BREAKING
Top Ad
ඇට මැස්සා

සංගීත ලොව එකළු කළ සූරිය ලකුණ ! -ඇටමැස්සා (97)

T

The Leader

March 19, 2021 • 2:24 AM

සංගීත ලොව එකළු කළ සූරිය ලකුණ ! -ඇටමැස්සා (97)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සු ඉපදෙනවා.
  •   තවත් නිවැරැදි ලෙස කියනවා නම් වික්‍රමසූරිය කියන වාසගමේ අන්තිම අකුරු තුන ගෙන ඉදිරිපත් කළ සූරිය රෙකෝඩ්ස් හිමිකරු වශයෙන්.
  •   1938 අවුරුද්දේ දී ඔහු ආනන්ද සමරකෝන් වෙතින් සංගීතය ඉගෙන ගන්නවා.
  •   අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් මූලික අධ්‍යාපනය හදාරලා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වන ජෙරල්ඩ් ගේ සිත පොප් සංගීතය වෙත ඇදී යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
මැරෙනවා.
 
ඒ අතරින් සමහරු මියයන්නේ නොමැරෙන දේවල් අපට ඉතිරි කරලා.
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය කියන්නේ එවැනි මනුස්සයෙක්.
 
ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයට අමරණීය ගීත රැසක් දායාද කරනවා.
 
ඒ නිෂ්පාදකයකු වශයෙන්.image 6
 
තවත් නිවැරැදි ලෙස කියනවා නම් වික්‍රමසූරිය කියන වාසගමේ අන්තිම අකුරු තුන ගෙන ඉදිරිපත් කළ සූරිය රෙකෝඩ්ස් හිමිකරු වශයෙන්.         
 
සූරිය රෙකෝඩ්ස්.  
 
ඇයි ඒ නම වැදගත් වෙන්නේ...?
 
ඒ නම පිටුපස සංගීතය හොඳින් දන්නා, අභියෝගය හමුවේ නොසැලෙන නිර්භීත මිනිසෙක් සිටියා.
 
ඇටමැස්සා ජෙරල්ඩ් වික්‍රමසූරිය ගැන ලියන්නේ සිංහල සංගීත වංශ කතාවේ ඔහු වෙනුවෙන් පිටුවක් වෙන් කර තැබිය යුතු නිසාමයි.
 
අනිත් අය ගායකයින් හදනකන් ජෙරල්ඩ් වික්‍රමසූරිය බලාගෙන හිටියේ නෑ.
 
ඒ වෙනුවට ඔහු කළේ ගායකයින්ව හදපු එකයි.
 
මේ රටේ කණ්ඩායම් සංගීතයක් කියලා දෙයක් තියෙන්නේ සූරිය ලේබලය නිසයි.
 
බැනුම් අහ අහා හරි ජෙරල්ඩ් වැඩේ අත් නොහැරපු නිසයි.
 
Moratuwa 19.04සූරිය ලේබලය යටතේ එළියට ආවේ කණ්ඩායම් ගීත පමණක් නෙවෙයි.
 
සුනිල් ශාන්ත, අමරදේව, නන්දා මාලිනි, වික්ටර්, සී.ටී., ජෝතිපාල, එම්.එස්., සනත්, ටී.එම්., අමිතා දළුගම, පෝල් ප්‍රනාන්දු, ශිරෝමි ප්‍රනාන්දු, ඩැලිරීන් සූබි ආදී ගායක ගායිකාවන් රැසකගේ ගී නිර්මාණ සූරිය ලේබලය
යටතේ බිහි වුණා. 
 
ළමා ගීත, දහ අට වන්නම, සිංහල ගී හා බෙර වාදන, දකුණු ලක සාම්ප්‍රදායික සංගීතය, සිංහල බෙර පද, සරල ගී හා ශ්‍රී ලංකා ජාතික ගීතයත් සූරිය ලේබලය යටතේ නිෂ්පාදනය වුණා. 
 
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව කළ  ශ්‍රී ලංකා ජාතික ගීය මෙහිදී සුවිශේෂී වන්නේ එය ටී.එම්., ප්‍රියා, නිලානි සහ ක්ලැරන්ස් එක්ව ගැයූ නිසයි. 
 
ක්ලැරන්ස් සංගීතවත් කළ මේ ජාතික ගීතයේ වාදක භාණ්ඩ අතර ලීඩ් ගිටාරයක හඬත් අපට ඇසෙනවා.
 
ඒ ඩික්සන් ගුණරත්නගේ ලීඩ් ගිටාරයේ හඬ.
 
 
 

 
 
විවේකයක් ලද විටෙකදි children’s book shop වෙත ගො‌ස් වික්‍රමසූරිය මහතා සමග අතීතයේ රසමුසු තැන් කතාබහ කරන්නට මා පුරුදුව  සිටියා.
 
ඒ වනවිට children’s book shop පිහිටා තිබුනේ කොටුවේ රීගල් සිනමා ශාලාව ඉදිරිපිටයි.
 
රීගල් එක ඉස්සරහින් පාර පැනලා යනකොට තරමක පහත් බිමක වූ කඩ පේළි අතරින් එකක children’s book shop පිහිටා තිබුනා. image 10
 
වික්‍රමසූරිය මහතාත්, එම මැතිනියත්, තවත් සේවකයෙකුත් එහි සිටියා.
 
මේ කාලේ වෙනකොට වික්‍රමසූරිය මහතාගේ ඇස් දෙකම පෙනෙන්නේ නැහැ.
 
ඒ වුනත් ඔහු ඒ වනවිටත් සැලසුම් කරමින් සිටියේ ඔහු නිෂ්පාදනය කළ රෙකෝඩ්ස්වල අඩංගු ගීත CD තැටිගත කිරීම ගැනයි.
 
එහි පළමු පියවර හැටියට ‘SOORIYA SHOW’ CD තැටිය එළිදැක්වුණා.
 
වික්‍රමසූරිය මහතා තෑගි දුන් එහි මුල්ම පිටපතක් ඇටමැස්සා ළග තවමත් සුරැකිව තියෙනවා.
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාට හොඳ සංගීත ඥානයක් තිබුනා. 
 
හොඳ කණක් තිබුනා. 
 
හොඳ ඉවක් තිබුනා. 
 
ඒ තමයි ඔහුගේ සාර්ථකත්වයේ රහස.
 
ඒ නිසා තමයි අදටත් සූරිය ලේබලය ඉතිරි වෙලා තියෙන්නේ.
 
1938 අවුරුද්දේ දී ඔහු ආනන්ද සමරකෝන් වෙතින් සංගීතය ඉගෙන ගන්නවා.
 
විශේෂයෙන්ම එස්රාජ් එක වාදනය කරන්නට.
 
පසුකාලීනව ඔහු ආනන්ද සමරකෝන් සමගින් ගුවන් විදුලියේ වැඩ සටහන්වලටත් සම්බන්ධ වෙනවා.
 
අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් මූලික අධ්‍යාපනය හදාරලා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වන ජෙරල්ඩ් ගේ සිත පොප් සංගීතය වෙත ඇදී යනවා.
 
ඒ තමයි අපේ සංගීත වංශකතාවට මිණි කැට පෙළක් බඳු ගී පෙළක් බිහිවීමේ ඇරඹුම.
 
cover1සූරිය ලේබලය යටතේ මුළින්ම නිකුත් වුණේ මූන්ස්ටෝන්ස් EP තැටියයි.
 
ඒ 1968 වසරේදී.
 
එහි කැටලොග් අංකය වුණේ CHB001.
 
එතැනින් පටන් ගත් ගමන අවසන් වුණේ ධර්මරත්න බ්‍රදර්ස්, මෙන්ඩිස් ෆෝර්සම්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, ත්‍රී සිස්ටර්ස්, සමනලයෝ, ලා බම්බාස්, ලොස් ෆ්ලෙමෙන්කොස්,වින්ස්ලෝ සික්ස් ,ස්ටැන්ලි පීරිස් ඇන්ඩ් ද ගෝචූන්ස් ඇතුළු කණ්ඩායම් රැසකට ගී ලොව දොරටු විවර කර දීමෙනුයි.                 
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා කියන පැරණි කතා ඔහු නිෂ්පාදනය කළ ගීත තරම්ම හරි රසවත්.
 
ජෝතිපාල ගැයූ "දුරකථනය" ගීතයට තනුවක් දාන්න මුළින්ම බාර දුන්නේ ක්ලැරන්ස්ට.
 
ඒත් ක්ලැරන්ස් ගේ ඔලුවට මෙලඩියක් ඇවිල්ලම නෑ.
 
අන්තිමට ක්ලැරන්ස්ම අහනවා ජෙරල්ඩ් ගෙන් මෙහෙම.
 
" අපි මේක මෙල්රෝයිට දෙමුද?"
 
ඔන්න ඔහොමයි ජෝතිපාල ගැයූ දුරකථනය ගීතයට මිහිරිම තනුවක් නිර්මාණය වෙන්නෙ.
 
"දිල්හානී දුවනී" ගීතය මුලින්ම ගායනා කරන්න පුහුණු වුණේ ඇනස්ලි මාලේවන.
 
ඒත් ජෙරල්ඩ් එකහෙළාම කිව්වේ මේකට යන්නේ ගැහැනු කටහඬක්, ගිහින් ගැහැනු ළමයෙක් හොයාගෙන එන්න කියලායි.
 
 
ඔවුන් ගැහැනු ළමයෙක් සොයාගෙන එනවා.
 
ඇය ඉන්ද්‍රානි පෙරේරා.
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය අලුත් හඬවල් දැක්කම බයවුණේ නෑ.
 
අලුත් හඬවල් හඳුන්වා දෙන්න බයවුණෙත් නෑ.
 
වින්ස්ලෝ සික්ස් කණ්ඩායමට ගීත පුහුණු කිරීම බාර වුණේ ක්ලැරන්ස්ට.
 
" අපෝ මේ ළමයින්ට සිංහල සිංදු කියන්න බෑ. පුදුම වෙස්ටර්න් ඇක්සන්ට් එකක්නෙ තියෙන්නේ මිස්ටර් වික්‍රමසූරිය "
 
ක්ලැරන්ස් එහෙම කිව්වත් වැඩේ අත අරින්නේ ජෙරල්ඩ් නෙවෙයි.
 
පසු කාලීනව BMICH එකේ පැවැති සංගීත ප්‍රසංගයකදි වින්ස්ලෝ සික්ස් කණ්ඩායම ගීත ගායනා කරන්නේ ජෙරල්ඩ් වික්‍රමසූරිය ප්‍රේක්ෂකයකු වශයෙන් සභාවේ සිටියදී.
 
ගීතය ගායනා කර අවසානයේ දී එහි ප්‍රධාන ගායිකාව වූ වෛද්‍ය මනෙලා ජෝශප් පැරණි සිද්ධිය මතක්කර දෙමින් අහන්නෙ " මිස්ටර් වික්‍රමසූරිය, අද අපි ඇක්සන්ට් එකකින් කිව්වේ නෑ නේද? " කියායි.
 
ඒ මොහොතේ ජෙරල්ඩ් වික්‍රමසූරියගේ මුහුණේ ඇඳෙන්නේ ජයග්‍රාහී සිනාවක්.
 
ජෙරල්ඩ්ට බොහෝ චෝදනා එල්ල වුණා. 
 
" තමුසෙ ආනන්ද සමරකෝන්ගේ ගෝලයෙන් වෙලත් මේ වගෙ තුප්පහි සිංදු කරන්නේ ඇයි? "
 
සමහරු ඔහුගෙන් ඇහුවේ එහෙමයි.
 
" ඒ බැනුම් අහලා මං අතඇරියා නම් මේ සිංදුවලට මොකද වෙන්නෙ ...?"
 
 
" මේ සිංදු තුප්පහි සිංදු නම් අද හැදෙන සිංදුවලට මොනවද කියන්නේ ...?"
 
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය එදා මගෙන් ඇසූ ඒ ප්‍රශ්නවලට නිවැරැදිම උත්තරය ඔහු විසින් දැයට දායාද කළ ගීත ගොන්න තුල තියෙනවා.jothi amara
 
ජෙරල්ඩ් හරිම කැමැත්තෙන් කතා කළා ක්ලැරන්ස් ගැන.
 
ක්ලැරන්ස් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමෙන් අස් වෙලා ජෙරල්ඩ් ගාවට එනවා.
 
" බලන්නකෝ මිස්ටර් වික්‍රමසූරිය ගෝල්ඩන් චයිම්ස් නම ලංකිකාලා රෙජිස්ටර් කරගෙනනේ..."
 
ක්ලැරන්ස් එහෙම කිව්වාම ජෙරල්ඩ් බොහොම සරල උත්තරයක් දෙනවා ක්ලැරන්ස්ට .
 golden chimes 2021
" ඉතින්....? අපි
දාමු සුපර් ගෝල්ඩන් චයිම්ස් කියලා ..!" 
 
ඒ තමයි සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ උපත.
 
ඩික්සන් ගුණරත්න වගේම ශ්‍රීකාන්ත දසනායක ගැනත් ඔහු නිතර සදහන් කළා.
 
" ඒ දෙන්නම ප්ලේ කරන්නේ ‍රිස්ට් ( මැණික්කටුවෙන්) එකෙන්.."
 
 
සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත තැටි ඕන තරම් දැන් සංගීත සාප්පුවල තියෙනවා.
 
ඒත් ඒ ගීත ලැබුනේ කොහොමද කියලා හුඟ දෙනෙකු දන්නේ නෑ.
 
ඒ කතාව ජෙරල්ඩ් වික්‍රමසූරිය මෙහෙමයි දවසක් කිව්වේ.
 
" සී. ටී. ගේ ගීතයක් තැටිගත කිරීම සදහා ඔහුට මුළින්ම ආරාධනා කළේ මමයි.
 
නමුත් මොකක් හෝ අතපසුවීමකින් මට ඒක කරගන්න බැරි වුණා. 
 
ලුවිස් බ්‍රවුන් සමාගම සී. ටී. ගේ ගීත තැටිගත කළා.
 
මේ තැටි නිකුත් වුණේ 'කොලොම්බියා' ලේබලය යටතේ.
 
සී. ටී. වියෝ වුණාට පස්සේ මේ ගී හඬ අපේ ශ්‍රාවකයින් අතට පත් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණා.
 
නමුත් ප්‍රශ්නයකට තිබුනේ මේ ගීතවල අයිතිය තිබුනේ ඉන්දීය සමාගමකටයි.
 
සී. ටී. ප්‍රනාන්දු මහත්මියගේ අවසරය පිට මම ඉන්දියාවට ගිහින් මාස්ටර් ටේප් හොයාගෙන අලුතින්ම තැටි කැප්පෙව්වා.
 
ඔන්න ඔහොමයි 'ගෝල්ඩන් වොයිසස්' යටතේ සී. ටී. ගේ ගී හඬ යලිත් අසන්නට ලැබුනේ ...."
 
ජෙරල්ඩ් වික්‍රමසූරිය මට මේ කතාව කිව්වේ 1996 ජූනි මාසේ දවසක.
 
ගීත රස ගඟුලක් සිංහල සංගීතයට දායාද කර 2006 ජනවාරි මාසයේ 9 වැනිදා ඔහු අපෙන් සමු ගන්නවා.
 
අදටත් 70 දශකයේ ගීයක් ඇ‌සෙද්දී මට වික්‍රමසූරිය මහතාව සිහිපත් වෙනවා.  ඒ‌, ඔහු මට පැවසූ එකී ගීත හා බැදුණු රසබර තො‌රතුරු නිසයි.
 
(ඇටමැස්සා)
 
 
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...