BREAKING
Top Ad
ඇට මැස්සා

දෙපත් නයා - ඇටමැස්සා (38)

T

The Leader

October 7, 2020 • 7:57 AM

දෙපත් නයා - ඇටමැස්සා (38)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙපත් නයා යනු ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙකි.
  • ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මේසයෙනි.   වැඩුණු දෙපත් නයෙක් සාමාන්‍යයෙන් අඟල් දාහතරක් පමණ දිගින් යුක්තය.
  • මේ දිනවල මාධ්‍ය ප්‍රකාශක දෙපත් නයා වෙසෙන ස්ථානය සොයාගැන්ම දෙපත් නයෙක් සොයා ගන්නවාටත් වඩා අමාරු කාරියකි.
  • ඇතැම් විට දෙපත් නයා මාස ගණනක් පොළොවේ පසට වාසය කරන බැවින් මාධ්‍ය ප්‍රකාශකතුද එවන් ස්ථානයක් සොයාග්ත්තා විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපත් නයා ට සුද්දන් කියන්නේ ceylonese cylinder snake කියාය.

දෙපත් නයා බහුලව ගැවසෙන ප්‍රදේශ වනුයේ ගම්පොල, පේරාදෙණිය, මහනුවර, පල්ලෙකැලේ වැනි මධ්‍යම පළාතට අයත් ප්‍රදේශ ය.

මීට අමතරව ළඟදී තවත් දෙපත් නයෙක් හමු විය.

ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මේසයෙනි. 

 වැඩුණු දෙපත් නයෙක් සාමාන්‍යයෙන් අඟල් දාහතරක් පමණ දිගින් යුක්තය.

 දෙපත් නයා බහුලව වාසය කරන්නේ පස් යට හෝ දිරා ගිය කොළ රොඩු අස්සේ ය.

මේ දිනවල මාධ්‍ය ප්‍රකාශක දෙපත් නයා වෙසෙන ස්ථානය සොයාගැන්ම දෙපත් නයෙක් සොයා ගන්නවාටත් වඩා අමාරු කාරියකි.

ඇතැම් විට දෙපත් නයා මාස ගණනක් පොළොවේ පසට වාසය කරන බැවින් මාධ්‍ය ප්‍රකාශකතුද එවන් ස්ථානයක් සොයාග්ත්තා විය හැකිය.

ඇටමැස්සාද වරෙක දෙහිවල  සත්ව උද්‍යානයට දෙපත් නයකු බාරදී තිබේ.

ඌ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මෙන් විසාල නැත, අඟල් 8 ක විතර එකෙකි.

සත්තු වත්තේ බලධාරීන් පැවසුවේ දෙපත් නයා දුර්ලභ සර්පයෙකු නොවන බවත්, ගෙනැවිත් භාර දීම ගැන ස්තූතිවන්ත වන බවත්, කැමතිනම් නොමිලේ සත්තුවත්ත බලන්න යන ලෙසත් ය.

දෙපත් නයා ගේ පිහිටෙන් එදා ඇට මැස්සා ට නොමිලේ සත්තුවත්ත නැරඹීමට හැකියාව ලැබිණි.

එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ගේ පිහිටෙන් දැන් මුළු රටටම දෙපත් නයා බලාගන්න ට හැකියාව ලැබුණි.

දැනට ලෝකයේ වෙසෙන පරිණාමයෙන් පහක්ම සර්ප කාණ්ඩය වශයෙන් සැලකෙන්නේ දෙපත් නයා වන අතර ලංකාවේ සමහර පොලිස් නිලධාරින් ද එසේම ය.

දෙපත් නයාට සිලින්ඩරාකාර පැතලි දේහයක් ඇති අතර මාධ්‍ය ප්‍රකාශක තුමාට ඇත්තේ සිලින්ඩරාකාර මහත දේහයකි.

දෙපත් නයා යැයි කී විට මිනිසුන් සිතන්නේ ඌට ඔළු දෙකක් ඇතැයි කියාය.

දෙපත් නයා නිතරම ඔලුව හංගාගෙන සිටියි.

හරියටම මේ දවස්වල මාධ්‍ය ප්‍රකාශක තුමා වගේය.

කලබල වූ විට ඌ එළියට දමන්නේ වලිගය කොටසයි.

ඒ ආරක්ෂිත පියවරක් වශයෙනි.

එසේ වුවත් ඌ මාධ්‍ය ප්‍රකාශක තුමා මෙන් ගම කා ගන්නේ නැත.

දෙපත් නයාගේ හොම්බ වටකුරුය.

මාධ්‍ය ප්‍රකාශක තුමාගේ හොම්බ ගැන කිසිත් නොකියමි.

අපහසුතාවයට පත්වූ විට ද දෙපත් නයා 
කහ - දුඹුරු පැහැයට හුරු දුඟදවත් ද්‍රව්‍යයක් පිට කරයි.

එදා මාධ්‍ය ප්‍රකාශක තුමාටත් එසේ වූවා දැයි නොදනිමි.

ලංකාවේ මිනිස්සු  දෙපත් නයා ඔලු දෙකේ සර්පයෙකු ලෙස විශ්වාස කරති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු නිසා එසේ කියනවා වෙන්නට පුලුවන.

සමාජයේ වෙසෙන ඇතැම් පුද්ගලයන් හඳුන්වන්නටද දෙපත් නයා යන යෙදුම යෙදෙයි.

"ඔය යකා දෙපැත්ත කන මහා දෙපත් නයෙක් .."
"ඌ කතා කරන්නේ හරියට ඔළු දෙකක් තියෙන දෙපත් නයෙක් වගේ ..."

මෙවැනි කතා අපිට නොයෙක් විට සමාජය තුළින් අසන්නට ලැබේ.

මෑතකදී මේවා ඇසුවේ මාධ්‍ය ප්‍රකාශක නිසාය.

මීට මාස 5කට පමණ පෙර බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගන්නා විට පැහැදිලි සාක්ෂි තිබුණු බව ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශක මාස පහකට පමණ පසු බදුර්දීන්ගේ සොහොයුරා නිදහස් කරන්නේ පැහැදිලි සාක්ෂි නැති නිසා යයි පවසමිනි.

මේවා හරියට දෙපත් නයි කතාය.

කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා යැයි කියන්නේ මෙන්න මෙවැනි කතා කියන විටය.

 පැහැදිලි සාක්ෂි ඇතත් නැතත් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලිව මෙසේ බොරු කියන්නෙ පැහැදිලි ලෙසම ලැජ්ජාවක් නැති නිසා ය.

කොයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැමිණියත් මෙලෙස ඔලු දෙකේ තා කිරීම සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් නොවන තත්ත්වයට දැන් පත්ව තිබේ.

එසේ සිදුවන්නේ එක්කෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගේ ලැජ්ජා නහර කපා ඇති නිසාය.

නැත්නම් ශ්‍රී ලංකා පොලීසිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස තෝරා ගන්නේ දෙපත් නයින් හෙවත් ceylonese cylinder snake වර්ගයට අයත් වූවන් විය යුතුය.

 මාධ්‍ය ඉදිරියේ බොරු කීම එතරම් හොඳ කටයුත්තක් නොවේ.

මන්ද රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි මාධ්‍ය වේදිකා නාට්‍ය මෙන් නොවේ.
වේදිකා නාට්‍ය සජීවී කලාවකි.

ලෝකයේ එකතැනක පෙන්වූ වේදිකා නාට්‍යයක් තවත් තැනක පෙන්විය නොහැක.

එකම නාට්‍ය වේදිකාවක පෙන්වන විට යම් යම් වෙනස්කම් සිදුවේ.

දෙබස් පමණක් නොව නළු නිළියන් පවා වෙනස් වේ .

එහෙත් රූපවාහිනී හෝ ගුවන්විදුලි මාධ්‍ය එලෙස නොවේ.

ඒවා ඉදිරියේ කරන කියන දෑ පටිගත වේ.

මාස පහකට පෙර කියවූ කතා දැන් වෙනස් කරන විට බඩු  අතේම මාට්ටු වෙයි.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක තැනට අද සිදුවී ඇත්තේ එයයි.

බඩු අතේ මාට්ටු වී ඇත.

නාගෙන ඇත්තේ ටැප් තියෙද්දිත් අතින් ඇදගෙනය.

දැන් කරන්න තියෙන්නේ එක් දෙයක් පමණි.

එනම් දෙපත් නයා මෙන් කාලයක් යන තුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පස් යට හෝ කොළ  රොඩු යට සැඟවී සිටීමයි.

හදිසි හෘදයාබාධ, ශල්‍යකර්ම, තනතුරින් ඉවත් කිරීම වැනි දෑ ද මේ අවස්ථාවේ පොලිසියේ පිහිටට ගත හැකි දෑ ය.

ආරංචි ලැබෙන විදියට නම් මේ මොහොත වන විටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා (හිටපු?)
සිරිසඟබෝ වී හමාරය.

 වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙලෙස කීතු කීතු කොට ඉරා දැම්මෙ  පොහොට්ටු මහ මැතිවරණ වේදිකාවේ දැවැන්ත ම සටන් පාඨය වූ පාස්කු බෝම්බ ප්‍රහාරය බව නම් නොකියා නොහැක්කේමය.

පොලීසියේ ඉහළ ලොක්කන්ගේ අනුදැනුම ඇතිව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කළ දෙපත් නයි ප්‍රකාශය නිසා ජනතාව දැඩි කලකිරීමටත්, කනගාටුවටත් පත්ව ඇති හෙයින් මේ අවස්ථාවේ දෙපත් නයකුගේ ඡායාරූපයක් පළ නොකරන්නේ හුදු දෙපත් නයින් ගේ ආරක්ෂාව පිණිස ම ය.

දෙපත් නයින් ගේ නම්බුව හා ගෞරවය ආරක්ෂා කර දීමට අභිනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට කශේරුකාවක් ලැබේවා යන්න ඇටමැස්සා ගේ ප්‍රාර්ථනය ‍යි.


(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...