BREAKING
Top Ad
ඇට මැස්සා

බිලියඩ් අමිල- ඇටමැස්සා

T

The Leader

August 28, 2020 • 9:30 PM

 බිලියඩ් අමිල- ඇටමැස්සා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රමණ වේශධාරීන් කියා වචනයක් අතීතයේ පටන් පැවත එයි එහෙත් ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණ තිබුණේ මද වශයෙනි.
  • අතීතයේ දඹර අමිල හැසිරුණේ උග්‍ර ජේ.වී.පී කාරයෙකු ලෙසිනි.  වර්තමානයේ දඹර අමිල හැසිරෙන්නේ යූ.එන්.පී.
  • ජේ.වී.පී ආණ්ඩුවෙන් එළියට ගිය සැලින් සරසවි සිසුන් මහ පාරේ ය.  2015 න් පසු තත්ත්වයත් මෙසේය.  අනුර කුමාරලා මෛත්‍රී හා රනිල්ගේ යහපාලන ආණ්ඩුවට මුට්ටිය අල්ලාගෙන සිටින වකවානුවේ ශිෂ්‍ය අරගල නැති තරම්ය.
  • කාරයෙක් යයි මේ රටේ ජනතාව 2015 වන තුරු සිතාගෙන සිටි කාරණයකි.  එහෙත් එය එසේ නොවණ බව රටටම දැන ගන්නේ දඹර අමිල රෙදි නැතුව රනිල්ට කඩේ යන්නට පටන් ගත් පසුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමානය වන විට ශ්‍රමණ වේශධාරීන් හදුනා ගැනීමට ප්‍රසිද්ධ නිදසුන් තුනක් තිබේ. 

ඒ රතන, ඥානසාර හා දඹර අමිලය. 

අදට යෙදී තිඛෙන බිනර පුන් පොහෝදා සිදුකරන පිංකමක් ලෙසින් මේ සටහන දඹර අමිල ගැනය.

සමහරු තවමත් දඹර අමිල භික්ෂුවක් සේ සලකති. ඒ දඹර අමිල ළඟ භික්ෂුවක යැයි කිව හැකි සාධක දෙකක් ශේෂව පවතින බැවිනි. 

එනම් මුඩු හිසත්, තායි සිවුරත් පමණි.

අතීතයේ දඹර අමිල හැසිරුණේ උග්‍ර ජේ.වී.පී කාරයෙකු ලෙසිනි. 

වර්තමානයේ දඹර අමිල හැසිරෙන්නේ යූ.එන්.පී. කාරයෙකු ලෙසිනි. 

වර්තමාන ජේ.වී.ප යත් රනිල්ගේ යූ.එන්පීයත් සමානය යන පරම ලෝක සත්‍යය ලොවට පසක් කර දුන්නේ දඹර අමිල ය.

පසුගිය වකවානු වල ජේ.වී.පී දේශපාලනයේ නියැලූණු ආකාරය නිරීක්ෂණය කිරීමේ දී පහත ලක්ෂණ හඳුනා ගත හැකිය.

ජේ.වී.පී. ය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග හවුල් ආණ්ඩුව ගෙන යන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාරේ පෙලපාලි යන්නේ නැත.

ජේ.වී.පී ආණ්ඩුවෙන් එළියට ගිය සැලින් සරසවි සිසුන් මහ පාරේ ය. 

2015 න් පසු තත්ත්වයත් මෙසේය. 

අනුර කුමාරලා මෛත්‍රී හා රනිල්ගේ යහපාලන ආණ්ඩුවට මුට්ටිය අල්ලාගෙන සිටින වකවානුවේ ශිෂ්‍ය අරගල නැති තරම්ය.

දඹර අමිල ෆුල් ජේ.වී.පී. කාරයෙක් යයි මේ රටේ ජනතාව 2015 වන තුරු සිතාගෙන සිටි කාරණයකි. 

එහෙත් එය එසේ නොවණ බව රටටම දැන ගන්නේ දඹර අමිල රෙදි නැතුව රනිල්ට කඩේ යන්නට පටන් ගත් පසුවය.

මොනව උනත් දඹර අමිල අනුර කුමාරට වඩා කොලිටි චරිතයකි. 

අනුර කුමාර රනිල්ට කඩේ ගියේ හොරෙන් හොරෙන් මම එහෙම නෑ වගේ පෙන්වමින්.

නමුත් දඹර අමිල එසේ නැත. 

ඔහු සිවුරත් කරට ගෙන එළිපිටම රනිල්ට කඩේ ගියේය. 

රනිල් බලයට එන්නට පෙර සරසවි සිසුන් පාරට බස්සවන්නට දඹර අමිල උගුර කඩාගෙන කෑ ගැසූ අයුරු බොහෝ දෙනෙකුට දැන් අමතකය. 

මේ සියල්ල කර ඇත්තේ සිසු ජීවිත බිල්ලට තබා පවතින රජය අපහසුතාවයට පත් කර රනිල්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර දීමට. 

ඒ අනුව දඹර අමිලගේ මහා නායක රනිල් වික්‍රමසිංහ ය. 

දැන් ඔහු සජිත් ප්‍රේමදාස නිකායේ බව වැටහේ.

2018 නොවැම්බර් 21 ජනාධිපති මෛත්‍රිපාලට හා අගමැති මහින්දට එරෙහිව දඹර අමිල විහාරමහාදේවි උද්‍යානයේ දී සත්‍යග්‍රහයක් පවත්වන ලද්දේ රනිල්ට යළි අගමැති කම දෙන ලෙස ඉල්ලමිනි. 

සිය ස්වාමියාට පක්ෂව කටයුතු කරද්දී ස්වාමීන් වහන්සේ කෙනෙක් වුවත් තත්වය ඕකය.

දන්නා පරිදි දඹර අමිල පන්සලක වැඩ වාසය කරන්නේ නැත. 

පන්සල් වල වැඩ වාසය කරන්නේ හාමුදුරුවන් නිසා එසේ වන්නට ඇත. 

තම බඩගෝස්තරය උදෙසා සිවුරක් පටලවාගන්නකුට පන්සල සුදුසු නැතැයි දඹර අමිල ද අවංකව සිතනවා ඇත. 

ඔහු බිල්ඩිමක උඩුමහලේ කාමරය ගෙන ජීවත් වන්නේ ඒ නිසා විය යුතුය. 

අද වන විට දඹර අමිලගේ ප්‍රධාන සතුරා ගෝඨාභය ය. 

ඔහු ගෝඨාභයට බනින අසික්කිත ආකාරයට දේවන්ත තෙරුන්ට වත් බැන නැත. 

අඩුම ගානේ ප්‍රභාකරන්ටවත් බැන නැත.

ජයවර්ධනපුර සරසවියේ ස්ටාෆ් රෙස්ට් රූම් එකක් ඇත. 

මෙය සන්තාගාරය ලෙස හඳුන්වයි මේ සන්තාගාරය ට ගිය විට සිවුර පිටින් බිලියඩ් ගහන  දබර අමිලගේ දසුන සරසවියට සුපුරුදු එකකි. 

එය සියුම්ව නිරීක්ෂණය කළවිට දඹර අමිල බුද්ධ දේශනාවන් ටත් වඩා බිලියඩ් ක්‍රීඩාව ප්‍රගුණ කළ ඇති සෙයක් හැගේ.

දබර අමිලගේ නිකායට නමක් ඇත්දැයි අපැහැදිලි ය. 

කවුරුත් පහසුවට ලිට්රො නිකායේ දඹර අමිල ලෙස ඔහුව හඳුන්වයි. 

ලිට්රෝ සමාගම යහපාලන කාලයේ දඹර අමිලට මාස්පතා මුදල් දී ඇත්තේ ශාසනික සේවය උදෙසා ය. 

දඹර අමිල උදේ සිට රෑ වනතුරු සිදු කළ ශාසනික මෙහෙය නම් යූ.එන්.පී. දේශපාලනයට පක්කලි සර්විස් කිරීමය.

දඹර අමිලගේ ඇගේ සයිස් එකට මොලේ නැත. මොලේ සයිස් එකට වඩා ඇග ඇත. 

ඔහු මෙතුවක් කලක් අනාගෙන ඇත්තේද මේ නිසාය. 

කලකට ඉහත ''මිනීකන්නන්ගේ දේශය'' නමින් ලංකාවේදී රූගත විදෙස් චිත්‍රපටයක් විය. 

ලංකාව එසේ හැඳින්වීම අමූලික බොරුවකි. 

ලංකාවේ මිනී කන්නන් සිටී යන කථාව බොරුවක් බව දඹර අමිල ඔප්පු කර ඇත. 

මන්දයත් ඔහු කන්නේ සිංහල ජාතිය පමණක් බැවිනි.

එපමණක් නොව ගව ඝාතනයට එරෙහි ව්‍යාපාර ද ලංකාව තුල ක්‍රියාත්මක වීම අමිල ලද අමිල භාග්‍යයකි.

දේවදත්ත හාමුදුරුවන් ගල් පෙරවරුවේ බුදුහාමුදුරුවන්ගේ හිස මතට ය. 

දඹර අමිල ගල් පෙරලන්නේ මුළු මහත් ජාතියේම හිස මතට ය. 

දඹර අමිලලා කවදාවත් අපවත් වන්නේ නැත. මක් නිසාද යත් ඔවුන් වැන්නන් ජීවත් වුවත් මළා වැනි නිසාය.

''යමෙකු බමුණෙකු වුවද, මහනෙකු වුවද, අන්කිසි යදියෙකු වුවද, මුසාබසින් රවටයිද ඔහු වසලයෙකි.''
-වසල සූත්‍රය

(ඇටමැස්සා )
 
 

(ඇටමැස්සා FB පිටුවෙන් උපුටා ගන්න ලදී )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...