BREAKING
Top Ad
ඇට මැස්සා

සෝමාවතිය ජාතික උද්‍යානය, නීතිය සහ ගවයින් - ඇටමැස්සා (65)

T

The Leader

November 27, 2020 • 12:47 AM

සෝමාවතිය ජාතික උද්‍යානය, නීතිය සහ ගවයින් - ඇටමැස්සා (65)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදට ගැලපෙන කාලීන මාතෘකාවකි.
  • අලුත්ම වික්‍රමය පා ඇත්තේ වන ජීවී රාජ්‍ය ඇමැතිතුමාය.
  • එතුමා විසින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුලට ඇතුල් කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට බලපැම් කර තර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
  • තවද මහවැලි කලාපයේ පොලෙන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරෙන් පුද්ගලයන්ට ඇතුල්විමට, අනවසර එලි පෙහෙලි කිරිම සදහා අවසර ලබාදෙන ලෙසට නිලධාරින්ට තර්ජනය කිරිම නිසා වන ජීවී නිලධාරින්  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹී ඇතැයි ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූයේ නීතිය ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමිනි.

ආණ්ඩුව බලයට පත් වූ සැණින් වැඩිම බලපෑමක් එල්ල වූයේ රක්ෂිතවලටය.

ගවයන් යනු කවුරුන්දැයි වටහා ගැනීම පාඨකයන්ට බාරය.

අලුත්ම වික්‍රමය පා ඇත්තේ වන ජීවී රාජ්‍ය ඇමැතිතුමාය.

එතුමා විසින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුලට ඇතුල් කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට බලපැම් කර තර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

සන්තෝෂය.

තවද මහවැලි කලාපයේ පොලෙන්නරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරෙන් පුද්ගලයන්ට ඇතුල්විමට, අනවසර එලි පෙහෙලි කිරිම සදහා අවසර ලබාදෙන ලෙසට නිලධාරින්ට තර්ජනය කිරිම නිසා වන ජීවී නිලධාරින්  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹී ඇතැයි ද වාර්තා වේ.

තවත් සන්තෝෂය.

වන ජීවිය බාර ඇමැත්තෙක් පත් කරන්නේ වන ජීවීය රකින්නට ‍ය.

එහෙත් සිදු වී ඇත්තේ නරින්ට කුකුළන් බාර දුන්නාට සමාන දෙයකි.

සිදුවිය හැක්කේ දෙකකි.

එක්කෝ ඇමැතිවරු තම හිතුමතයට වැඩ කරති.

නැතිනම් ඉහළින් නිසි මාර්ගෝපදේශ නැති නිසා ඔවුහු මෙසේ කටයුතු කරති.

උක්ත සිදුවීම් පදනම් කරගෙන පරිසරවේදී ජගත් ගුණවර්ධන පළ කළ පෝස්ටුවක මෙසේ දැක්වේ.

"වනජීවීන් සහ ආරක්ෂිත ප්‍රදේශ ඉදිරි පරපුර උදෙසා ආරක්ෂා කරදීමට ඇපකැපවී ක්‍රියා කළ යුතු  වනජීවී රාජ්‍ය අමාත්‍යතුමා ඊට ඉඳුරාම පටහැනි ආකාරයකින් මෙන්ම, නිලධාරීන්ට නීති විරෝධී කටයුතුවල නිරත වීමට බලපෑම් සිදු කිරීමත් විශේෂයෙන්ම හෙලා දැකිය යුතු අතරම අභීතව තම යුතුකම් සහ වගකීම් ඉටුකල එම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අපගේ ගෞරවය, ප්‍රශංශාව මෙන්ම සහයෝගයත් ලබාදිය යුතුවේ.''

සෝමාවතිය ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේය. 

එනම්, එහි තිබෙන්නේ රජයේ ඉඩම් පමණකි.

එනිසාම එම භූමිය පිළිබඳව කිසිඳු පුද්ගලික පාර්ශ්වයකට කිසිඳු අයිතිවාසිකමක් නොමැත.

සෝමාවතිය ජාතික උද්‍යානය තුලට ඇතුලු වන්නන් ඒ සඳහා වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්‍තිය අනුව අවසර ලබාගත යුතුය.

එම අවසරය ලබාගත හැක්කේ නැරඹීමට, විනෝදාස්වාදය සඳහා සහ වනජීවීන් සහ පරිසරය අධ්‍යයනය සහ නිරීක්ෂණය සඳහා පමනි.

මේ නිසා ගවයන් දක්කාගෙන එන කිසිවෙකුටත් වන සත්ව සහ වෘක්ෂලතා  ආරක්ෂක  ආඥා පනතේ 5 වගන්තිය සහ අනෙකුත් වගන්ති අනුව ජාතික උද්‍යානයක් තුලට ඇතුලුවීමට අවසර නොමැත.

එමෙන්ම වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 6 (2)(අ) වන වගන්තිය අනුව කිසිවෙකුටත් කිසිම සතෙක් ජාතික උද්‍යානයක් තුලට හඳුන්වාදීම, නිදහස් කිරීම, දිගේලි කිරීම හෝ මුදා හැරීම වරදවල් වේ.

නමුත්,වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ශක ආඥා පනතේ 6 (3) වන වගන්තියේ තිබෙන ප්‍රතිපාදන විශේෂයෙන්ම ගවයන් වැනි ගෘහාශ්‍රිත සතුන්ට විශේෂිත ය.

ඒ අනුව කිසිවෙකුටත් ජාතික උද්‍යානයක් තුලට ගෘහාශ්‍රිත සතුන් දක්කාගෙන යාම හෝ එබඳු සතෙකුට එවැනි භූමියක දඩාවතේ යාමට ඉඩදීම නොකළ  යුතුවේ."

ඇමැතිවරුන් නීතිය නොදනීදැයි නොදනිමි.

නැතිනම් නීතිය නවන්නට උත්සාහ දරනවා විය හැකිය.

ඇමැත්තන්ගේ මෙවැනි අලුකුත්තේරු වැඩ නිසා සිදුවන්නේ තිබෙන වනාන්තර ටිකත් එළිපෙහෙලි වී වල් අලින් ගම් වැදීමය.

වල් අලින් ගම් වැදී ජීවිත හානි කරන විට ඇමැතියන් නැත.

වල් අලින් ගේ ප්‍රහාර වැඩිපුරම සිදුවී ඇත්තේ අලිමංකඩවල් හරස් කොට ගම්මාන බිහිකරන්නට යෑම නිසාය.

එදා මතුවූ විරෝධයන් නොතකා ගම්මාන බිහිකොට වල් අලි ප්‍රහාර ඉල්ලන් කෑ දේශපාලකයන් දැන් ජීවතුන් අතර නැත.

එහෙත් ජනතාව විඳවමින් සිටිති.

ගෝඨාභය ජනාධිපතිතුමන්ට දර්ශනයක්, වැඩපිළිවෙළක් තිබිය හැකිය.

එහෙත් ඇමැත්තන්ට එවැන්නක් ඇති බවක් විද්‍යාමාන නොවේ.

පාර්ලිමේන්තුව තුලදීත්, ඉන් පිටතදීත් ඔවුන්ගේ හැසිරීම්වලින් පෙන්නුම් කරන්නේ එයයි.

ඕනෑම ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ඇත.

ගවයන් ගේ ආහාර ප්‍රශ්නයට විකල්ප විසඳුමක් සෙවිය යුතුය.

ගවයන් පාර්ලිමේන්තු යැවීමට විකල්ප විසඳුමක් සෙවිය යුතුය.

ගවයන් ඇමැතිවරුන් ලෙස පත් කිරීමටත් විකල්ප විසඳුමක් සෙවිය යුතුය.

ඒ හැරෙන්නට වෙනත් විකල්ප විසඳුම් නැත.

(ඇටමැස්සා) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...