BREAKING
Top Ad
ඇට මැස්සා

කොරෝනා ඉල්ලං කෑම - ඇටමැස්සා (37)

T

The Leader

October 6, 2020 • 5:20 AM

කොරෝනා ඉල්ලං කෑම - ඇටමැස්සා (37)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ පෙට්ටි කඩයේ සිට සුපර් මාකට් එක දක්වා පෝලිම් ය.
  • පරිප්පු, සැමන්, අල, ළූණු , පාන් පිටි, හාල් පිටි, තෝසේ පිටි ගොඩ ගසා ගත් ප්‍රමාණය අවුරුද්දකට වුවත් සෑහෙනු ඇත.
  • කොරෝනාවට එරෙහි සටනේදී නිතර නිතර මන්තර මෙන් ජප කළ කාරණා 3 ක් විය.
  • මුහුණු ආවරණ, හෑන්ඩ් සැනිටයිසර්, මීටරයේ දුර තබා ගැනීම ඒ කාරණා 3 යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ළග ළගම කොරෝනා හොලිඩේ එතැයි බලාපොරොත්තුවෙන් බඩු රැස් කරන පෝලිම්ය.

හාල් ඇටයේ සිට ලුනු කැටය දක්වා ‍රැස් කරන පෝලිම් ය.

පරිප්පු, සැමන්, අල, ළූණු , පාන් පිටි, හාල් පිටි, තෝසේ පිටි ගොඩ ගසා ගත් ප්‍රමාණය අවුරුද්දකට වුවත් සෑහෙනු ඇත.

කාන්තා පාර්ශ්වය ග්‍රොසරි පෝලිම්වල පෙළ ගැසෙන විට පුරුෂ පාර්ශ්වය සිටියේ බාර් පෝලිම්වලය.

එයද මීටරයේ දුර නොමැතිව ය.

මේ අපේ රටේ ජනතාවගේ හැටිය.

ප්‍රශ්නය ජනතාව නොවේ.

ජනතාවගේ හැටි හොඳ හැටි දන්නා පාලකයින් ය.

කොරෝනාවට එරෙහි සටනේදී නිතර නිතර මන්තර මෙන් ජප කළ කාරණා 3 ක් විය.

මුහුණු ආවරණ, හෑන්ඩ් සැනිටයිසර්, මීටරයේ දුර තබා ගැනීම ඒ කාරණා 3 යි.

ප්‍රභාකරන් කිව්වේ සිංහලයාට ඕනම දෙයක් මතක සති 2 ක් පමණක් කියාය.
කතාව ඇත්තය.

දැන් නම් සිංහලයන්ට පමණක් නොව රටේ වෙසෙන හැම ජාතිකයකුටම මතක සති 2 ක් පමණය.

ලෝකය පුරා කොරෝනා පැතිරෙන වේගයෙන් ලංකාවේ කොරෝනා පැතිරුණේ නැත.

එය ආණ්ඩුවේ බලවත් සන්තුෂ්ටියටත් විපක්ෂයේ බලවත් සන්තාපයටත් හේතුවක් විය.

මේ රටේ වෙසෙන සමහර මීහරක් ජනතාව සිතුවේ ලංකාවට සතර වරම් දෙවිවරුන්ගේ බැල්ම ඇති නිසා කොරෝනා නොව වෙන මොන මරාලයක් පාත් වුවත් ප්‍රශ්නයක් නැත කියාය.

ටිකෙන් ටික බැමි ලිහිල්  විය.

විනය බිද වැටෙන්නට විය.

අවසානයේ මුළු රටම වතුර නටන තෙක් දිය සැලියේ රගන කකුළුවන් ගේ තත්වයට පත් විය.

ගුරා හිටගෙන කරන කොට ගෝලයන් දුව දුව කරන කතාවක් ඇත.

ගෝලයන්ට ආදර්ශයක් දෙන්නට ගුරාලා අසමත් වූහ.

තොන්ඩමන්ගේ මරණයේදී සියළු නීතී රීතී කඩා බිද දැමුවේ නායකකාරකාදීන්ම විසිනි. 

සිස්ටම් චේන්ජ් එකට පැමිණි නායකයින් කී දෙනෙකු ජනතාවට ආදර්ශයක් වන පරිද්දෙන් හැසීරීමට සමත් වූයේද ?

අඩුම තරමින් විපක්ෂයේ කී දෙනෙකු එම ආදර්ශය පෙන්නුම් කළේද?

නායකත්වයට අල්පමාත්‍ර තරමින් වත් ආදර්ශයක් දී ගත නොහැකිව ජනතාවගෙන් පමණක් එය බලාපොරොත්තු විය හැකිද?

එසේ බලාපොරොත්තු වීම සාධාරණද?

මේ දිනවල සමාජ ජාලා ඔස්සේ සංසරණය වන ජායාරූපයක සිටිනුයේ ගෝඨා සහ පාසල් දරුවන් පිරිසකි.

එහි සිටින දරුවන් හැර සෙසු සියලුම වැඩිහිටියන් ජායාරූපයට පෙනී සිටින්නේ මුව වැසුම් රහිතවය.

රටේ නායකයාගේ ආදර්ශය චක්‍ර ලේඛ දහසකට වඩා වටනා බව පමණක් මෙහි සටහන් කරමි.

කොරෝනා පළමු රැල්ල මර්ධනය කරන්නට තම ශ්‍රමය වැය කළ දහස් සංඛ්‍යාත මිනිසුන් ගේ මෙහෙවරට තුට්ටුවකවත් වටිනාකමක් ලබා දීමට  අපට නොහැකි විය.

 මෙහෙයවන්නට කෙනෙක් නොමැති වූ විට ගොනා කරත්තය ගෙන යන්නේ ඌට සුපුරුදු පාරේය.

දැන් රට ගමන් කරමින් සිටින්නේ ද ඒ ආකාරයට ය.

මේ ගැල් පෙරහැර මේ ලෙසින්ම ගමන් කළහොත්  අවසානයේ ඉතිරිවනු ඇත්තේ ජයග්‍රාහකයින් 3 දෙනෙකු පමණි.
ඒ පිළිවෙළින් මෙසේය .

1- ෆේස් මාස්ක් නිෂ්පාදකයින් 
2- හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදකයින් 
3- කොරෝනා ඩයරිය ලියූ මිලින්ද ‍රාජපක්ෂ

කොරෝනාවෙන් හරි ගියේ මේ තිදෙනාට පමණි.


(ඇටමැස්සා )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...