BREAKING
Top Ad
ඇට මැස්සා

හෙන්රි වීරවංශ නම් සොදුරු මිනිසා -ඇටමැස්සා

T

The Leader

August 25, 2020 • 6:08 AM

හෙන්රි වීරවංශ නම් සොදුරු මිනිසා -ඇටමැස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් පාර්ලිමේන්තුවක් පත්ව තිබේ.
  • රටම දන්නා වීරවංශලාගේ දුක්ගන්නාරාළලා බවට පත් වූ සමහරු ද හෙන්රි වීරවංශ කළ මෙහෙය නිසා කලා ලෝකයට පය තැබුවෝ වෙති.
  • හෙන්රි වීරවංශ යනු 90 දශකය මුල් බාගයේ උතුරු මැද පළාත් සභාවේ සිටි සංස්කෘතික ඇමැතිතුමා ය.
  • සාමාන්‍යයෙන් ගස් ගැන හොදින් දන්නා මහින්දසෝම මහතාත් පොත් ගැන කරන දේශනා වලට සාවධානව කන්දීගෙන උන්නේ හෙන්රි වීරවංශ මහතාට පිංසිදුවන්නට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අලුත් කැබිනට් එකක් ද අලුත් රාජ්‍ය ඇමැති පෙළක් ද අලුතින්ම පත්ව තිබේ.

අලුත් පරපුර දැනගත යුතු පැරණි පරපුරේ සරල මිනිසකු ගැන කීමට මේ හොඳම වෙලාව යැයි ඇට මැස්සාට සිතේ. මක් නිසාද යත් සැප්තැම්බර් මාසය ළගම එන බැවිනි.

හෙන්රි වීරවංශ යැයි කියූ විට බොහෝ දෙනා නමින් හදුනන්නේ නැත.

ඔහු නිසා අද කලා ලෝකයේ බැබලෙන බොහෝ දෙනෙකුත් දැන් ඔහු හදුනන්නේ නැත.

රටම දන්නා වීරවංශලාගේ දුක්ගන්නාරාළලා බවට පත් වූ සමහරු ද හෙන්රි වීරවංශ කළ මෙහෙය නිසා කලා ලෝකයට පය තැබුවෝ වෙති.

හෙන්රි වීරවංශ යනු 90 දශකය මුල් බාගයේ උතුරු මැද පළාත් සභාවේ සිටි සංස්කෘතික ඇමැතිතුමා ය.

ඔහු හොද යූ.එන්.පී. කාරයෙකි.

සාමාන්‍යයෙන් යූ.එන්.පී. කාරයන්ට සංස්කෘතියක් නැත.

හෙන්රි වීරවංශ උතුරු මැද පළාතේ සංස්කෘතික ඇමැති වන විට රටේ මහ සංස්කෘතික ඇමැති වූයේ වි. ජ.මු. ය.

පැහැදිලිවම කිවහොත් විජ්ජාවෙන් ජනතාව මුළා කළ ලොකු බණ්ඩාරයන් ය.

නමුත් රටේ මහ සංස්කෘතික ඇමැතිට වඩා මහ මෙහෙයක් තමන් සතු අල්ප සම්පත් උපයෝගී කරගෙන කරන්නට හෙන්රි සමත් විය.

රටට වසන්ත සමය බක්මහ උදා වුවත් උතුරු මැද පළාතට වසන්ත සමය උදා වන්නේ සැප්තැම්බර් මාසයේදී ය.

ඒ හෙන්රි වීරවංශ ඇමැතිතුමා ගේ මෙහෙයවීමෙන් ඇරඹෙන සාහිත්‍යය උත්සවය නිසාය.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර , ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම, කතිකාචාර්ය අත්තනායක එම්. හේරත් ආදී එකී මෙකී නොකී විද්වත්හු පිරිසක් එකල උතුරු මැද පළාත බලා පැමිණෙති.

ඔවුහු සපැමිණ වියලි කලාපයේ දරුවන්ගේ දැනුම් පිපාසය සංසිදුවා යති.

එකල උතුරු මැද පළාතේ මහ ඇමැති වූයේ ජී.ඩී. මහින්දසෝම මහතාය.

සාමාන්‍යයෙන් ගස් ගැන හොදින් දන්නා මහින්දසෝම මහතාත් පොත් ගැන කරන දේශනා වලට සාවධානව කන්දීගෙන උන්නේ හෙන්රි වීරවංශ මහතාට පිංසිදුවන්නට ය.

සාහිත්‍යය උත්සවයට සමගාමීව පැවැති නාට්‍ය වැඩ මුළුව මෙහි සුවිශේෂී අංගයක් විය.

අනෝජා වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි වැනි කලාකරුවන් කොළඹ සිට ගෙන්වා ගත්තේ හෙන්රි වීරවංශ ඇමැතිතුමා ගේ නිල රථය යවමිනි.

වරක් ජයන්ත චන්ද්‍රසිරි සාහිත්‍යය උත්සවය සදහා පොළොන්නරුවට ළගා වන විට මැදියම ද පසුව තිබිණ.

ඔහු ඉදිරියෙන් අමුඩයක් හැදි පුද්ගලයකු ලයිට් කණුවක ජාතික කොඩිය එල්ලා බිමට බසිමින් සිටියේය .

හේ අන් කවරකුවත් නොව උතුරු මැද පළාතේ ගරු සංස්කෘතික ඇමැති හෙන්රි වීරවංශ ය.

කොළඹ සාහිත්‍යය උත්සවය බලු කපුටු දානයකට පොරකන තත්ත්වයකට පත් වෙද්දි අතේ මුදල් සීමිතව තිබියදීත් සරල, සුන්දර , අදටත් සිහිපත් වන සාහිත්‍යය උත්සවයක් පවත්වන්නට ඔහු සමත් විය.

තම දයාබර බිරිද රෝහල්ගතව සිටියදීත් හෙන්රි සිටියේ සාහිත්‍යය උත්සවයේය.

ඔහු එයින් බැහැරව ගියේ ලෙඩ්ඩුන් බලන කාල සීමාවේ දී පමණි.

අද අපේ පාර්ලිමේන්තුවේ ලැබුනේ ඇමැතිකමත් මදිවී නාහෙන් අඩන ඇමැතිතුමාලා ඉදිරියේ හෙන්රි වීරවංශ පතාක යෝධයකු මෙනි.

ඔවුන් ගැන ලැජ්ජා වීම හැරෙන්නට වෙනත් කරන්නට දෙයක් නැත.

හෙන්රි වීරවංශ ඇමැතිතුමා ගේ මෙම වැඩ පිළිවෙළ නිසා රටට දායාද කළ නමක් ඇති කලාකරුවන් රැසකි.

ඔවුන්ට හෙන්රි වීරවංශ නාමය මතක දැයි නොදනිමි .

ඔවුන්ට තබා උතුරු මැද පළාතේ ජනතාවට වත් ඔහුව මතක ඇතැයි නොසිතමි.

මන්ද යත් කෙළෙහිගුණ දත් උතුරු මැද දෙපළාතේ ජනතාව ඊළඟ ජන්දයේදී මේ සරල ගැමියා පරාජය කොට ගෙදර යැවූ බැවිනි .

සමහර විට උතුරු මැද පළාතේ ජනතාවට හෙන්රි කළ මෙහෙයට වඩා මාතර සාහිත්‍යය උත්සවයේදී 'සාහිත්‍යය කන්න දැයි'  ජේ. ආර්. ඇසූ කතාව මතක් වන්නට ඇත.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...