට ප්‍රශ්න.
 
මිනිසුන්ට ප්‍රශ්න.
 
ආදාහනය කළත් ප්‍රශ්න.
 
භූමදානය කළත් ප්‍රශ්න.
 
භූමදානය කළොත් මුස්ලිම් ඡන්ද නැති වෙන ප්‍රශ්නය.
 
ආදාහනය කළොත් සිංහල ජන්ද නැති වෙන ප්‍රශ්නය.
 
PCR කරනවද රැපිඩ් ඇන්ටිජන් කරනවද කියන ප්‍රශ්නය.
 
එන්නත් ප්‍රශ්නය.
 
ධම්මික පැණි ප්‍රශ්නය.
 
ධම්මිකට ඔච්චර කාලේ බෝතල් කොහෙන්ද කියන ප්‍රශ්නය.
 
රස්සාවල ප්‍රශ්න.
 
පඩි කැපීමේ ප්‍රශ්න.
 
බැංකුවලට කලට වේලාවට ණය වාරික ටික කපාගැනීමේ ප්‍රශ්න.
 
කැලෑ මැද්දෙන් පාරවල් කැපීමේ ප්‍රශ්න.
 
කැලෑ ඇතුළට හරක් දැක්කීමේ ප්‍රශ්න.
 
රැකියා විරහිත පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න.
 
රැකියාලාභී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පර්මිට් නැති ප්‍රශ්න.
 
 
ගෝඨාභය කෙලින් තීන්දු තීරණය ගැනීමට කල් ගැනීමේ ප්‍රශ්නය.
 
බැසිල් එයිද නැද්ද කියන ප්‍රශ්නය.
 
යූ.එන්.පී. ට ලැබුණ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පුරවාගැනීමේ ප්‍රශ්නය.
 
බදුර්දීන්ට ආණ්ඩුවට පැන ගැනීමේ ප්‍රශ්නය.
 
ශ්‍රී ලංකා එකට තැනක් නැතිකමේ ප්‍රශ්නය.
 
ජේවීපී එකට තියෙන 3 රැකගැනීමේ ප්‍රශ්නය.
 
සජබ නායකතුමාට චම්පික ‍යටින් ගේම ගහන  ප්‍රශ්නය.
 
බඩු මිල ඉහළ යෑමේ ප්‍රශ්නය.
 
සීනි රුපියල් 85 තාමත් දෙන්න බැරි ප්‍රශ්නය
 
හාල් මාෆියාවේ ප්‍රශ්නය.
 
ජන්දයට පෙර සිටි වියත් මග වියතුන් ජන්දයෙන් පසු අස්ථානගතවීමේ ප්‍රශ්නය.
 
තියෙන එකාට තව හම්බ කරගැනීමේ ප්‍රශ්නය.
 
නැති එකාට ජීවත්වීමේ ප්‍රශ්නය.
 
 
සේරටම වඩා අද මූනිච්චාවට සුබ පතන එවුන්ගේ ප්‍රශ්නය.
 
හෙට ඉදන් බෙලි කපන එවුන්ගේ ප්‍රශ්නය.
 
2021 ට අපි යන්නේ මේ ප්‍රශ්නත් එක්ක.
 
ප්‍රශ්නය මේකයි.
 
2022 ට අපි මේ ප්‍රශ්න කීයක් අරගෙන යනවාද ?
 
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසංගතය දුරු වේවා ! -වසන්තය උදා වේවා ! - ඇටමැස්සා (88) | The Leader