"...ඉස්සර කොළඹින් මහත්තුරු එනවා. සුමානයක් දෙකක් මෙහෙ නතර වෙලා ඉන්නවා. සමහරු පොත් කියවනවා. තව සමහරු පින්තූර ගන්නවා... ඒත් දැන් එන මහත්තුරු ආපු වෙලාවේ ඉඳන් ඇවිදිනවා ..නිවාඩුවක් ගත කරන්න ඇවිත් කොළඹ හිටියටත් වඩා මහන්සි වෙලා ආපහු යනවා...."
ඔහු මේ කිව්වේ එදා සහ අද දේශීය සංචාරකයින් අතර තියෙන වෙනසයි.
බලාගෙන යනකොට කතාව ඇත්ත.
කොළඹ ජීවිතේ අහිමි විවේක සුවය ඇති කරගන්න කියලා ගිහින් අපි කරන්නේ ඊටත් වඩා කාර්යබහුල වෙන එකයි.
මේ පුංචි ප්‍රවේශය ගන්නේ යමක් ගැන කියන්නයි.
දඹුල්ලට ගිය සුන්දර ගමනක් ගැනයි.
රෑ නොනිදනා දඹුල්ල
දඹුල්ල කියන්නේ රෑ නොනිදන නගරයක්.
එක්තරා පර්යේෂණ කටයුත්තක් සඳහා ගිය ගමනකදි අපි නතර වුණේ දඹුල්ලේ ගොවි ගෙදරක.
කෑම බීම ටික පවා ඒ මිනිස්සු අපට හදලා දුන්නා.
සල්ලි වලට නෙවෙයි මනුස්සකමට.
අපි පර්යේෂණ කටයුත්තට පිටවෙලා යන්න කලින් ඒ ගෙදර උදවියගෙන් ඉල්ලා හිටියේ රාත්‍රී කෑමට පොල්සම්බෝල හා බත් පමණයි.
එහෙම කිව්වේ ඒ ගෙදර උදවියට කරදරයක් නොවෙන්නයි.
අපේ රාජකාරිය ඉටු කරගෙන රාත්‍රී කෑම සඳහා සූදානම් වුණා.
මේසේ පිරෙන්න ව්‍යංජන ජාති හදලා.
ඒ අතරේ පුංචි පීරිසියක පොල් සම්බෝල ටිකක් තියෙනවා.
ඒක එක්කෙනෙකුට විතරක් ඇති.
ඒ වෙලාවේ එතනට ආපු ඒ ගෙදර අම්මා කියනවා "කවුද පුතෙක් පොල් සම්බෝල ඉල්ලුවා නේද...? එයාට මේක... " කියලා.
අපි කිව්වා පොල් සම්බෝල ඉල්ලුවේ ඔයගොල්ලන්ව මහන්සි නොකරන්න ඕන නිසා කියලා.
එතකොට ඒ ගෙදර අම්මා මෙහෙම උත්තර දුන්නා.
"පුතේ අපි රෑට පොල් සම්බෝල හදන්නේ නෑ..."
ඒ උත්තරේ දිගේ දිගින් දිගටම අපි කරුණු විමසුවා.
එතකොට ඇදිලා අවේ බොහොම ලස්සන කතන්දරයක්.
ඒක අපේ පාරම්පරික දැනුම පිළිබඳ කතන්දරයක්.
අද ඉන්න කුකරි ක්ලාස් අම්මලා දැනගතයුතු කතන්දරයක්.
රස මුසු කියලා හිතාගෙන දරුවන්ට වස මුසු කවන අම්මලා දැනගතයුතුම කතන්දරයක්.
මේ ඒ කතාවයි.
මේ උදවිය රෑට පොල් සම්බෝල හදන්නේ නැත්තේ ඒක උයන දෙයක් නොවුන නිසා.
රෑට පොල්සම්බෝල කාලා බඩේ අමාරුවක් හැදුනොත් වැසිකිළි යන්න වෙනවා.
වැසිකිලිය තියෙන්නේ ගෙදරට හුඟක් ඈතින්.
ඇටෑච් බාත්රූම් සංකල්පය ඔවුන් පිළිකුල් කරනවා.
"..කවුද මහත්තයෝ ජරාව දාන තැන ගේ ඇතුලෙ තියාගෙන ඉන්නේ...."
මේ ඔවුන්ගේ ආකල්පයයි.
තව දෙයක් !
රෑට පොල්සම්බෝල නොකන අනිත් හේතුව තමයි ඈත තියෙන වැසිකිළියට රාත්‍රියේ යෑම අනතුරුදායකයි.
දඹුල්ල කියන්නේ සත්තු සර්පයින් ගැවසෙන පැත්තක්.
බලන්න මේ ගැමි ආකල්ප දෙස.
කොළඹදී නම් මේවට කියන්නෙ ස්ට්‍රැටජි කියලා.
එහෙම කියලා ඒවට සල්ලි ගන්නවා.
ඒත් මේ ගැමි නුවණ, දැනුම ගොඩ නැගිලා තියෙන්නේ අත්දැකීම් පදනම් කරගෙන.
මේ කතාව දිගටම යද්දී අපි ඇහුවා රාත්‍රියට නොකන තවත් දේවල් තියෙනවද කියලා.
එවිට ඇය කියනවා අපි රෑට කරවිල කන්නේ නෑ පුතේ කියලා.
ඒ පිළිබඳ ඇගේ අර්ථකථනය මෙහෙමයි.
රෑට කරවිල කෑවම ඇඟේ සීනි බහිනවා.
සීනි අඩු කෙනෙක් කරවිල කෑවොත් සිහි නැති වෙන්නත් පුළුවන්.
ඇය මේ කියන්නේ 'කෝමා' තත්ත්වයක් ගැනයි.
මේවා කවුරුත් කියලා දීපුවා නෙවෙයි, පාරම්පරික දැනුමෙන් උකහා ගත් දේවල්.
මේ තව කියූ දේවල්.
"..ඉස්සර අපේ වට්ටක්කා හරි, මෑකරල් හරි උයලා ඉතුරු වෙච්ච බොර ටික තියෙන හට්ටියට අත දාල ගත්තම ඒ බොර ටිකෙන් රෑට බත් පිඟානක් වුණත් කන්න පුළුවන් ...
ඒත් 77න් පස්සේ J.R. ගැප් ගිවිසුම අත්සන් කරලා පිලිපීනයෙන් බීජ ගෙන්නන්න ගත්තට පස්සේ අපේ එළවළු, අපේ පලතුරු නැතිවෙලා ගියා.
අද අපට අපේ වට්ටක්කා, පත්තක්කා නෑ. අපේ ගස්ලබු නෑ. පතොල, වැටකොළු නෑ .අද අපි කන එළවළු දියර රහ ඒකයි...."
මේ වදන් අස්සෙ හැංගිලා තියෙන්නේ අපට වෙච්ච දේ.
අද අපි අපේ පාරම්පරික දැනුම උකස් කරල බටහිරයින් දෙන දැනුම වැළඳගනිමින් ඉන්නවා.
අපි පාරම්පරික එළවළු පලතුරු බීජ ටික විනාශ කරගෙන අද බටහිර බහුජාතික සමාගම් දෙන දේවල් කමින් බොමින් ඉන්නවා.
අපි කන බොන විදිහ තීරණය කරන්නේ ඔවුන්.
අපේ දරුවන්ට ගෙදර හදන බතට වඩා චීනයටත් වඩා ලංකාවෙ තියෙන චයිනීස් රෙස්ටූරන්ට් ඒකේ බත රහයි.
ඔවුන් දන්නේ නෑ නිකං බත් උයද්දී ඒකට අජිනොමොටෝ අහුරක් එක් කරන බව.
අපිට කන්න යන්න KFC, මැක්ඩොනල්ඩ්ස්, බර්ගර් කිං යනාදී වශයෙන් නොයෙක් තැන් තියෙනවා.
කෑමට දාන්න සුප් කැට තියෙනවා.
අජිනොමොටෝ දාපු උම්බලකඩ කුඩු පැකට් තියනවා.
මේ කොහෙන් මොනව හදලා කෑවත්, බිවුවත් අවසානයේ අපිව බාරගන්නා කෙනෙකුත් අපේක්ෂාවෙන් බලා ඉන්නවා.
ඒ මහරගම අපේක්ෂා පිලිකා රෝහල...!
(ඇටමැස්සා)
රෑ නොනිදන නගරයේ සිට අවදියෙන් ඇසූ කතාවක්..! - ඇටමැස්සා (34)
T
The Leader
September 30, 2020 • 5:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නුවරඑළියේ පිහිටි සංචාර මණ්ඩලයේ නිවාඩු නිකේතනය බාර මනුස්සය බොහොම අපූරු කතාවක් කිව්වා දවසක්.
- කොළඹ ජීවිතේ අහිමි විවේක සුවය ඇති කරගන්න කියලා ගිහින් අපි කරන්නේ ඊටත් වඩා කාර්යබහුල වෙන එකයි.
- "..කවුද මහත්තයෝ ජරාව දාන තැන ගේ ඇතුලෙ තියාගෙන ඉන්නේ...." මේ ඔවුන්ගේ ආකල්පයයි. තව දෙයක් !
- ඔවුන් දන්නේ නෑ නිකං බත් උයද්දී ඒකට අජිනොමොටෝ අහුරක් එක් කරන බව.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


