BREAKING
Top Ad
ඇට මැස්සා

ට්‍රෝජන් අශ්වයා අලි සබ්‍රි ද? - ඇටමැස්සා (82)

T

The Leader

December 21, 2020 • 11:27 PM

 ට්‍රෝජන් අශ්වයා අලි සබ්‍රි ද? - ඇටමැස්සා (82)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ට්‍රෝයි නුවර විනාශ කරන්නට යොදාගන්නේ ලී අශ්වයෙකි.
  •   ට්‍රෝජන් අශ්වයා මිතුරු වෙසින් ආ සතුරකු බව වටහා ගන්නා විට ට්‍රෝයි නුවරුන් ප්‍රමාද වැඩිය.
  •   මෛත්‍රීපාල සිරිසේන + රනිල් වික්‍රමසිංහ ‍යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය  ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් මුස්ලිම් ඇමැතිවරු 12 දෙනෙක් සිටියහ.
  •   1- රිෂාඩ් බදුර්දීන්.
අකුරු ප්‍රමාණය (Font Size):
ට්‍රෝජන් අශ්වයා අනගි සම්පතක් ලෙස සිතූ ට්‍රෝයි නුවරු අශ්වයාව නගර මධ්‍යයටම රැගෙන යති.
 
ට්‍රෝජන් අශ්වයා මිතුරු වෙසින් ආ සතුරකු බව වටහා ගන්නා විට ට්‍රෝයි නුවරුන් ප්‍රමාද වැඩිය.
 
අවසානයේ ට්‍රෝයි නුවරුන්ට සිදුවන්නේ විනාශය වැළඳ ගැනීමටයි.
 
මෛත්‍රීපාල සිරිසේන + රනිල් වික්‍රමසිංහ ‍යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය  ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් මුස්ලිම් ඇමැතිවරු 12 දෙනෙක් සිටියහ.
 
 
ඒ පිළිවෙළින් මෙසේය.
 
1- රිෂාඩ් බදුර්දීන්.
 
2- රවුෆ් හකීම්.
 
3- එම්.එච්.ඒ. හලීම්.
 
4- කබිර් හෂීම්.
 
5- ෆයිසර් මුස්තාපා.
 
6- ඒ. එච්. එම්. ෆවුසි.
 
7- එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා.
 
8- අමීර් අලි.
 
9- කාසිම් ෆයිසාල්.
 
10- එච්. එම්. එම්. හරීස්.
 
11- කාදර් මස්තාන්.
 
12- සයිඩ් අලි සයිර් මවුලානා.
 
 
අද මේ එක් අයෙකුවත් නැත.
 
එහෙත්  මේ 12 දෙනාටම හරියන්නට එක් අයෙකු ඇත.
 
ඔහු අලි සබ්‍රි ය.
 
 
69 ලක්ෂයක් ජනතාව ගෝඨාභයට ජන්දය දුන්නේ ඔහුගේ න්‍යාය පත්‍රය පිළිගෙන ඒ අනුව රට පාලනය කරන්නට ය.
 
එහෙත් අලි සබ්‍රි වැඩ කරමින් සිටින්නේ ඔහුගේම න්‍යාය පත්‍රයකට අනුව බව පැහැදිලිවම පෙනී යන්නකි.    WhatsApp Image 2020 12 22 at 9.02.51 AM
 
අලි සබ්‍රිට අධිකරණ ඇමැතිකම දෙනවාට විරුද්ධව සිංහල ජනතාව අතරින් විශාල විරෝධයක් පැන නැඟුණි.
 
එම අවස්ථාවේ අලි සබ්‍රි වෙනුවෙන් චරිත සහතිකයක් නිකුත් කළේ දිලිත් ජයවීර පමණි.
 
ගෝඨාභය ද තදින්ම කියා සිටියේ අලි සබ්‍රි අධිකරණ ඇමැති කළ යුතු බවයි.
 
අවසානයේ අලි සබ්‍රි අධිකරණ ඇමැති ධූරයට පත් විය.
 
සිංහල ජනතාව  අලි සබ්‍රිට විරුද්ධ වූයේ සැකය පදනම් කරගෙනය.
 
විශේෂයෙන්ම යහපාලන සමයේ විසූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය ඊට බෙහෙවින්ම බලපෑවේය.
 
දැන් සිදුවන්නේ කුමක්ද ?
 
අලි සබ්‍රි හැසිරෙමින් සිටින්නේ සිංහල ජනතාවගේ සැකය තහවුරු වන පරිද්දෙනි.
 
අද වනවිට ගෝඨාභය ගේ ජනප්‍රියත්වය හීන කරන ප්‍රධාන බලවේගය බවට පත්ව ඇත්තේ අලි සබ්‍රි ‍ය.
 
 
 
අලි සබ්‍රි දිවුරුම් දෙන දවසේ ආවේ නෝනාට සාරියකුත් අන්දාගෙන ය.
 
එහෙත් ඇත්තටම අන්දා ඇත්තේ ජනතාව බව නම් දැන් ඉතාමත් පැහැදිලිය.
 
අලි සබ්‍රි අධිකරණ ඇමැති වූ දා පටන් වැඩිපුරම කතා කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයට අදාළ කරුණුවලට වඩා කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජනයාගේ දේහ ආදාහනය කිරීම ගැනය.
 
මෙම පාර්ලිමේන්තුවේ මුස්ලිම් ජාතිකයන්ට අමතරව හැම ජාතියක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.
 
ඒ කිසිදු මන්ත්‍රීවරයෙක් බිහිසුණු කොරෝනා වසංගතය හමුවේ ජාතිය ඉස්සරහට දමා කතා කළේ නැත.
 
ආදාහනය කරනවාද, භූමිදානය කරනවාද, නැතිනම් ගඟේ පා කරනවාද යන්න තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් විසිනි. 
 
දේශපාලකයන් කළ යුතුව ඇත්තේ ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට සහාය දැක්වීමයි.
 
දැන් අලුත්ම සිංදුව මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මෘතදේහ මාතෘ භූමියේ භූමදානය කළ යුතුය යන්නයි.
 
අපේ රටේ මුස්ලිම් ජාතිකයන්ට පාකිස්තානය සමග ක්‍රිකට් ගසන විට මාතෘ භූමිය පාකිස්තානය වීමත් කොරෝනා හැදී කූරියා ගැසූ විට මාතෲ භූමිය ලංකාව බව මතක් වීමත් ලොකුම විහිළුවකි.
 
මාතෘ භූමියේ ජීවත් වෙමින්, සියලු වරප්‍රසාද, අයිතිවාසිකම් බුක්ති විඳිමින් පර දේශයක් වෙනුවෙන් පාකිස්තාන ධජ ලෙලවද්දී ඊට එරෙහිව කටක් විවෘත නොකළ උන් හට දැන් මාතෘ භූමිය කතා කියන්නට අයිතියක් නැත.
 
කොරෝනා පැතිරුණු අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හැසිරුණු ආකාරය හෙළා දකින්නට අද මළමිනී බදාගෙන වැළලෙන්නට හදන කිසිවකු ඉදිරිපත් වූයේ නැත.
 
මුස්ලිම්වරුන්ට ඇත්තේ අයිතිවාසිකම් පමණක් ද?
 
යුතුකම් කියා දෙයක් ඔවුන් නොදනී ද?
 
අප සිතා සිටියේ අලි සබ්‍රි මධ්‍යස්ථ මිනිසකු යැයි කියා ය.
 
එය විශාල අත්වැරැද්දක් බව දැන් වැටහී ඇත.
 
උගත් යැයි කියන මිනිසුනුත් මළමිනී බදාගෙන දඟලන විට සාමාන්‍ය ජනතාව කෙසේ හැසිරෙනු ඇත්දැයි මේ කවුරුවත් කල්පනා නොකරන්නේ ඇයි ?
 
කොරෝනා එන්නත ගෙන්වූදාට මොවුන් කුමක් කරනු ඇත්ද?
 
මේ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ පුවතකි.
 
"කොරෝනා වෛරසය මර්ධනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් හේතුවෙන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි."
 
ලංකාවට කොරෝනා එන්නත් ගෙන්වූදාට සිදුවනු ඇත්තේත් මෙයම නොවේද ?
 
තත්ත්වය මෙසේ නම් රටක් ලෙස අප ඉදිරියට යන්නේ කෙසේද ?
 
 
ජාතිකත්වය පදනම් කරගත් මේ හැසිරීමේ අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ කොරෝනා අර්බූදයෙන් ගොඩඒම නොව මුළු රටම කොරෝනා අර්බූදයත් සමග වැළලීයාමය. 
 
අනෙක් අතට ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් තම තමන්ට හිතු මනාපයේ නන් දොඩවන්නට ගත් විට එක රටක්, එක නීතියක් කරා ගෝඨා ගේ සැලැස්මට සිදුවන්නේ කුමක්ද ?
 
මොවුන්ගේ උත්සාහය එය හමස් පෙට්ටියට යැවීමට ද?
 
රට ඉන්නේ විශාල අර්බූදයකය.
 
භාණ්ඩාගාරය හිස් ය.
 
මෙය අප පමණක් නොව ලොව බොහෝ රටවල් මුහුණ දෙන ගැටළුවකි.
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යම් යම් ආනයන සීමා පනවා ඇත්තේ ද තිබෙන විනිමය ටිකවත් රැකගන්නට ය.
 
පෞද්ගලික අංශයේ බොහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇත.
 
තවත් සමහරු වැටුප් කප්පාදුවට එකඟව සේවය කරති.
 
තත්ත්වය එසේ තිබියදීත් අලි සබ්‍රි කළේ කුමක්ද ?
 
මසකට රුපියල් කෝටි ගණනක් වැය කර අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමයි.
 
මර්වින් සිල්වා වුවත් මෙවැනි අවස්ථාවක මෙහෙව් ඔළමොට්ටල වැඩක් නම් කරන්නට යන්නේ නැත.
 
අනෙක් අතට විපක්ෂයේ සිටියදී කෘෂිකර්ම අමාත්‍යංශය සබීතා ගේ බිල්ඩිමට ගෙන යාම ගැන ගෝරනාඩු කළ පිරිසකට මෙහිදී නිහඬව සිටිය හැකිද?
 
මොවුන් මේ සිදු කරන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා අපකීර්තියට ලක් කිරීම නොවන්නේද?
 
කොන්ත්‍රාත්තුව කාගෙන්ද?
 
විපක්ෂය වෙතින් ද?
 
නැතිනම් බටහිර රටවල්වලින් ද?
 
මේ ට්‍රෝජන් අශ්වයාගේ නවතම මුහුණුවරද?
 
වඩා පහසු ළගම සිට පිහියෙන් ඇනීම බව වත්මන් දේශපාලනයේ එක් මූලධර්මයකි.
 
තවත් නම් ගෝඨාභය ජනාධිපතිවරයා නිහඬව සිටිය යුතු නොවේ.
 
ගෝඨාභය ආවේ කුමක් සඳහාද යන්න ඇතැම් ඇමැතිවරුන්ට මාස කිහිපයකින්ම අමතක ව ගොස් ඇති සැටියකි.
 
තත්ත්වය එසේ නම් තම ඉලක්කය වෙත යෑමට ගෝඨාභය ජනාධිපතිවරයාට සටන් කිරීමට සිදුවනු ඇත්තේ විපක්ෂය සමග නොව තමන්ගේම කණ්ඩායම සමග ය.
 
අලි සබ්‍රි වැඩ කරමින් සිටින්නේ සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලකයකු පරිද්දෙනි.
 
පදුරකට ගලක් ගැසූ සැණින් අලි සබ්‍රිලා දුසිමක් වුවත් සොයාගැන්මට පුළුවන.
 
එහෙත් අපට ඇත්තේ එක ගෝඨාභය කෙනෙකි.
 
අප රැකගත යුත්තේ ගෝඨාභය යි.
 
රටට හරියන්නට හෝ වරදින්නට හෝ මේ ගමන  ඇත්තේ ගෝඨාභය සමගය.
 
ඒ ගමන විනාශ කිරීමට ට්‍රෝජන් අශ්වයන්ට කිසිසේත්ම ඉඩ දිය යුතු නොවේ.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...