BREAKING
Top Ad
ඇට මැස්සා

මඟ වැරදීමද ? වැරදි මඟද ? - (ඇටමැස්සා 95)

T

The Leader

March 7, 2021 • 9:50 AM

 මඟ වැරදීමද ? වැරදි මඟද ? - (ඇටමැස්සා 95)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාලු පාර එක මඟකි.
  •   ගමනාන්තය අවසානයේ ඇත්තේ ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම්, ලේකම් පදවි, සභාපතිකම් ආදියයි.
  •   දැන් ඒ පාරවල් දෙකම වසා ඇත.
  •   ඔවුන්ගේ වටිනාකම රුපියලේ අගයටත් වඩා පහත වැටී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
හයිලෙවල් පාර තවත් මඟකි.
 
නුවර පාර වෙනම මඟකි.
 
මේ සියලුම මඟවල් මිනිසුන්ට යෑම සදහා හැදූ ඒවාය.
 
ඊට අමතරව තෝරාගත් පිරිසකට පමණක් යෑම පිණිස හැදූ මඟවල් දෙකක් ද තිබේ.
 
ඉන් එකක් වියත් මඟය.
 
අනිත් එක හරි මඟය.
 
මේ මඟවල් දෙකේ ගියවුන් දැන් තම ගමනාන්තයට ළං වී හමාරය.
 
ගමනාන්තය අවසානයේ ඇත්තේ ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම්, ලේකම් පදවි, සභාපතිකම් ආදියයි.
 
ඒවා හැමෝටම ලැබුනේ නැත.
 
එම පදවි හා තානාන්තර ලැබුනේ වියත්මඟේ සහ හරිමඟේ ගමන් කළ තෝරා ගත් ප්‍රභූ පිරිසකටය.
 
දැන් ඒ පාරවල් දෙකම වසා ඇත.
 
මක්නිසාද ‍යත් තනතුරු බෙදා දී අවසන් බැවිනි.
 
වියත්මඟේ සහ හරිමඟේ සිටි කබ්බන් දැන් නිකංම නිකං අවලංගු කාසි වැනිය.
 
ඔවුන්ගේ වටිනාකම රුපියලේ අගයටත් වඩා පහත වැටී ඇත.
 
වියත්මඟේ සහ හරිමඟේ සිටි සොක්කන් ගේ එක් දුරකථන ඇමතුමකටවත් එහි සිටි ලොක්කන් දැන් උත්තර දෙන්නේ නැත.
 
වියත්මගේ බොහෝ වියතුන් ප්‍රායෝගික අය නොවේ.
 
එය වියත්මගේ ප්‍රශ්නයක් නොවේ, මේ රටේ බහුතරයක් වූ වියතුන්ගේ ප්‍රශ්නයකි.
 
වියතුන් ප්‍රැක්ටිකල් නැත.
 
නැත්නම් ප්‍රැක්ටිකල් මිනිසුන් අතර වියතුන් නැත.
 
මේ එක උදාහරණයකි.
 
පසුගියදා ලාංජනයක් එළි දැක්වීමේ උත්සවයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැතුණි.
 
ගෝඨාභය, මහින්ද, චමල්, සරත් වීරසේකර, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩලස්, උදය ඇතුළු එකී මෙකී නොකී ඇමැති සෙට් එකම එතැනය.
 
උත්සව ශාලාවට අමුත්තන් ඇතුළු කළේ පෙරවරු 9.30 සිටය.
 
ගෝඨාභය පැමිණියේ 10.39 ටය.
 
ජනාධිපතිතුමා අවම වශයෙන් පැයකට 
අධික කාලයක් එහි ගතකරන්නට ඇත.
 
පැයක් අඩු වෙනවා යනු මිනිසකුගේ ජීවත් වීමේ කාලය පැයකින් අඩු වීමකි.
 
වැඩ කරන්නට තිබෙන කාලයෙන් පැයක් අඩු වීමකි.
 
ලාංජනයක් එළි දක්වනු නැරඹීමට වඩා කෙතරම් වටිනා රාජකාරි ඒ පැය තුල ජනාධිපතිතුමාට කරන්නට තිබුනේද?
 
මේ ආකාරයට ඇමැති සෙට් එකම ජනාධිපතිතුමා උත්සවයන්ට කැඳවන්නට  ගියහොත් රටට සොරි .com ය.
 
මේ රටේ වියතුන් වැඩ කරන්නේ මෙලෙසින්ය, හරියටම කිවහොත් ඒලියන්ස්ලා මෙනි.
 
තමන්ගේ අමාත්‍යාංශය තුල සිදුවන්නේ කුමක්ද කියා මේ බොහෝ වියත් ඇමැතිවරුන් දන්නේ නැත.
 
එක් වියත් ඇමැතිවරයකුගේ ඉහළ නිලධාරින් එකාට එකා නැත.
 
මේ ඇමැතිවරයා පැමිණි දා පටන් නිලධාරින් කා කොටා ගනී.
 
තවමත් තනතුරු බෙදාගැනීමට කරන එකී සටන් නිමා වී නැත.
 
මේ ආකාරයට කාර්‍යක්ෂමතාවය වර්ධනය කරන්නේ කෙසේද දන්නේ දෙයියෝම පමණි.
 
ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළට පැමිණි දේශපාලඥයින් ඇමැති තනතුරු හොබවන අමාත්‍යාංශය තුල මෙවැනි තත්ත්වයක් නැත.
 
මන්ද ‍යත් ඔවුන් ඇන්දවීම ලෙහෙසි නැත.
 
නිලධාරින් හැරෙන්නේ මොකාටදැයි ඔවුන් දනී.
 
පුංචි මිනිසාගේ දුක ඔවුන්ට මැනවින් වැටහේ.
 
ගෝඨාභය ෆේල් නැත.
 
ෆේල් දේශපාලනය නොදන්නා වියත් අම්බරුවත් ය.
 
තමාගේ අමාත්‍යාංශයේ සේවය කරන සේවකයකු ඉදිරියට හමුවූ විට සිනාවක් පාන්නට නොහැකි පොළොවේ පය  නොගැසූ වියතුන්ට කෙදිනක හෝ හිමිවන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි.
 
එසේ වන්නේ මේ රටේ ජනතාව ඉතා ඉක්මනින් තම වැරැදි නිවැරැදි කරගැනීමට පුරුදු වී ඇති බැවිනි.
 
හරිමඟ යනු ජනාධිපතිවරණය සමයේ ත්‍රීවිල් රියැදුරන් වැනි සමාජයේ පහළ ස්ථරවල ජනතාව නම්මා ගැනීමට අටවාගන්නා ලද්දක් විය.
 
එයින් ප්‍රධාන වශයෙන් සිදුකෙරුණේ කමල් ගුණරත්න ගේ පොත් ප්‍රකාශයට පත් කිරීමය.
 
හරිමඟේ සිටි සමහරුන්ට ලේකම් පදවි, සභාපති පට්ටම් හා වෙනත් තනතුරු පිරිනැමුණි.
 
ඒ අතර ත්‍රීවිල් රියැදුරන් සිටියේ නම් සංගක්කාරගේ නෝනා රුපියල් 7000 ට අඩු මාසික ආදායමක් ලබන කාන්තාවක් ‍යැයි කියන කතාව ඇත්ත විය යුතුය.
 
හරිමඟේ පළමු රැස්වීම කොලොන්නාව ප්‍රදේශයේ පැවැති අතර ඊට මූලික වූ ස්වාමීන් වහන්සේව මුල් වටයේදීම සිරිසඝබෝ කරන ලදි.
 
අවසන් කාලය වන විට හරිමඟේ සිටි බොහෝ දෙනෙකු දක්නට ලැබුනේ නැත.
 
රාජ්‍ය මාධ්‍ය ආයතනයට සම්බන්ධ කැමරා ශිල්පියකු හරිමඟට සම්බන්ධ වී සිටියේ ය.
 
පසුකාලීනව ( ගෝඨාභය ජයග්‍රහණය කළ පසු) ඔහු බරපතල ලෙස රෝගාතුර විය.
 
තම රෝගී තත්ත්වය නිසා බරපතල මූල්‍ය ගැටළුවකට මුහුණ පෑ ඔහුට ජනාධිපති අරමුදලෙන් එක ශතයක් හෝ ලබාදීමට හරිමඟේ නිලධාරින් කටයුතු කළේ නැත.
 
ඔහුගේ ෆයිල් ටික ළග තබාගෙන සිටි හරිමඟේ කනිෂ්කයකු මාරු වී ගියේ කනිෂ්ඨ මට්ටමේ බාලයකු ලෙසිනි.
 
මෙවැනි නරුමයින් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම බරපතල ලෙස පිරිහෙමින් පවතී.
 
ගෝඨාට උදව් කළ බොහෝ දෙනෙකු යලි ගෝඨා වෙනුවෙන් කැප වෙන්නෙ නැත.
 
එය ගෝඨාභය ගේ වරදක් නිසා නොව තනතුරු හා වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ගෝඨාභයට ළං වූ අවස්ථාවාදීන් නිසා සිදුවන්නකි.
 
මේවා ගැන කතා කිරීමෙන් පළක් නැත.
 
ඒ අහන්නට බලන්නට කෙනෙක් නැති නිසාය.
 
ගෝඨාභය තෝරාගැනීම ගැන ජනතාව කණගාටු වන්නේ නැත.
 
ජනතාව කණගාටු වන්නේ ගෝඨාභය විසින් තෝරාගත් මිනිසුන් ගැනය.
 
කෙසේ වෙතත් එක දෙයක් නම් පැහැදිලිව කිව හැකිය.
 
2025 දී වියත්මගේ හා හරිමඟේ බොහෝ දෙනෙකු සිටිනු ඇත්තේ මහමඟ ය.
 
 
(ඇටමැස්සා)
 
 
 
 
##############

 

 

ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!

  

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...