BREAKING
Top Ad
ඇට මැස්සා

බ්‍රැන්ඩික්ස් හෙවත් පාස්කු ප්‍රහාරය -2 : ඇටමැස්සා (42)

T

The Leader

October 13, 2020 • 3:37 AM

බ්‍රැන්ඩික්ස් හෙවත් පාස්කු ප්‍රහාරය -2 : ඇටමැස්සා (42)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1977 සිට අප ජීවත් වන්නේ විවෘත ආර්ථිකයත් සමග ය.
  • සුද්දන්ට ඇඳුම් මැසීම සහ එයින් ලද විදේශ විනිමය රටට ලොකු හයියක් වූ බව සැබෑ ය.
  • බ්‍රෑන්ඩික්ස් ලොක්කන් සුද්දන්ගේ ජොක්කු ඕඩරයේ ටාගට් කවර් කරන්නට ගොස් සිදු කර ඇත්තේ කුමක්ද ?
  • අන්තිමට පපුවේ අමාරුවක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ක්ලාන්තේ දාලා වැටුණා......" " ....හරියටම සැප්තැම්බර් විසි වැනිදා ඉඳලා අපේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩක් දෙනෙක්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්, සල්ලි මත්තේම නහින, සල්ලි පස්සේම එළවන, සල්ලිවලට ‍රට ජාතිය පමණක් නොව මුළු ආත්මයම වුවත් පාවා දෙන ආර්ථික රටාවක් සමග ය.

අම්‍මා තාත්තා වුවත් විකුණාගෙන කන ආර්ථික සමාජ රටාවක ය.

බල්ලෝ මරලා සල්ලි හොයන රටක ය.

විවෘත ආර්ථිකයත් සමග මිනිසුන්ට හරි හම්බ කරගන්නට විවිධ අවස්ථාවන් සැලසුණි.

දහයියා කුඩුවල සිට හෙරොයින් කුඩු දක්වා වෙළෙඳ පොළක් නිර්මාණය විය.

දාස මුදලාලිලා ගේ යුගය අවසන් වෙමින් පැවැති අතර සිංගප්පූරුවෙන් විවිධ සුකුරුත්තම් ගෙනැවිත් අලෙවි කරන සලාකා මුදලාලිලා ගේ යුගය උදා විය.

තේ, පොල්, රබර් අපනයනය යට ගොස් හවුස්මේඩ් අපනයනය ඉහළ ගියේය.

ලංකා කෝලා නතර විය.

කොකා කෝලා වෙළෙඳ පොළ ආක්‍රමණය කළේය.

යාපනය ගොවීන් ගේ රතුළූණු අස්වැන්න සුන්නත්දූලි කරමින් ඉන්දියාවේ බොම්බයි ළූණු වෙළෙඳ පොළ ගිල ගති.

නිදහස් වෙළෙඳ කලාපය හෙවත් නිදහසේ ශ්‍රමය සූරාකෑමේ කලාප රට තුල බිහිවිය.

ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් යන නමින් යුතු රැකියා වෙළෙඳ පොළක් අලුතින් නිර්මාණය විය.

සුද්දන්ට ඇඳුම් මැසීම සහ එයින් ලද විදේශ විනිමය රටට ලොකු හයියක් වූ බව සැබෑ ය.

එහෙත් ඩොලර් ලැබෙන පමණින් රටක් අනතුරේ හෙළන්නට කිසිවකුටත් අවසරයක් නැත.

බ්‍රෑන්ඩික්ස් ලොක්කන් සුද්දන්ගේ ජොක්කු ඕඩරයේ ටාගට් කවර් කරන්නට ගොස් සිදු කර ඇත්තේ කුමක්ද ?

මුළු මහත් රටම අනතුරේ හෙළීම නොවේද ?

බ්‍රැන්ඩික්ස් පාලකයන් ගේ වගකීම් විරහිතභාවය එහිදී  හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව ගේ වචනවලින්ම කියනවා නම් මෙසේය.

'' .....මම කොච්චර කිව්වත් එයාලා මට නිවාඩු දුන්නේ නැහැ. පහුවෙනිදත් මගේ සියලුම අමාරුකම් තියාගෙන මම වැඩට ගියා. අන්තිමට පපුවේ අමාරුවක් ඇවිල්ලා හුස්ම ගන්න බැරුව ක්ලාන්තේ දාලා වැටුණා......"

" ....හරියටම සැප්තැම්බර් විසි වැනිදා ඉඳලා අපේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩක් දෙනෙක්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ තිබුණා. දවසකට වැඩ කරන ළමයි තිහ හතළිහ උණ වැඩිවෙලා කලන්තේ දාලත් වැටෙනවා.

එත්  එයාලට වේදනා නාශක දීලා කියනවා ඕක පොඩි වයිරස් උණක් කියලා. එත් එයාලට නිවාඩුවක්වත් ගන්න කළමනාකාරිත්වය ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් හරිම අපහසුවෙන් හිටියේ. එයාලට බෙහෙත් කියලා ලැබුණේ පැරසිටමෝල් විතරයි....."

" ...දැන් මාසයක ඉඳලා ලංකාවේ කාටවත් කොරෝනා ගැන මතකයක් තිබුණේ නැහැ. හැමෝටම කොරෝනා කියන වයිරසය අමතක වුණා. ඒ නිසා අපේ ආයතනයේත් උෂ්ණත්වය බලන එක, විෂබීජහරණය කරන එක වගේම අත් සෝදන එක පවා නවත්තලයි තිබුණේ. හැමෝම වගේ මුඛ ආවරණ දැම්මෙත් නැහැ...."

සම්පූර්ණ කතා වස්තුව මේ ප්‍රකාශය තුලින් කියැවේ.

පටන් ගත යුත්තේ මෙතැනිනි.

එක සමාගමක ඩොලර් තන්හාව වෙනුවෙන් රටේ කී දහසක් සේවක සේවිකාවන් ගේ රැකියා මේ වනවිටත් අනතුරේ හෙළා ඇත්ද?

ඒ අහිමි වන රැකියා වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් සමාගම වන්දි ගෙවනවාද?

අපහසුතාවට පත් වූ ජන ජීවිතවලට ඔවුන් වන්දි ගෙවනවාද?

ඔවුන්ගේ මේ අමන ක්‍රියා කලාපය නිසා රටේ ආර්ථිකය තව තවත් කඩාවැටීමට බ්‍රැන්ඩික්ස් වගකියනවාද?

මේ රටට පාස්කු ප්‍රහාරය එල්ල කළේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසිනි. 

ඊටත් වඩා දරුණු කොරෝනා ප්‍රහාරයත් ඩොලර් උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂවරයකු ද වන අෂ්රොෆ් ඔමාර් ගේ සමාගමක් විසින් එල්ල කර ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පත් කළේ එක නීතියක් හදන්නට, එක නීතියක් ක්‍රියාත්මක කරන්නට ය.

දැන් එයට අවස්ථාව ‍යි.

බ්‍රැන්ඩික්ස් සමාගම එතෙක් මෙතෙක් උපයා දුන් සියලුම ඩොලර් ටික වියදම් කළත් පියවිය නොහැකි විනාශයක් මේ වන විට ඔවුන් රටට සිදු කර හමාරය.

සුද්දා ගේ ජොකා වෙනුවෙන් රටේ මහජනතාව ගේ ආරක්ෂා බිලි දුන් බ්‍රැන්ඩික්ස් සමාගමටත්, පාස්කු ප්‍රහාරකයින් ටත්  'එක නීතියක් ' ක්‍රියාත්මක වනතුරු කළු කපුටා සුදු වනතුරු, මෝල් ගහේ දළු එනතුරු බලා සිටිමු.

දැනට පෙනෙන්නට ඇති ආකාරයට අවසානයේ සිදුවිය හැකි එකම දේ නම් සියලු තොරතුරු මාධ්‍යයට හෙළිදරව් කළ ඇඟලුම් සේවිකාවකගේ සේවය අහෝසි කිරීම පමණි.


(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...