BREAKING
Top Ad
ඇට මැස්සා

මහින්දට 75 යි! : ගෝඨාභයට 1 යි !: ලලිත්ට - අනූෂට හෙට යි ! - ඇටමැස්සා (58)

T

The Leader

November 18, 2020 • 3:56 AM

 මහින්දට 75 යි!  : ගෝඨාභයට 1 යි !:  ලලිත්ට - අනූෂට හෙට යි ! - ඇටමැස්සා (58)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුවිශේෂී දින ළග ළගම පැමිණීමත් සුවිශේෂී කාරණාවකි.
  •   ඒ මහින්දගේ 75 වැනි උපන් දිනය අදට යෙදී ඇති නිසා ය.
  •   මේ රටේ ඉතිහාසය ලියන යම් දිනයක මහින්ද වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක්  ලියවෙනු ඇත.
  •   එම පොතේම ටොයියන් නියෝජනය කරන රනිල්, සජිත්, කරූ, හරීන්, කිරිඇල්ල, රන්ජන් ගැන ලියවෙනු ඇත්තේ පේලි කිහිපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ අතින් අද සුවිශේෂී දිනයකි.
 
ඒ මහින්දගේ 75 වැනි උපන් දිනය අදට යෙදී ඇති නිසා ය.
 
පළමු කොට මහින්ද අගමැතිතුමාට සුබ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
 
 
අද  අනෙක් විශේෂය නම් ගෝඨාභය බලයට පත් වී වසරක් සම්පූර්ණ වීමයි.
 
අපි එතුමාට ද සුබ පතමු.
 
ඊයේ මේ රටේ වෙසෙනා ටොයියන් හට පුදුමාකාර  සතුටු දිනයකි.
 
ඒ මහින්දට එක එල්ලයේ අය වැය කතාව කරගෙන යාමට නොහැකි වීමයි.
 
මහින්දට එක දිගටම සිටගෙන අය වැය කතාව පැවැත්වීමට නොහැකි වීමයි.
 
මේ කරුණු අරභයා තාවකාලිකව හෝ කාළකණ්නි සතුටක් ලැබීමට තරම් ටොයියන් පහතට ඇද වැටීම  කණගාටුදායක ය.
 

Sri Lanka's Prime Minister Mahinda Rajapaksa (C) greets as he arrives at his swearing-in ceremony at the sacred Kelaniya Raja Maha Buddhist temple, outside the capital Colombo on August 9, 2020. - Sri Lanka's ruling Rajapaksa brothers won an unprecedented two-thirds majority at the August 5 parliamentary elections that allowed them to rewrite the constitution and increase their power. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මහින්ද යනු චරිතයකි.
 
මේ රටේ ඉතිහාසය ලියන යම් දිනයක මහින්ද වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක්  ලියවෙනු ඇත.
 
එම පොතේම ටොයියන් නියෝජනය කරන රනිල්, සජිත්, කරූ, හරීන්, කිරිඇල්ල, රන්ජන් ගැන ලියවෙනු ඇත්තේ පේලි කිහිපයකි.
 
 
මහින්ද හොඳ මිනිහෙකි.
 
හිත හොඳ මිනිහෙකි.
 
කෙළෙහිගුණ දත් මිනිහෙකි.
 
සතුරාට පවා සමාව දෙන මිනිසෙකි.
 
මහින්ද ගේ ලොකුම දුර්වලකමුත් ඒවාමය.
 
 
මහින්දට වැඩිපුරම ගැසුවේ එසේ උදව් ගත් උදවියම ය.
 
රන්ජන්ගේ ස්ත්‍රී දූෂණ නඩුවෙන් රන්ජන්ව ගලවා ගත්තේ මහින්ද ය.
 
මහින්ද තාමත් එහි ප්‍රතිවිපාක බුක්ති විඳිමින් සිටී.
 
සජිත් ගේ නංගිගේ හොර මුදල් නෝට්ටු සිද්ධියට ද මහින්ද මැදිහත් විය.
 
ඔහු එහි පරිප්පුව තාමත් කයි.
 
රනිල් ගේ පක්ෂ නායකත්වය රැක දීමට කෝට්ටේ පාරට තාර දැම්මෙ මහින්ද ය.
 
රනිල් බලයට පත් වූ පසු මහින්දට සැලකූ ආකාරය රටම දනී.
 
  
විජේදාස සතු නාවල ඩයලොග් බිල්ඩින් එක සම්බන්ධ ඉන්කම් ටැක්ස් කේස් එකේදී ද මහින්ද මැදිහත් විය.
 
විජේදාස මහින්දට ඇරියේ වරක් දෙවරක් නොවේ.
 
සෝභිත හාමුදුරුවන් සම්බන්ධ ‍රවී කරුණානායක සතු වීඩියෝ පටය මහින්ද වෙත ගෙන ආ විට එය පසු කලෙක ප්‍රයෝජනයට ගැනීම කෙසේ වෙතත් එය නැරඹීම පවා මහින්ද ප්‍රතික්ෂේප කළේය.
 
2015 මහින්ද එලවන්නට පෙරමුණ ගත්තේ ඒ සෝභිත හාමුදුරුවන්ම ය.
 
මේ රටේ කිසිම ජනාධිපතිවරයකු නිමා නොකල යුද්ධය නිමා කළේ මහින්ද ජනාධිපති ය.
 
යුද්ධය නිමා කළේ සරත් ෆොන්සේකා යැයි මෙතැනදී ටොයියන් බෙරිහන් දෙනු ඇත.
 
ඔය සරත් ෆොන්සේකා වෙනත් ජනාධිපතිවරුන් යටතේ ද යුද්ධය කර ඇත.
 
සරත් ෆොන්සේකාට වඩා වැඩ්ඩන් ද යුධ පෙරමුණේ සටන් කළහ.
 
ඒත් යුද්ධය නිමා වූයේ මහින්ද ජනාධිපතිත්, හිටපු සෙසු ආරක්ෂක ලේකම්වරුන් මෙන් දෙකට නොනැමුණු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාත් නිසාය.
 
එසේ නොවන්නට අද පොර ටෝක් දෙන බොහෝ ටොයියන් එක්කෝ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් හෝ බස් බෝම්බවලින් හෝ ක්ලෙමෝ බෝම්බවලින් හෝ චුත වී ගොස් මේ වන විට සිටින්නේ අන්තරාභවයේ ය.
 
 
මහින්ද වයසට යෑම ගැන සිනා වෙන ටොයියන්ට කීමට ඇත්තේ එක දෙයකි.
 
ඒ අපිත් වයසට යන බවය.
 
මහින්ද දවසක ගෙදර යනු ඇත.
 
එහෙත් ඔහු ගෙදර යා යුත්තේ ප්‍රේමදාස ගෙදර ගිය ආකාරයට නොවේ.
 
මහින්ද ගෙදර යා යුත්තේ ‍රනිල් ගෙදර ගිය ආකාරයට නොවේ.
 
මේ රටේ සතුටින් බලය අතහැර ගියේ ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා පමණි.
 
මහින්ද ද ගෙදර යා යුත්තේ එලෙසින්ම සතුටිනි.
 
ඔහු ගෙදර යා යුත්තේ වීරයෙක් ලෙසිනි.
 
මක්නිසාද ‍යත් මහින්ද මේ රටට තම යුතුකම් ඉටු කළ මිනිසෙකු බැවිනි.
 
President Gotabaya Rajapaksa 2
 
ගෝඨාභය ගේ අවුරුද්ද හරියටම පිස්සු මහාචාර්යරයෙක් සිසුන් අන්නවන්නටම හැදූ ප්‍රශ්න පත්‍රයක් මෙනි.
 
 ගෝඨාභයට මේ අසීරුතාවලින් ජයග්‍රහණය කොට තමන් ජනතාවට ලබාදුන් පොරොන්දු පත්‍රයට සාර්ථක පිලිතුරක් ලබාදීමට හැකි වේවා යැයි පතමු.
 
ගෝඨාභය වැඩ කරන්නේ ඔහුගේම රටාවකට ය.
 
එසේ වුවත් ඔහුට මහින්ද අයියා ගෙන් ඉගෙනීමට බොහෝ කරුණු ඇත.
 
එනම්, මහින්ද කළ වැරදි නොකිරීමට ගෝඨා ඉගෙනගත යුතුය.
 
ගෝඨාභයට සැබෑම ලෙස ආදරය කරන මිනිස්සුත් සිටිනුයේ ගෝඨාභය වටකරගෙන සිටින ඉදිරි ආරක්ෂක වළල්ලෙන් පිටත බව වටහාගත යුතුය.
 
රටේ ඇත්ත ගෝඨාභයට සන්නිවේදනයවීම අහුරාලමින් සිටින්නේ මොවුන් ය.
 
මේ " යෙර්ස් සර්.., ඕ කේ සර්...අන්ඩර් කන්ට්‍රෝල් සර් ..." කාරයින් ගෙන් ප්‍රවේසම්වීම නුවණට හුරුය.
 
මොවුන් වනාහි මර්වින් සිල්වා ගේම වෙනත් මුහුණුවරකි.
 
මොවුන් පැමිණ සිටින්නේ ‍රට වෙනුවෙන් ඩීල් දැමීමට නොව බඩ වෙනුවෙන් ඩීල් දැමීමට බව ඉදිරි වසර තුල වටහා ගැනීමට ගෝඨාභයට නැණැස පහළ වේවා යැයි ජනාධිපති වර්ෂපූර්ණ දිනයේ පතමු.
 
අපි මෙතෙක් කතා කළේ අද දවසේ වැදගත්කම ගැනය.
 
හෙට ද එවැනිම වැදගත් දිනයකි.
 Lalith Weerathunga Anusha Pelpita
 
ඒ මහින්දලා වෙනුවෙන් හිරේ ගිය, හිරේ ගියත් මහින්දලාව පාවා නොදුන් ලලිත් වීරතුංගගේ සහ අනූෂ පැල්පිට ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙටට නියමිත බැවිනි.
 
මේ නඩුවෙන් ඔවුන් නිදහස් වුවහොත් වඩාත් බියවන්නේ ටොයියන්ට වඩා වැඩ බැරි බයියන් බව සහතිකය.
 
වර්තමානයේ ගෝඨාභයට එල්ල වන ප්‍රහාර හමුවේ ලලිත් වීරතුංග කෙතරම් කම්පනයට පත් වී ඇත්ද යන්න ඇටමැස්සා හොදින් දනියි.
 
ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය හොදින් හැසිර වූ අනූෂ පැල්පිටව මහ මැතිවරණ මෙහෙයුම් කමිටුවෙන් වැඩ බැරි චරිත හේරත් ගේ එක පෑන් පහරින් කැපී ගිය අයුරු ඇටමැස්සා දනී.
 
අද මහින්ද ගේ සහ ගෝඨාභය ගේ දවසය.
 
හෙට ලලිත් ගේ හා අනූෂ ගේ දවස ය.
 
අනිද්දා සිට වෙන්නෙ කුමක්දැයි අපි බලා සිටිමු.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...