BREAKING
Top Ad
ඇට මැස්සා

මොස්කව් නුවර නිල නොලත් තානාපති - ඇටමැස්සා (63)

T

The Leader

November 25, 2020 • 1:13 AM

මොස්කව් නුවර නිල නොලත් තානාපති - ඇටමැස්සා (63)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැදිගම වින්සන්ට් රොද්‍රිගෝ.
  • රුද්‍රිගු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු බවට පත් වුණේ ඔහුගේ තරුණ අවදියේමයි.
  •   පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ පීටර් කේනමන් මහතාගේ භාෂා පරිවර්තකයා ලෙසද කටයුතු කළා.
  • රුද්‍රිගු පළමු වරට සෝවියට් දේශයට පැමිණෙන්නේ 1957 දී.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ නම ටිකක් නුහුරුයි වගේ.
 
 
නමුත් මෙහෙම කිව්වොත්....
 
දැදිගම වි. රොද්‍රිගෝ.
 
මේ නම නොදන්නා කෙනෙක් නැති තරම්.
 
රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ළං කළ පාළම වුණේ ඔහුයි.
 
රුසියානු සංස්කෘතිය අපට සමීප කළේ ඔහුයි.
 
ලංකාව, රුසියාවේ ප්‍රාන්තයක් වෙන  තරමටම ළං කළේ මේ තනි මිනිසා විසිනි. 
 
ඒ සියල්ල ඔහු කළේ පරිවර්තන සාහිත්‍යය තුලිනි.
 
දැදිගම වි. රුද්‍රිගු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු බවට පත් වුණේ ඔහුගේ තරුණ අවදියේමයි.
 
පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ පීටර් කේනමන් මහතාගේ භාෂා පරිවර්තකයා ලෙසද කටයුතු කළා.
 
දැදිගම වී. රුද්‍රිගු පළමු වරට සෝවියට් දේශයට පැමිණෙන්නේ 1957 දී.
 
ඒ, 6 වැනි ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවට සහභාගි වූ ශ්‍රී ලාංකික නියෝජිතයින් ගෙන් කෙනෙකු ලෙසයි.
 
මේ ගමන  දැදිගම වී. රුද්‍රිගුට විශේෂ එකක් වුණා. 
 
ඒ ඔහුගේ පෙම්වතිය වූ ලුද්මිලා මේ ගමනේදී හමුවීමයි.
 
දැදිගම වී. රුද්‍රිගු 1960 වසරේදී නැවත රුසියාව බලා යන්නේ මේ පෙම් සබඳතාව නිසාමයි.
 
ඉන් පසු ඔවුන් විවාහ වෙනවා.
 
දැදිගම වී. රුද්‍රිගු ගේ මරණය තෙක්ම ඔවුන් සමීපව සිටි බව ප්‍රකට කරුණක්.
 
දැදිගම වී. රුද්‍රිගු සෝවියට් දේශය විසින් ආරම්භ කළ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වුණා.
 
ඒ වගේම දැදිගම වී. රුද්‍රිගු වෛද්‍යවරයෙක්.
 
ඔහු ලංකාවට අවස්ථා කිහිපයකදීම පැමිණ තිබුනා. 
 
එලෙස පැමිණි එක් අවස්ථාවක ඔහුගේ මිතුරකු වූ ඩබ්ලිව්. ඒ. අබේසිංහ බලන්න කුලියාපිටියේ පිහිටි ඔහුගේ නිවසට යාමටත් අමතක කළේ නැහැ.
 
ඩබ්ලිව්. ඒ. අබේසිංහ විසින් දැදිගම වී. රුද්‍රිගුව අමතනු ලැබූ කෙටි නම වූයේ 'රොඩ්' යන්නයි.
 
 
1963 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සෝවියට් දේශ සංචාරයත් සමග රේඩියෝ මොස්කව් හි සිංහල අංශය ඇරඹෙන අතර දැදිගම එහි කාර්ය මණ්ඩලයට එක් වුණා. 
 
සෝවියට් චිත්‍රපටි සිංහල දෙබස් කැවීමට ද ඔහු දායක වෙනවා.
 
ඔහු අපට වැඩියෙන්ම බලපෑම් කළ පුද්ගලයකු බවට පත් වන්නේ ඉනික්බිතිව ‍යි.
 
දැදිගම වි. රුද්‍රිගු පරිවර්තන කාර්යයට අත ගසනවා.
 
ඔහුගේ විශේෂය වන්නේ රුසියන් බසින්ම සිංහලට පරිවර්තනය කිරීමයි.
 
අපට ළමා සාහිත්‍යයක් කියලා එකක් තිබුනේ නෑ.
 
අපේ ළමා සාහිත්‍යය ගොඩනැගුණේ රුසියානු ළමා සාහිත්‍යය ඇසුරෙන්.
 
එහි පුරෝගාමියා වුණේ දැදිගම වි. රුද්‍රිගු යි.
 

xcvzxv

 
ළමා විය ඉක්මවා තරුණ වියට පා තබද්දීත් අප වෙනුවෙන් පරිවර්තන පෙළක්ම ඔහු දායාද කර දුන්නා.
 
ඔහු පරිවර්තනය කළ රුසියානු පොත් ප්‍රමාණය 250 කටත් වැඩියි.
 
ඒවා අතර  ළමා  කතන්දර, ප්‍රබන්ධ, විද්‍යා විෂය, දේශපාලන න්‍යාය යනාදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කළ පොත පත තිබුනා. 
 
ඒ රුසියානු සාහිත්‍යයේ ප්‍රබෝධය විඳි පරපුර තාමත් අප අතර ඉන්නවා.
 
දැදිගම වි. රුද්‍රිගු කොයි තරම් පොත් පරිවර්තනය කළත් ඔහු ගැන තොරතුරු අල්පයි.
 
යංතං පොතක් දෙකක් ලියා මාධ්‍යවලට බ්‍රහ්ම ටෝක් දෙන අපේ වත්මන් 'පොත් බාස්ලා' වගේ ඔහු පිම්ඹෙන්න ගියේ නෑ.
 
නිහඬව තමන්ගේ කාර්යය ඉටු කරලා නිහඬවම නික්මිලා ගියා.
 
ඔහුගෙන් හානියක් කියා දෙයකට සිදුවුණේ කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින් ආදී කොමියුනිස්ට් චින්තකයන් ලියූ න්‍යායත්මක කෘති සිංහලට පරිවර්තනය කිරීමයි.
 
එමගින් සිදුවුණේ මේ පොත්වල හරය නොව එහි ඇති බර වචන කටපාඩම් කරගත්, ගිරා පෝතකයින් රැළක්, තානාපති කාර්යාල හා විදේශ ඔත්තු සේවාවලින් යැපෙන පිසාචයින් ගොන්නක්, මේ රටේ තරුණ පරපුර අතරමං කළ අලුකුත්තේරුවන් පිරිසක් බිහිවීමයි.
 
දැදිගම වි. රුද්‍රිගු  පරිවර්තනය කළ කෘති අතරින් මක්සිම් ගෝර්කිගේ 'අම්මා ', නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ' වානේ පන්නරය ලැබූ හැටි', මිහයීල් ලෙර්මන්තව්ගේ ' අපේ කාලයේ වීරයෙක්', මක්සිම් ගෝර්කිගේ ' මිනිසුන් අතර', වි. කරලෙන්කොගේ 'අඳ වාදකයා', මිහායිල් ෂොලොතොව්ගේ 'පෙරළූ නැවුම් පස' මේ රටේ තරුණ පරපුර අතර ප්‍රචලිත්‍යි.
 

cxvxcb

 
ඔහු පරිවර්තනය කළ ළමා  පොත් අතර නිකොලායි නෝසෆ්ගේ ' වැඩ බැරි දාසගේ කතා', වික්ටර් දට්ස්කේවිවිගේ 'ලස්සන මාළුවෝ', ගියොර්ගි යුර්මින්ගේ' සීයාගේ ඇස් කණ්නාඩි ', වැනි කෘති ගණනාවක් වුණා. 
 
තවමත් මේ පොත් සුරක්ෂිතව තබාගෙන සිටින පිරිස් අප අතර සිටිනවා.
 
දැදිගම වි. රොද්‍රිගෝ හැඳින්වූයේ මොස්කව් හි ලංකාවේ නොනිල තානාපති හැටියටයි.
 
සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටීමත් සමග සිදුවන්නේ අපේ සාහිත්‍යයත් කඩා වැටීමයි.
 
පොත් ලියන්නන් වෙනුවට පොත් ගහන්නන් අතට සාහිත්‍යය පත්වීමයි.
 
ප්‍රගති ප්‍රකාශන මන්දීරය හරහා දැදිගම වි. රුද්‍රිගු කළ මෙහෙවර මෙරට කිසිදු සාහිත්‍යයධරයකු අතින් සිදු නොවන්නට ඇති.
 
අප  තාමත් දැදිගම වි. රුද්‍රිගුට ණයගැති ඒ නිසයි.
 
දශක 3 කට අධික කාලයක් ඔහු මොස්කව් නුවර ජීවත් වුණා. 
 
වසර 25 කට අධික කාලයක් සාහිත්‍යයකරණයේ නියැළුණා.
 
1988 නොවැම්බර් මස 27 වැනි දින වයස 59 ඉක්මවද්දී ඔහු අපෙන් සමුගන්නවා.
 
එසේ වුවත් ඔහු අපට දායාද කළ සාහිත්‍යය කිසිදු දිනෙක අපට සමු නොදෙනු ඇති.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...