BREAKING
Top Ad
ඇට මැස්සා

සාධාරණ සමාජයක් සදහා වන භික්ෂූ සංසදයේ කොමඩි නාට්‍යය ... ඇටමැස්සා (77)

T

The Leader

December 15, 2020 • 12:34 AM

සාධාරණ සමාජයක් සදහා වන භික්ෂූ සංසදයේ කොමඩි නාට්‍යය ...  ඇටමැස්සා (77)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අම්බලන්ගොඩ රූකඩ කලාවට ඉමහත් ප්‍රසිද්ධය.
  • එම වේදිකාවේම රූකඩ සංදර්ශනය නැටවූවන් ද සිටි අතර ඔවුන් මෙසේය.  හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය, චම්පික රණවක, තිස්ස අත්තනායක, මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සිවිල් සමාජයේ නියෝජිතයන්.
  •  එහෙත් කරුමය නම් 2015 ජනවාරි 08 සිට 2019 ජනාධිපතිවරණය කැඳවන දිනය දක්වා මුන් වහන්සේලා ගොරොද්දේ ඇද ඇද නිදා සිටීම යි.
  •  ඇතැම් විට මුන් වහන්සේලාගේ එවක මහනායක රනිල් වික්‍රමසිංහ වන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රූකඩ නටවන විට එය නටවන්නා සිටින්නේ තිරයෙන් පිටිපස ය.

එබැවින් රූකඩ නටවන්නා ප්‍රේක්ෂකයන් හට නොපෙනේ.

එහෙත් සාධාරණ සමාජයක් සදහා වන භික්ෂූ සංසදය පෙන්වූ රූකඩ නාට්‍යයේ විශේෂත්වය නම් එම භික්ෂූ රූකඩ නැටවූ දේශපාලන හස්තයන් ද එකවර ප්‍රේක්ෂකයන් හට දර්ශනය වීමය.

එම රූකඩ සංදර්ශනයේ නළු කැළ මෙසේය.

වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්දත්ත, 

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක මාදම්පාගම අස්සජී,

 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක මහාචාර්ය අත්තංගනේ රතනපාල යන වහන්සේලා විසින් ප්‍රධාන චරිත හොබවන ලදි.

සෙස්ස මෙසේය.

 සතර කෝරල මහදිසාවේ උප ප්‍රධාන සංඝනායක,රත්විත රජමහා විහාරාධිපති පූජ්‍ය මහගල්කඩවල පුණ්‍යසාර,

කළුතර තොටුමුනේ ප්‍රධාන සංඝනායක වාද්දුව සමද්‍රාරාමාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර, 

පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කැලණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය ලැගුම්දෙනියේ පියරතන , 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන ලේඛකාධිකාරී හෙට්ටිපොල විමලෝදය පරිවෙනාධිපති පූජ්‍ය කරකොලේ පියදස්සී ,

 ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක කොළඹ ඉසිපතනාරාම මහා විහාරාධිපති පූජ්‍ය මාදම්පාගම අස්සජී,

 කෝට්ටේ ශ්‍රී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත, 

ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ඛිත මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මිරිහාන විවේකාරාමාධිපති පූජ්‍ය කිතලගම හේමසාර, 

අස්ගිරි පාර්ශවයේ දේවමැදි හත් පත්තුවේ ප්‍රධාන සංඝනායක උස්ගල රජමහා විහාරාධිපති පූජ්‍ය නිකවැරටියේ මංගලනායක,

නාරාහේන්පිට ධර්මායතනාධිපති කොළඹ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල, 

වතුපන ශ්‍රී ශෛලගිරි රජමහා විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය දැලිවේ නාරද,

වේරහැර සිද්ධත්තාරාම මහා විහාරාධිපති පූජ්‍ය ඇලබඩගම සීලක්ඛන්ධ,

පොල්පිතිගම කුසිනාරාම මහා විහාරාධිපති පූජ්‍ය කොත්මලේ ධර්මප්‍රිය.

 

මේ රූකඩ නළු කැළය.

එම වේදිකාවේම රූකඩ සංදර්ශනය නැටවූවන් ද සිටි අතර ඔවුන් මෙසේය. 

හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය, චම්පික රණවක, තිස්ස අත්තනායක, මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සිවිල් සමාජයේ නියෝජිතයන්.

 එහිදී අවධානයට ලක් කළ කාරණා මෙසේය.

 කොමිෂන් සභා සමාජිකයන් ලෙස පාර්ලිමේන්තු සභාව මඟින් නිර්දේශ කර ඇති ඇතැම් සාමාජික  නාමයන්,

 භික්ෂූන් වහන්සේලාට නිදහසේ තම අදහස් පලකිරීමට නොහැකි තත්වයක් උදාවීම,

 රටේ විශිෂ්ට රහස් පරීක්ෂක නිලධාරියෙකු ලෙස ඇගයීමට ලක්ව සිටි ශානී අබේසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන පලිගැනීම් යනාදිය යි.

 මේ උන්නාන්සේලා හදිසියේ අවදිවීම හොඳ දෙයකි.

 එහෙත් කරුමය නම් 2015 ජනවාරි 08 සිට 2019 ජනාධිපතිවරණය කැඳවන දිනය දක්වා මුන් වහන්සේලා ගොරොද්දේ ඇද ඇද නිදා සිටීම යි.

 ඇතැම් විට මුන් වහන්සේලාගේ එවක මහනායක රනිල් වික්‍රමසිංහ වන්නට ඇත.

 එකල නියෝජනය කළේ සම්බුද්ධ සාසනය නොව යූ.එන්.පී. සාසනයේ යහපාලන නිකාය වන්නට ඇත.

 දැන් සමහරක් වහන්සේලා දැරූ අධ්‍යක්ෂ මණ්ඩල පට්ටම්වලට කෙළ වී ඇත.

 ලිට්රෝ පිරිකර නැවතී ඇත.

 ඉඳින් අවදි වී ඇත.

 අනේ!

සාදූ!  සාදූ!! සාදූ!!!

 මෙම ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගී වූ මාධ්‍යවේදීන් යැයි කියාගන්නා නපුංසකයින් නෑසූ ප්‍රශ්න කිහිපයක් මෙසේය.

 ඇටමැස්සා අසන්නේ  එම ප්‍රශ්න ටිකයි.

 # ශානි අබේසේකර යහපාලන කාලයේ දේශපාලන දඩයම් කරන විට මෙම වහන්සේලා කුමක් කළේද?

 # ශානි අබේසේකර හා රන්ජන් ‍රාමනායක ගේ උසාවි තීන්දුවලට බලපෑම් කරන දුරකථන සංවාද  ගැන මුන්වහන්සේලාට කියන්නට ඇත්තේ කුමක්ද ?

 # පද්මිණී විනිසුරුවරිය හා  රන්ජන් ‍රාමනායක ගේ දුරකථන සංවාද ගැන මුන්වහන්සේලාට පිළිකුලක් අපුලක්, ඔක්කාරයක් ඇති නොවිනි ද?

 # ලෝකයේ ප්‍රථම වතාවට හඬ අනුව කතානායකයාවරයා තීන්දු දෙමින් මුළු පාර්ලිමේන්තු සම්ප්‍රදායයම කෙළෙසද්දී ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වන්නට මුන්වහන්සේලාට අමතක වීද?

 # හම්බන්තොට වරාය විකුණද්දී, මත්තල ගුවන් තොටුපලේ වී වනද්දී, මහබැංකුව කොල්ලකද්දී මුන්වහන්සේලා නිඳිවැද සිටියේ ද?

 # ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ කොඩි විනය වූ හූල් ජන්ද පවත්වනවාට එරෙහිව නඩු පිට නඩු දමද්දි, ජනාධිපතිවරණයේදී ගෝඨාභයට පමණක් එරෙහිව කටයුතු කරද්දී මුන්වහන්සේලා සෝවාන්ව සිටියේද?

 #යහපාලන ආණ්ඩුව ජිනීවා ගොස් තම මව්බිමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්වී යෝජනා සම්මත කරගන්නා විට මුන්වහන්සේලා සිටියේ කොයි දීපංකරයේද?

 # යහපාලන ආණ්ඩුව සමයේ භික්ෂූන් වහන්සේලා ගෙන් හිරකූඩු පුරවද්දී මුන්වහන්සේලා නිහඬව සිටියේ ඒවා ඉතසිතින්ම අනුමත කළ නිසා ද?

 #මේ සියළු ව්‍යසනයන් හමුවේ කටවල් සහ පුකවල් වසාගෙන සිටි මුන්වහන්සේලාට දැන් කතා කිරීමට අයිතිය තිබේද ?

 සාධාරණ සමාජයක් සදහා වන භික්ෂූ සංසදයේ වහන්සේලා සිතාගෙන සිටින තරමට මේ රටේ ජනතාව මෝඩ නැත.

 අත ඊසොප් ගේ වුවත් හඬ ජාකොබ් ගේ බව ජනතාව හොඳින්ම දනිති.

 අවසරයි හාමුදුරුවනේ...!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...