BREAKING
Top Ad
ඇට මැස්සා

මහත්හොරුන් තුන් දෙනා - ඇටමැස්සා (69)

T

The Leader

December 3, 2020 • 1:59 AM

 මහත්හොරුන් තුන් දෙනා - ඇටමැස්සා (69)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහ.
  •   ඔවුන්  මහත්හොරුන් වුවත් අපේ සමාජයේ වැඩිපුරම දකින්නට ඇත්තේ පල් හොරුන් ය.
  •   නන්දනට හොරණින් ටයර් ෆැක්ටරිය ගහන්නට දුන් රජයේ ඉඩම මිලියන 700 කට තක්සේරු කර එය මිලියන 200 කට අඩු කර ඉතිරි මිලියන 500 සිංගප්පූරුවේ දී සාක්කුවේ දමාගෙන දුන්නේ මෙගා නොව මලික් ගේම් එකකි.
  •   එසේ නොමැතිව සිරකරුවන්ට වෙඩි තබන බවක් කිව්වේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
රවී කරුණානායක.
 
මලික් සමරවික්‍රම.
 
යහපාලන කාලයේ වැඩිපුරම කතා කෙරුණු මහත්හොරුන් තුන් දෙනා මේ තුන් දෙනාය.
 
ඔවුන්  මහත්හොරුන් වුවත් අපේ සමාජයේ වැඩිපුරම දකින්නට ඇත්තේ පල් හොරුන් ය.
 
මගතොටේ පල් හොරු පික්පොකට් ගසති.
 
කඩවලින් බඩු හොරකම් කරති.
 
හෝටලවලින් හොරා කති.
 
එළවළු බක්කියෙන් ළූණු  ගෙඩිය පවා පන්නති.
 
වැඩපොළෙන් පිටි පැකට් එක, තේ කොල ටික, බෝල් පොයින්ට් පෑන පවා පන්නා ගෙන යති.
 
පල් හොරුන්ගේ හැටි එහෙමය.
 
හිර කූඩු වල ඉන්නේ පල් හොරු ය.
 
මහත්හොරු වැදගත්තු වෙති.
 
ඔවුහු හිර කූඩුවල නොළඟිති.
 
මහත්හොරු පුංචි පුංචි ගේම් නොදෙති.
 
ඔවුන් දෙන්නේ මෙගා ගේම් ය.
 
හම්බන්තොට වරාය විකුණද්දී දුන්නේ මෙගා ගේම් එකකි.
 
මහ බැංකුවට දුන්නේ මෙගා ගේම් එකකි.
 
නන්දනට හොරණින් ටයර් ෆැක්ටරිය ගහන්නට දුන් රජයේ ඉඩම මිලියන 700 කට තක්සේරු කර එය මිලියන 200 කට අඩු කර ඉතිරි මිලියන 500 සිංගප්පූරුවේ දී සාක්කුවේ දමාගෙන දුන්නේ මෙගා නොව මලික් ගේම් එකකි.
 
වර්තමාන ‍රජයට සම්බන්ධ හැම දේශපාලකයකුම ජන්දයට පෙර වැඩිපුරම කතා කළේ මේ මෙගා ඩීල් ගැනය.
 
තමන් බලයට පත් වූ සැණින් මේ මෙගා ඩීල්කාරයින්ව නීතිය හමුවට පමුණුවා දඬුවම් දීම ගැනය.
 
එසේ නොමැතිව සිරකරුවන්ට වෙඩි තබන බවක් කිව්වේ නැත.
 
මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් නිදහස් කරන බවක් කිව්වේත් නැත.
 
කතා කළේම මෙගා ඩීල් හා මෙගා හොරුන් ගැනම ය.
 
දැන් අවුරුදු එකහාමාරකුත් ඉක්ම ගොසිනි.
 
අද මේ මෙගා ඩීල් ගැන කතා කරන්නට කාගේවත් කටවල් ඇරෙන්නේ නැත.
 
කිසිවෙකුටවත් මතක නැත.
 
මෙසේ හොරකම් කරන ලද්දේ රටේ ජනතාවට අයිති මුදල් ය.
 
රටට අයිති මුදල් ය.
 
රටේ සංවර්ධනයට යොදා ගැනීමට තිබූ මුදල් ය.
 
වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන්ට හොරකම් කිරීමට තිබූ මුදල් ය.
 
ඔවුන්ගේ  ඥාතීන් ට, පුත්තුන් ට, කැචර්ලා ට හොරකම් කරන්නට තිබූ මුදල් ය.
 
එම නිසා රට වෙනුවෙන් බැරි නම් අඩුම තරමේ තමන් වෙනුවෙන් වත් මේ මෙගා හොරුන් අල්ලා එසේ හොරකම් කරන ලද මුදල් නැවත අය කරගැනීමට කටයුතු කළ යුතුය .
 
එසේ නොවුණහොත් ඉදිරි මැතිවරණ සදහා  ඉදිරිපත් කිරීමට දේශපාලකයින් සොයා ගැනීම අසීරු කටයුත්තක් වනු ඇත.
 
 
(ඇටමැස්සා )
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...