BREAKING
Top Ad
ඇට මැස්සා

ඇදිහැස විස්කෝතු -ඇටමැස්සා (79)

T

The Leader

December 16, 2020 • 9:25 PM

ඇදිහැස විස්කෝතු -ඇටමැස්සා (79)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇදිහැස විස්කෝතු.
  •   මේ කියන කාලේ අයිති වෙන්නෙ 1970 න් පස්සේ කාලෙට .
  •   හාල් පොලු තිබ්බ කාලෙට.
  •   උදෑසන රැස්වීම අමතලා විදුහල්පතිතුමා " අද විස්කෝතු නෑ " කියලා ප්‍රකාශ කරන හඬ ඇහෙන්නේ හරියට මළ බෙරයක් වයනවා වගෙයි .
අකුරු ප්‍රමාණය (Font Size):
 
කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිය නමක්.
 
ඇටමැස්සා මේ දුහුවිලි පිහින්නේ අද පරපුර, අපේ දරු නොදන්නා ඉතිහාසයක් කරා ගමන් කරන්නයි.
 
ඇදිහැස විස්කෝතු.
 
ඒ තමයි අපි කාපු රසවත්ම විස්කෝතුව.
 
දැන් ඉන්න එවුන් ඒ පාර බලයි විස්කෝතු කියන්නේ මොකක්ද කියලා.
 
අපි බිස්කට්වලට කිව්වේ විස්කෝතු කියලයි.
 
ඇදිහැස විස්කෝතු කියන්නේ සල්ලි දීලා අරන් කාපු දෙයක් නෙවෙයි.
 
පාසල් දරුවන් වූ අපට නොමිලේ ලැබුණ දෙයක්.
 
zxds
 
අපි ඉස්කෝලේ ගියේ විවේක කාලයට දෙන ඒ විස්කෝතුවල රස විඳගැනීමේ ආසාවෙන්.
 
ඉස්කෝලේ ගබඩා කාමරේ තමයි මේ විස්කෝතු ආරක්ෂා කරලා තිබුනේ.
 
මාසෙකට සැරයක් අධ්‍යාපන කන්තෝරුවේ ලොරියක් එනවා.
 
ඒ එන්නේ ඉටි උරේක දාලා කාඩ් බෝඩ් පෙට්ටිවල අඩුක් කරපු විස්කෝතු අරන්.
 
xdasxඅපි දකින පියකරුම දසුන ඒකයි.
 
ඒ වගේම අපට දුක හිතෙන දවසකුත් තියෙනවා.
 
ඒ තමයි ඉස්කෝලෙට හොරු පැනපු දාට පහුවදා.
 
මොකද, ඒ කාලේ ඉස්කෝලේ වටිනා කියන දේකට තිබුනේ මේ ඇදිහැස විස්කෝතු විතරයි.
 
එහෙම දාට අපිත් බඩගින්නේ.
 
ගෙවල්වල ඉන්න නංගීලා මල්ලිලාත් බඩගින්නේ.
 
මේ කියන කාලේ අයිති වෙන්නෙ 1970 න් පස්සේ කාලෙට .
 
හාල් පොලු තිබ්බ කාලෙට.
 
හාල් පොතට මිල්චාඩ් හාල් කාපු කාලෙට.
 
කන්න බොන්න හිඟයි ඒ කාලේ.
 
හොරාට විස්කෝතු බෑග් එක වුණත් වටිනවා.
 
උදෑසන රැස්වීම අමතලා විදුහල්පතිතුමා " අද විස්කෝතු නෑ " කියලා ප්‍රකාශ කරන හඬ ඇහෙන්නේ හරියට මළ බෙරයක් වයනවා වගෙයි .
 
අපට විවේක කාලෙට විස්කෝතු 6 ක් ලැබෙනවා.
 
කැඩිච්ච නැති විස්කෝතු නම් 6 යි.
 
කැඩිච්ච විස්කෝතු නම් කැඩිච්ච විස්කෝතු කෑලි 14-15 ක් විතර හම්බ  වෙනවා.
 
ඒක  වාසියි.
 
අපි හැමෝම වගෙ කොටසක් කාලා කොටසක් ගෙදර ගෙනිච්චේ ඉස්කෝලේ නොයන නංගීලා මල්ලිලා වෙනුවෙන්.
 
කලින් දවසේ දීපු ගෙදර වැඩ කොපි කිරීමේදී ගෙවීම් මාධ්‍යයක් හැටියටත් ඇදිහැස විස්කෝතු භාවිතා වුණා. 
 
එකල ප්‍රධානම විනෝදාස්වාදයක් වූ මුද්දර එකතු කිරීමේදී ලබාගන්නා මුද්දර වෙනුවෙන් ගෙවීම් කළේ ඇදිහැස විස්කෝතුවලින්.
 
ඇදිහැස විස්කෝතුවල හැඩය නයිස් විස්කෝතුවකට සමානයි.
 
ඊට වඩා හයියයි.
 
රසයි.
 
1960 දී අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් යන දරුවන් ගේ විවේක කාලයට බනිස් හා කිරි වීදුරුවක් ලබාදීමේ වැඩ පිළිවෙළක් හඳුන්වා දුන්නා.
 
බනිස්වල තත්ත්වය බාල වීම නිසා මේ සදහා අනුග්‍රහය දැක්වූ කෙයාර් සංවිධානය ඒ වෙනුවට ඇදිහැස විස්කෝතු හඳුන්වා දුන්නා.
 
මේ ව්‍යාපෘතිය 1988 අවුරුද්ද දක්වාම ක්‍රියාත්මක වුණා. 
 
ඉන් පස්සේ ඇදිහැස විස්කෝතු නාමය නැති වෙලාම ගියා.
 
එදා ඇදිහැස විස්කෝතු හදපු සමාගම තමයි අද මංචි බිස්කට් හදන්නේ.
 
ඇදිහැස විස්කෝතු එක්ක මතක ගොඩක් අපට තියෙනවා.
 
ඇදිහැස විස්කෝතු ආයේ එන්නේ නෑ.
 
ඇදිහැස විස්කෝතුවේ රස ඒවා කාපු පරම්පරාවේ හිත්වල මැරෙන තුරාවටම තියේවි.
 
(ඇටමැස්සා)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...