BREAKING
Top Ad
ඇට මැස්සා

විජේවීර සහ පජවීර -ඇටමැස්සා (61)

T

The Leader

November 23, 2020 • 3:13 AM

විජේවීර සහ පජවීර -ඇටමැස්සා (61)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා ධනපතියකු ( තමන්ගේ මහන්සියෙන් හරි හම්බ කර හෝ අනුන්ගෙන් හොරකම් කර හෝ) මියගිය පසු ඔහුගේ දරු පරපුර ජීවත් වෙන්නෙ එම දේපොළ හා වස්තුව අනුන්ට විකුණා ගෙන කමිනි.
  •   මෙහි පුංචි වෙනසකට ඇත්තේ එලෙස විජේවීරගේ දේපොළවල උරුමක්කාරයන් බවට පත් වූයේ ව්‍යාජ උරුමක්කාරයන් පිරිසක් වීමයි.
  •   විජේවීරට 71 වැරදුනේය.
  •   එහෙත් ඔහු 88-89 දී 71 එකට වඩා වැඩි දුරක් පක්ෂය රැගෙන ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
විජේවීර මියගිය පසුවද සිදුවූයේ එයයි.
 
මෙහි පුංචි වෙනසකට ඇත්තේ එලෙස විජේවීරගේ දේපොළවල උරුමක්කාරයන් බවට පත් වූයේ ව්‍යාජ උරුමක්කාරයන් පිරිසක් වීමයි.
 
විජේවීර මේ රටේ සුවිශේෂී දේශපාලන චරිතවලින් එකකි.
 
වර්තමාන ජවිපෙ නායකයෝ ජීවත් වුවත් මළාහු වැනිය.
 
එහෙත් විජේවීර මියගියත් අප අතර අදටත් ජීවත් වෙයි.
 
විජේවීරට ආකර්ෂණීය රූපයක් තිබුනේ නැත.
 
එහෙත් ඔහුට ආකර්ෂණීය පෞරුෂයක් තිබිණි.
 
ඒ ආකර්ෂණීය පෞරුෂයට මේ රටේ තරුණ පරපුර වසඟ කරගැනීමේ අපූරු හැකියාවක් තිබිණි.
 
විජේවීරගේ පැවැත්ම රැඳී තිබුනේ එතැනය.
 
විජේවීරට 71 වැරදුනේය.
 
එහෙත් ඔහු 88-89 දී 71 එකට වඩා වැඩි දුරක් පක්ෂය රැගෙන ගියේය.
 
71 ට ව්ඩා වැඩි බලපෑමක් රටට සිදු කළේය.
 
71 ට වඩා දරුණු විජේවීර කෙනෙක් 88-89 දී බිහිකරන්නට දායක වෙන්නෙ ජේ.ආර්. ය.
 
ජේ.ආර්. වැරැදි මොහොතේ ගැසූ වැරැදි තුරුම්පු කොළය විජේවීර ය.
 
ජේ.ආර් එදා 1983 කළු ජූලියේ තම හෙළුව වසා ගන්නට ජවිපෙ තහනම් නොකරන්නට විජේවීර කිසිදා 5% ජන්ද සීමාව පන්නවන්නේ නැත.
 
ජේ.ආර්. එදා ගත් ගොන්, මෝඩ, ඔලමොට්ටල තීරණයේ වන්දිය ගෙව්වේ මේ රටේ 60,000 කට අධික තරුණ පරපුරකගේ ලේ ගංඟාවකිනි.
 
ඇත්ත වශයෙන්ම කිවහොත් ජේ.ආර්. විජේවීරගේ ජවිපෙ ඉදිරියේ පරාජය විය.
 
මෙහිදී විජේවීර යනුවෙන් විශේෂයෙන්ම සඳහන් කළේ අද ජීවත් වන ඉතිහාසය නොදන්නා මෝඩ තරුණ පරපුර අනුර+ ටිල්වින් යුවළගේ ජවිපෙ හා විජේවීරගේ ජවිපෙ පටළවාගත හැකි බැවිනි.
 
ප්‍රේමදාසට බලයට එන්නට පාර සුද්ද කර දෙන්නේ ජවිපෙයයි.
 
හර්ෂ අබේවර්ධන, නන්දලාල් ප්‍රනාන්දු, විජය කුමාරතුංග ඝාතනයන් තුලින් ප්‍රේමදාසට බලයට එන්නට තිබූ බොරළු මාර්ගය කාපට් කර දුන්නේ ජවිපෙ විසිනි. 
 
නැතිනම් ඒවා සියල්ලම ජවිපෙ ගිණුමට බැරවන සේ දුන් ප්‍රේමදාසලා ගේ ගේම් ය.
 
ජවිපෙ විසින් මරා දැමුණු සෙසු යූ.එන්.පී. නායකයින් ද ජේ.ආර්. ගේ සාක්කුවේ සිටි උදවිය බව නොරහසකි.
 
විජේවීරගේ ඝාතනය එවක ආරක්ෂක ඇමැතිව සිටි රංජන් විජේරත්න ගේ අණකින් සිදුවන්නට ඇත.
 
ප්‍රේමදාසට හසුවූවා නම් විජේවීර කිසිවිටෙකත් ඝාතනය වන්නේ නැත.
 
එසේ වූවා නම් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනතෙක් ප්‍රේමදාස විජේවීරව පාවිච්චි කරනු ඇත.
 
විජේවීරගේ  ඝාතනය පිටුපස ප්‍රේමදාස නොහිටියාට රංජන් විජේරත්න ගේ ඝාතනය නම් ෂුවර් නැත.
 
විජේවීරව පාවා දුන්නේ පක්ෂයේ පොඩ්ඩන් නොවේ.
 
ඔහු ළඟම සිටි පළමු පෙළ නායකයින් ය.
 
ඔහු විශ්වාස කළ මිනිසුන් ය.
 
අද දක්වාම පක්ෂය තුල සිදුවෙමින් පවතින්නේ එම පාවා දීමම ය.
 
විජේවීර ඉල් මහ සමරුවේදී පමණක් සිහිපත් කළ යුතු මිනිසකු නොවේ.
 
අද විජේවීර යනු අනුර+ ටිල්වින් යුවළගේ ජවිපෙට එක් වෙළෙඳ භාණ්ඩයක් පමණි.
 
අවුරුද්දකට සැරයක් දුහුවිලි පිසදා එළියට ගන්නා විජේවීර ගේ ෆොටෝ එක නැවත එළියට එන්නේ ඊළඟ නොවැම්බරයේදී ය.
 
පසුගිය යහපාලන සමයේදී ද ඉල් මහ සමරු පැවැත්විණි.
 
ජවිපෙ නායකයින්, පක්ෂ සාමාජිකයන්, හිතවතුන් අමු අමුවේම ඝාතනය කිරීමට මුල් වූ යූ.එන්.පී. යට බලය ගන්නට අනුර + ටිල්වින් යුවළගේ ජවිපෙ සක්‍රිය දායකත්වයක් සපයනු ලැබීය.
 
දහස් ගණනක් තරුණ තරුණියන් වධහිංසනයට ලක් වුණු බටලන්ද වධකාගාරය සම්බන්ධ චෝදනා එල්ල වුණු රනිල් වික්‍රමසිංහ ට බලය ගන්නට ජවිපෙ දායක විය.
 
එකම අඩුපාඩුව වූයේ යහපාලන සමයේ පැවැති ඉල් මහ සමරුවල ප්‍රධාන අමුත්තාට රනිල් වික්‍රමසිංහට ආරාධනා නොකිරීම ය.
 
විජේවීර මරාදැමුවත් ඔහුගේ ජවිපෙ මරාදමන්නට ජේ.ආර්. ට බැරි විය.
 
ප්‍රේමදාසට බැරි විය.
 
චන්ද්‍රිකාටවත් ජවිපෙ මරා දැමිය නොහැකි විය.
 
මහින්දටත් එය කළ නොහැකි විය.
 
මේ කාටවත් විනාශ කළ නොහැකි වූ ජවිපෙ ඝාතනය කෙරුණේ අනුර+ ටිල්වින් යුවළගේ මෙහෙයවීමෙනි.
 
විජේවීර ඝාතනය විය.
 
චන්ද්‍රිකාට, මහින්දට, රනිල්ට පක්ෂය විකුණා කමින් ජීවත් වූ මුදලාලිලා සෙට් එක ඉතුරු විය.
 
ඒ වෙනුවට මෙහි අනිත් පැත්ත සිදුවූයේ නම් කෙතරම් අගනේද.....!
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...