ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය.
ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.
ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.
ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.
උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහු ජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය.
බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.
එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සදහනක් ඇත.
එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩ වලට අමතරව තවත් ඒවා ඇති බවයි.
ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.
මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි.
වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.
පිළිකාව අප උපතින් අරන් එනවාද,
නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවා ද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.
ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි.
දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.
අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපා දීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.
මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත.
එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg 'යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි.
අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.
එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි.
ඉහත 'no added msg ‘යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි.
එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.
බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි.
පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ.
නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.
පැණිබීම සම්බන්ධයෙන් ඇති අපූරු කතාවක් මෙහිදී සිහිපත් වේ.
දිනක් පැණිබීම නිෂ්පාදකයකුගේ ගෙදරට ඔහුගේ හිතවතෙකු පැමිණියේ ය.
තම හිතවතාට ඔහු නිෂ්පාදනය කරන පැණිබීම වීදුරුවක් පිළිගැන්වීය.
එහෙත් නිෂ්පාදකයා එය පානය නොකළ බැවින් හිතවතා ඒ පිළිබඳ විමසීමක් කළේය.
එවිට පැණි බීම නිෂ්පාදකයා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.
"පිස්සුද මගේ බල්ලාටවත් දෙනවාද ඔය ජරාව...."
අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.
උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .
එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?
Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ.
මෙයට අමතරව උම්බලකඩ කුඩු ද ඇතුළත් කර තිබේ.
ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.
Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.
"පාරිභෝගිකයා මෝඩයෙකි"
ලංකාව සම්බන්ධයෙන් නම් එය 100%ක්ම නිවැරදි ය.
මෝඩයින්ට අමතරව අපි හරකුන් ද වන්නෙමු.
කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000/- කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000/- ක් වැයකරමු.
( ග්‍රෑම් 40 රුපියල් 120/- බැගින් කිලෝ එකට රුපියල් 3000/-)
අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත.
ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.
මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවා ය.
ඒවා මෙසේය.
ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන් , මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක , තිරිඟු සිරප් යනාදී වශයෙනි.
මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය.
නැතිනම් msg ය.
අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි.
Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි.
ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.
අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත.
අද අප කරමින් සිටිනුයේ එයයි.
පරිප්පු වලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍ය ය.
පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි.
අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.
අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.
අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකට ය .
ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.
(ඇටමැස්සා)
ගෙදරදීම උම්බලකඩ කුඩු කරගත් පසු...
උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම - ඇටමැස්සා (28)
T
The Leader
September 22, 2020 • 7:29 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ.
- ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය. ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත. උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහු ජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය.
- එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සදහනක් ඇත.
- එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩ වලට අමතරව තවත් ඒවා ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


