පහුගිය කාලේ අපේ වාසුදේව සහෝදරයා පාර්ලිමේන්තුවේ දී පාවිච්චි කරපු අකුරු තුනේ වචනයක් නිසා එතුමා හරිම ප්‍රසිද්ධියට පත් වුණා.
මේ කතාව මුලින්ම කිව්වේ දැන් මේ කියන්න යන කතාව අවසානයේ වාසුදේව සහෝදරයාට සම්බන්ධ වන නිසයි.
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුනාට පස්සේ එක්තරා නුහුරු "පාය" කට එක්තරා ලේකම්වරයකු පත් කළා. මේ ලේකම්වරයා අධි මාන්නයෙන් යුතු කෙනෙක්.
කාටවත් එයාට උගන්නන්න බෑ.
කාගෙවත් මූණ බලන්නේ නෑ.
කිසිම සේවකයෙකුට එයාව හම්බවෙන්න බෑ වෘත්තිමය ගැටළුවකටවත්.
කොරෝනා නිසා මුළු රටේම සංවර්ධනය ඇණහිටලා තියෙද්දිත් එතුමා කළේ මිලියන ගණන් වියදම් කරගෙන පාටිෂන් හදාපු එකයි.
මේ ලේකම්වරයාව නැටෙව්වේ එහි අතිරේක ලේකම්වරයකු හා අතිරේක ලේකම්වරියක විසින්.
මේ ලේකම්වරයාගේ කාලේ දක්ෂ රාජ්‍ය නිලධාරින්ට වෙනත් ස්ථාන සොයාගෙන යන්න සිද්ධ වෙන තැනට කටයුතු සිදු වුණා.
සමහර විට එතුමා මේවා ගැන දන්නේ වත් නැතුව ඇති.
මොකද මේ ලේකම්වරයාට වෙලාව නැති නිසා මේ අමාත්‍යාංශයම පාලනය කළේ අර අතිරේක ලේකම්වරු දෙදෙනාට අවශ්‍ය පරිදි අත්තනෝමතික ලෙසටයි.
මේ දෙදෙනා හරියටම රාජ්‍ය සේවකයින් රජය කෙරෙහි කළකිරවන්න විපක්ෂ බලවේග විසින් මෙහෙයවපු ජෝඩුවක් වගෙයි වැඩ කළේ.
ඒ වගේම අපේ අධි තක්සේරු ලේකම්වරයා වැඩ කළේ මුලින් සදහන් කළ පරිදි වාසුදේව සහෝදරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ 'අකුරු තුනේ' වචනයට සමාන වන පරිදිම යි.
ගෝඨාභය මහත්තයා කොයි තරම් විද්‍යානුකූලව හිතලා වැඩ කරන කෙනෙක් ද කියලා ඔප්පු වෙන්නෙ අලුතින් පත් කරපු අමාත්‍යාංශ ලේකම් වරුන්ගේ නම් ලිස්ට් එක අරන් චෙක් කරද්දී තමයි.
අර "පායේ" හිටපු ලේකම්තුමාව වාසු සහෝදරයා ළගට දාලා.
ඇත්තටම ජනාධිපතිතුමනි, ඔබතුමා නම් වැඩ කරන අපේ විරුවාම තමයි.
ඇත්තටම ගෝඨාභය විද්‍යාත්මකද? - ඇටමැස්සා
T
The Leader
August 15, 2020 • 1:33 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වෙලාවකට හිතෙනවා ගෝඨාභය මහත්තයාගේ වැඩ හරිම විද්‍යානුකූලයි කියලා.
- කිසිම සේවකයෙකුට එයාව හම්බවෙන්න බෑ වෘත්තිමය ගැටළුවකටවත්.
- මේ ලේකම්වරයාව නැටෙව්වේ එහි අතිරේක ලේකම්වරයකු හා අතිරේක ලේකම්වරියක විසින්.
- ඒ වගේම අපේ අධි තක්සේරු ලේකම්වරයා වැඩ කළේ මුලින් සදහන් කළ පරිදි වාසුදේව සහෝදරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ 'අකුරු තුනේ' වචනයට සමාන වන පරිදිම යි.
අකුරු ප්‍රමාණය (Font Size):
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


