BREAKING
Top Ad
ඇට මැස්සා

හුචක්කුව -ඇටමැස්සා (25)

T

The Leader

September 18, 2020 • 1:48 AM

හුචක්කුව -ඇටමැස්සා (25)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වීම ලේසි පහසු දෙයක් නොවේ.
  • එලෙස කුසුමා ට පුටු ඇදීමෙන් ලත් මහත්ඵල  මහානිසංස ඔහුට මේ ආත්මයේම පලදුන්නේය.
  • ඒ ඔහු සිංහල අංශයේ කථිකාචාර්යවරයකු බවට පත්වීමෙනි.
  • ඔහු සෝමරත්න බාලසූරියට පෙරළා කළගුණ සැලකුවේ මෙලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා වෙහෙස වී ඉගෙන ගත යුතුය.

ක්ලාස් එකක් ලබාගත යුතුය.

ඒ ක්ලාස් එක ෆස්ට් ක්ලාස් එකක් විය යුතුය.

සෙකන්ඩ් අපර් ක්ලාස්  එකක් ගෙන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වීමට නම් 'මහන්සි' විය යුතුය.

 මේ කතාව සෙකන්ඩ් අපර් එකක් ගෙන මහන්සි වී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ පුද්ගලයකුගේ අප්‍රතිහත ධෛර්යය ගැනයි.

 එවක කොළඹ සරසවියේ සිංහල අධ්‍යයන අංශ දෙපාර්තමේන්තු ප්‍රධානියා වූයේ මහාචාර්ය කුසුමා කරුණාරත්න ය.

ඇයගෙ පොතක් දොරට වැඩීමේ උත්සවයක් විය.

ඒ සඳහා මහන්සි වී පුටු ඇද්දේ අපගේ මේ කථා නායකයා ය.

එලෙස කුසුමා ට පුටු ඇදීමෙන් ලත් මහත්ඵල  මහානිසංස ඔහුට මේ ආත්මයේම පලදුන්නේය.

ඒ ඔහු සිංහල අංශයේ කථිකාචාර්යවරයකු බවට පත්වීමෙනි.

 කාලය කෙමෙන් ගෙවී ගියේය.

ඔහු පොත් ලියන්නට පටන් ගත්තේය.

ඔහුගේ එක් පොතකට ඩී ආර් විජේවර්ධන අනුස්මරණ සම්මානය ද හිමි විය.

එහෙත් ඒ පොත නිසා ඔහුට අදටත් ඔහුගේ ගමට යාමට නොහැකිය.

මක්නිසාද යත් එම නවකතාවට පාදක වූ පවුල අදටත් ජීවත් වන බැවිනි.

අපගේ ලේඛකයා ඔවුනට හසු වුවහොත් ඔහුගේ ඇට කටු සූප්පු කර ඔහුව අවිදු අඳුරක ගිල්වනු නිසැකය.

අපගේ කතා නායකයා සරසවි ශිෂ්‍යයකු කාලයේ නතරව සිටියේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය ගේ ගෙදර ය.

ඔහු සෝමරත්න බාලසූරියට පෙරළා කළගුණ සැලකුවේ මෙලෙසිනි.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය ලියූ 'කරත්තය' කෙටිකතා පොතට සාහිත්‍ය සම්මානය හිමිවිය.

එම අවස්ථාවේදී එම පොතට සම්මානය දීම නිසා මහාචාර්ය සෝමරත්න බාලසූරිය ට එරෙහිව කැලෑ පත්තරයක් ගසන ලදී.

මේ කැලෑ පත්‍රය ලියන ලද්දේ අපගේ මෙම කථිකාචාර්යවරයා විසින් බවට එකල රාවයක් පැතිරුණි.

සරසවි ආචාර්යවරුන්ගේ හොදම බිස්නස් එක වන්නේ විෂය නිර්දේශය අළලා පොතක් නිකුත් කිරීමය.

එවිට වසරක් පාසා පොත් හත් අටසීයක් නිකම්ම විකුණා ගත හැකිය.

මේ අනුව අපගේ කතානායක ද සිංහල විෂය නිර්දේශයට අදාළව පොතක් අච්චු ගසන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය කුසුමා කරුණාරත්නව ද හවුල් කර ගනිමිනි.

කාලයාගේ ඇවෑමෙන් සිංහල අංශයේ අංශ ප්‍රධාන ධුරය කුසුමා ගෙන්  මහාචාර්ය තිස්ස ජයවර්ධනට හිමි විය.

තිස්ස ජයවර්ධන සිංහල සිලබස් එක වෙනස් කළහොත් තම බිස්නස් එකට කෙලවෙන  බව අප කතානායකයා හොඳින්ම දැන සිටියේය.

දැන් ඔහුට නින්ද යන්නේ නැත.

කුසුමක් ව තිබූ  කුසුමා ගෙ මුහුණද පරව ගොසිනි.

රජය මගින් පවත්වන පරිපාලන සේවා විභාගයේ උත්තර  පත්‍ර පරීක්ෂා කිරීමට ලැබෙන්නේ මේ අතරය.

මහාචාර්ය තිස්ස ජයවර්ධන එයින් කොටසක් අප කතානායකට ලබාදෙන්නේ පරික්ෂා කිරීම සඳහාය.

එය හුදු විශ්වාසය මත කරන කටයුත්තක් බැවින් උත්තර පත්‍ර බාර දුන්නා හෝ භාරගත්තා හෝ කියා අත්සනක් ලබා ගැනීමේ සම්ප්‍රදායක් නැත.

මාසෙකට පමණ පසුව මෙම උත්තර පත්‍ර  තොගය  අස්ථානගත විය.

අප කතානායකයා පැවසුවේ තමන්ට පරීක්ෂා කිරීම සදහා එවැනි උත්තර පත්‍ර තොගයක්  කිසිදාක නොලැබුණු බවය.

ඔහු එලෙස පැවැසුවේ මහාචාර්ය තිස්ස ජයවර්ධනයන් අමාරුවේ දැමීමට ය.

මේ සිද්ධිය නිසා කොළඹ සරසවියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද පැමිණියේය.

අවසානයේ අප කථානායකට  එරෙහිව නඩුවක් ද පවරනු  ලැබීය.

නඩුවේ ප්‍රධාන සාක්කිකාරය වූයේ  අදාළ උත්තර පත්‍ර ටික ඔසවාගෙන ගොස් අප කතානායක ගියේ මේසය උඩ තැබූ ලාල්  ය.

 ලාල් යනු සිංහල අංශයේ සේවය කළ පියන් ය.

නඩුවෙන් පැරදුනොත් තමාට රැකියාව අහිමි වන බව තේරුම්ගත් අප සෙකන්ඩ් අපර් කථිකාචාර්ය තුමා ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් ආරම්භ කළේය.

ඊට පෙර ඔහු තම මිතුරු පත්තරකාරයන් කිහිප දෙනෙකු සිංහල අධ්‍යයන අංශයට ගෙන්වා උපවාසයක් පටන් ගත්තේය.

ඔහුගේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් 
" පිස්සු කෙලින්න එපා" යැයි දැන්වීම නිසා උපවාසය සුළු කාලයකින් ඇන හිටියේය.

නඩු වාර කිහිපයක් යන අතරවාරයේ එහි ප්‍රධාන සාක්ෂිකරු වූ ලාල් හදිසි හෘදයාබාධයකින් මිය යන්නේ ය.

ලාල් හදවතේ සිදුරක් සහිතව ජීවත් වූ පුද්ගලයෙකි. 

ඔහුට මේ පීඩනය දරාගත නොහැකි විය.

එය ඔහුගේ මරණය ඉක්මන් කිරීමට හේතු විය.

ඔහුගේ  අවාසනාවන්ත මරණය අප කතානායකයාට වාසනාව ගෙනාවේය.

ඔහු නඩුවෙන් නිදහස් විය.

එම ප්‍රීතිය නිමිත්තෙන් ඔහු පොතක්ද නිකුත් කළේ ය.

එය "මගේ අරක ඉවරයි "නම් විය.

මෙරට ඉතිහාසයේ සරසවි කථිකාචාර්යවරයෙකු ලියූ අසික්කිතම, ජඩම, පාහරම කෘතිය එය විය.

සරසවි අධ්‍යයන කාර්ය මණ්ඩලයකට සරසවියක වැසිකිලියක් වත් පවිත්‍ර කිරීමට නුසුදුසු පුද්ගලයින් කථිකාචාර්යවරුන් ලෙස පත් වී ඇති බව රටට හෙළි වූයේ මේ අවස්ථාවේ ‍ය.

අප කතානායකයා තම ශාස්ත්‍රපති නිබන්ධනයට ලියුවේ සරච්චන්ද්‍රයන්ගේ ‍නාට්‍ය නිර්මාණ ගැනය.

එහි වූයේ අලුත් කරුණු නො‌ව හැමෝ‌ම දන්නා දේය.

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන් ඔහුගේ නිබන්ධනය ඉවතට දැම්මේ මෙවැනි පුස්සන් සරසවි පද්ධතියෙන් අතුගා දැමිය යුතු යැයි පවසමිනි.

කෙසේ හෝ වසර ගණනක් කාල් ගා එය ඔහු ගොඩ දාගත්තේය.

ඉස්සර ‍රාජකීය විදුහලේ ගුරුවරයකු සිටියේය.

ඔහු නිරතුරුවම ලේක්හවුස් පුවත්පත්වලට ලිපි සැපයුවේය.

මේ ගුරුවරයාගේ නමත් අප කතානායකයා ගේ නමත් සමානය.

අර ගුරුතුමාට හිමි චෙක් පත් අප කතානායකයා මාරු කරගත් බවට ද සාහිත්‍යය ලෝකයේ කටකතා ඇත.

 වරෙක  අප කතානායකයා සාහිත්‍ය අනුමණ්ඩලයට තේරී පත්විය.

 එහිදී ඔහුගේ කෘතියක් සම්මානයට නිර්දේශ වූ පසු සාහිත්‍ය අනුමණ්ඩලය ඉල්ලා අස්වීමට තරම් ඔහු පිරිසිදු , අවංක , සාධාරණ පුද්ගලයකු විය.

නිතරම කොකු පටලවාගන්නා අප කතානායකයා  වරෙක පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා කොක්කක් පටලවාගත්තේය.

පොත් ප්‍රකාශක සමාගම කළේ අප කතානායකයා ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක් ලබා නොදීමය.

එම වසරේ අප කතානායකයා පොත් අච්චු ගසන ලද්දේ ඔහුගේ ගේ  බිරිඳගේ නමට ලොකු බැංකු ලෝන් එකක් ද ලබාගෙනය.

 අප කතානායකයා මෙම සිද්ධියෙන් අනාතම විය.

මේ සිද්ධිය අළලා ආණ්ඩුවේ 'සිළුමිණ' පත්තරේ ලිපියක් ද පළ විය.

එහි හෙඩ් ලයින් එක සඳහන් වූයේ මෙලෙසිනි.

'මගේ බඩුව ඉවරයි'

සිළුමිණ පත්තරේ ඉතිහාසයේ පළවූ එකම රැඩිකල් ලිපිය මෙය විය.

අප කතානායකයා ගේ පුතා වරදක් කර පන්ති භාර ගුරුතුමිය වෙතින් දඩුවම් ලැබීය.

අප කතානායකයා කළේ එම ගුරුවරියට විරුද්ධව පොතක් ගැසීමයි.

( මෙහිදී 'ගැසීම' යන යෙදුම භාවිතා කළේ අප කතානායකයා පොත් ලියනවාට වඩා කරන්නේ ගහන එක බැවිනි.)

කොළඹ සරසවියේ එක් ශිෂ්‍යයෙක් විභාගය කොපි කරද්දි මාට්ටු වූයේ අප කතානායකයාගේ අතට ය.

වහාම අර ශිෂ්‍යයාගේ ශිෂ්‍යභාවය වසර තුනකට තහනම් විය.

පසු කලෙක අප කතා නායකයා විසින් දඬුවමට යටත් කළ ශිෂ්‍යයා සමග එකම වේදිකාවේ සිටියේය.

කොපි කර මාට්ටු වූ ශිෂ්‍යයා නම් එදා ඇඳුමක් හැඳ සිටි අතර අප කතානායකයා රෙද්දක්  සිටියා දැයි හරියටම මතක නැත.

ඔවුන් දෙදෙනා එලෙස එකට සිටියේ 2015 යහපාලන වේදිකාවේය.

 යහපාලන ආණ්ඩුවට අප කතානායකයා කඩේ ගියේ  නිගණ්ඨනාථ පුත්‍රයකු ලෙස ය.

බුද්ධ කාලයෙන් පසුව අප නිගණ්ඨනාථ පුත්‍රයකු දුටුවේ එවිටය.

2020 උදාවෙන් පසු අප කතානායකයා උන්නාද මළාද කියා නැත.

 ප්‍රශ්නය ඔහු ඉන්නවා නම් ය.

අප මෙතෙක්  කතා කළ 'හුචක්කුවා' කවරෙකු දැයි නොදන්නා අයෙකු සොයාගැන්ම කළුනික සොයාගන්නවාටත් වඩා අමාරු වනු ඇත.

(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...