BREAKING
Top Ad
ඇට මැස්සා

ඔන්ලයින්... ඇටමැස්සා (60)

T

The Leader

November 20, 2020 • 2:41 AM

ඔන්ලයින්... ඇටමැස්සා (60)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ඇටමැස්සා අරඹන්නේ සංවේදී සටහනකිනි.
  • ඊට විසඳුමක් ලෙස ඔන්ලයින් මගින් පාඩම් ඉගැන්වීම ඇරඹෙන්නේ කඹුරුපිටියේ ඩලස් අධ්‍යාපන ඇමැතිතුමා ගේ කාලයේය.
  • ඩලස් ඔන්ලයින් මගින් පාඩම් උගන්වන්න පටන් ගත්තේ ලංකාවේ හැම දෙමාපියකුටම ස්මාර්ට් ෆෝන් ඇතැයි යන උපකල්පනය ඇතිව විය යුතුය.
  • වැන්නවුන් සිතා සිටින්නේ ලංකාවේ හැම ළමයකුටම ස්මාර්ට් ෆෝන් ඇතැයි කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුරුවරියක විසින් ලියනු ලැබූ එය මෙසේය .

" මොහොතක් මටත් දෙන්න ....

මම උසස් පෙල පන්ති භාර ගුරුවරියක්. මෙම සටහන තැබීමට ආසන්නතම හේතුව අද දින මාර්ග ගත (online ) පාඩමක් සාකච්ඡා කිරීමට සුදානම් වු මොහොතේ මට ලැබුණු ඇමතුමක් .ඒ මගේ පන්තියේ දියණියකගෙන්.කුලි වැඩ කරන පියාට තවමත් වැඩ නැත. ගෙදර ලිප ගිනි ඇවිලෙන්නේ නැත. එවන් පරිසරයක ඇයට online එන්නට කාසි නැත..මේ එක් දරුවෙක් පමණි..හදවතින් හඩාවැටෙන දරු පැටවු තව ඕනෑ තරමි මගේ පාසලේ සිටි.එහෙත් ඒ කදුළු දකින්නට තරම් බලධාරින්ගේ හදවත් තෙත නැත...online ක්‍රමයට දරුවන්ට කළ පාඩමි වල වාර්තා ඉල්ලති..තාක්ෂණය අතින් අප කෙතරම් දියුණු වුවද එය සාමාන්‍ය කරණය කළ නොහැකිය .සුහුරැ ජංගම දුරකථනයක් (smart phone ) නොමැත්තන් තවමත් අප අතර සිටි.එහෙත් අධ්‍යාපන බලධාරීන් එය නොසලකා ක්‍රියා කිරිම අරුමයකි ....අද දරුවා හෙට මහා මිනිසෙකි ..එහෙත් ඒ පරිපුර්ණ මිනිසා තනන්නට හදවතක් නැති පාසල් පද්ධතිය හැකිවෙයිද?? එය පිළිතුරක් නැති සර්වකාලින ගැටලුවක් පමණි ."

මේ ගුරුවරියගේ කෙටි ලිපිය හද පාරවන්නකි.

ඇය මේ පවසන්නේ ‍රටේ යථාර්ථය යි.

කොරෝනා නිසා පාසල් වැසී ගියේය.

එය සැබෑය.

ඊට විසඳුමක් ලෙස ඔන්ලයින් මගින් පාඩම් ඉගැන්වීම ඇරඹෙන්නේ කඹුරුපිටියේ ඩලස් අධ්‍යාපන ඇමැතිතුමා ගේ කාලයේය.

දැන් ඉන්නේ ජී. එල්. අධ්‍යාපන ඇමැති ය.

කඹුරුපිටියේ ඩලස් තරම්වත් පොළොවේ පය ගසා ජීවත් නොවන කොළඹ හතේ ජී. එල්. ට මේවා කියා පළක් නැත.

ඔහුට මේවා තේරෙන්නේ නැත.

ඩලස් ඔන්ලයින් මගින් පාඩම් උගන්වන්න පටන් ගත්තේ ලංකාවේ හැම දෙමාපියකුටම ස්මාර්ට් ෆෝන් ඇතැයි යන උපකල්පනය ඇතිව විය යුතුය.

එහෙත් ජී. එල්. වැන්නවුන් සිතා සිටින්නේ ලංකාවේ හැම ළමයකුටම ස්මාර්ට් ෆෝන් ඇතැයි කියාය.

එබැවින් ජී. එල්. ට මේවා ගැන කීම බීරී අලින්ට වීණා වාදනය කරන්නාක් වැනිය.

ඔහු වටා සිටින ඉහළ නිලධාරින් ද ඒ විදියටම ජී. එල්. ව අන්දවා ඇති බවට කිසිදු සැකයක් නැත.

එදා 80 දශකයේ දී රනිල් අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවේ නිදහස් අධ්‍යාපනය අවසන් ගමන් යැවීමට ය.

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ය.

නිදහස් අධ්‍යාපනය වනසන්නට දැන් ධවල පත්‍රිකා උවමනා නැත.

ඔන්ලයින් හරහා සිදුවන්නේ එයයි.

දුප්පත් කුළීකරුවාගේ, කිරි කපන්නාගේ, පළා මිටි විකුණන්නාගේ, ආයතන පිරිසිදුකරන්නියන්ගේ ඇතුළු පහළම ස්ථරයේ සිටින දෙමාපියන්ගේ දරුවන්ට ඔන්ලයින් මගින් නිදහස් අධ්‍යාපන අයිතිය අහුරා ඇත.

සීත කාමරවලින් පිටත ලෝකය හිතන තරම් සුන්දර නැත.

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට සම්බන්ධ වීමට නොහැකි වන දරුවකුගේ මානසික කඩාවැටීම අපේ අධ්‍යාපන බලධාරීන්ට වටහාගත හැකිද?

මේ ප්‍රශ්නයේදී දෙමාපියන් මුහුණපාන අසරණභාවය ඔවුන්ට වටහාගත හැකිද ?

අපේ රටේ මාධ්‍ය මේ ගැන කියන්නේ කුමක්ද ?

බොහෝ දේශපාලකයන්ට මේ ප්‍රශ්නය අදාළ වන්නේ නැත.

මන්ද ‍යත් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්වල බැවිනි.

විමල් වීරවංශගේ දරුවා ඉගෙනගත්තේ රජයේ පාසලකය.

පසුගිය යහපාලන රජය සමයේ මේ රටේ මාධ්‍ය විමල් අරභයා හැසිරුණු ආකාරය තුල විමල්ගේ දරුවාට පාසලට යා නොහැකි තත්ත්වයක් උදා විය.

ඒ දරුවා වාරාවසාන විභාගයට පවා පෙනී සිටියේ නැත.

ඔහුගේ පංතියේ මිතුරන් ඔහු පිළිබදව කම්පා වූ ආකාරය ඇටමැස්සාට රහසක් නොවේ.

එහෙත් දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වන අපේ රටේ මාධ්‍යවලට දරුවන් මුහුණ දෙන පීඩනය වැදගත් නොවේ.

මීට අවුරුදු 25 කට පමණ පෙර මේ රටේ පිළිගත් වියතකු, ප්‍රාඥයකුගේ දියණියකට අදාළ පුවතක් පුවත්පත් ආයතනයට ලැබුණි.

තොරතුරු දුන්නේ කොහුවල පොලීසිය විසිනි.

එහෙත් අදාළ ප්‍රාඥයාට කරන ගරු කිරීමක් වශයෙන් ඒ පුවත අදාළ පුවත්පත් ආයතනය බාර ගත්තේ නැත.

ඒ අපේ රටේ මාධ්‍ය එදා හැසිරුණු ආකාරය යි.

එහෙත් අද දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තාක්ෂණය හමුවේ ඇහිරෙමින් පවතිද්දී ඒ ගැන කතා කළ යුතු මාධ්‍යයත් නිහඬය.

මෑතකදී මගේ මිතුරකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

ඔහු විමසා සිටියේ තම දියණියගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා රුපියල් දෙදහසක් අදාළ ගිණුමට ඔන්ලයින් මගින් යැවීමට හැකියාවක් ඇද්ද යන්නයි.

තමාගේ ගිණුමේ ඇත්තේ රුපියල් හත්සිය ගණනක් බවත් තමන්ට ඔන්ලයින් බැංකු පහසුකම් නැති බවත් වැඩි දුරටත් ඔහු පැවසීය.

මේ කඹුරුපිටියේ මිනිසකු නොවේ.

රටේ තත්ත්වය මෙයයි.

සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටට ගොස් බලන්න.

කාර් පාක්වල සිටින යදින්නන් ඉල්ලා සිටින්නේ මුදල් නොවේ.

කෑමට හාල් ටිකකි.

පරිප්පු ටිකකි.

අපි ඔන්ලයින් අධ්‍යාපනය දෙන්නේ එහෙව් රටකය.

මේ සියලු බාධා මැද සරසවි යන දරුවන්ගේ ඉතිරිව ඇති අනාගතයත් ජ.වි.පෙ. හා පෙරටුගාමීන් එක්ව අනුභව කරති.

සියල්ලම සිද්ධ වෙන්නෙ මේ ආකාරයට ය

අපේ රටේ නිදහස් අධ්‍යාපනය දිනෙන් දින යන්නේ වළපල්ලටය.

කන්නංගර මහත්තයා යලි ඉපැදී ආවත් නිදහස් අධ්‍යාපනය ගොඩ ගැනීම බොරුය.

 (ඇටමැස්සා)

WhatsApp Image 2020 11 20 at 12.40.00 PM 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...