නමුත් ඔහු තමන්ගේ ම අධ්‍යක්ෂණයක් තුල දී හොඳ නළුවකු නොවෙයි.
ඔහුට තම නිර්මාණ තුල දි තමාව අධ්‍යක්ෂණය කර ගැනීමට නොහැකි වුණා.
සුදත් රෝහණ කියන්නේ හොඳ අධ්‍යක්ෂකවරයෙක්. හැබැයි ඔහු ITN වැනි නාලිකාවක සභාපති වෙන්න තරම් දක්ෂ පරිපාලකයකු නොවේ.
දැන් නම් ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයකු ද යන ප්‍රශ්නය අහන්නත් සිද්ධ වෙලා.
අපි කතා කරන්නේ අතීතයට අදාළ දෙයක් නිසා අතීතයෙන් ම පටන් ගනිමු.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගයේ දී මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධනයන්ට රාජ්‍ය නාලිකාවක මුල් පුටුව හොබවන්න ඇරයුමක් ලැබුණා.
ඔහු ඒ ඇරයුම ප්‍රතික්ෂේප කලා පමණක් නොව ඒ පිළිබදව ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන අජිත් සමරනායකට පසුව මෙසේ පවසා තිබුනා.
" පාරේ යන මිනිහෙක් බලු බෙට්ටහ් දකිනවා.
ඔහුට මෙතැනදී අනුගමනය කරන්න ක්‍රම 2 ක් තියෙනවා.
එකක් තමයි ඕක දැක දැකම පාගගෙන යන එක.
අනික, ඒකට උඩින් පැනලා යන එක.
ඔය ආයතනයත් හරියට බලු බෙට්ටක් වගේ.
ඒ නිසා මං අනුගමනය කරන්නේ දෙවෙනි පිළිවෙතයි...."
රාජ්‍ය නාලිකාවක් පිළිබද මීට වඩා විශිෂ්ට විග්‍රහයක් තවත් නැතුව ඇති.
හැම මොහොතකම රාජ්‍ය මාධ්‍ය නාලිකා දේශපාලනය හා බැදිලා තියෙන්නේ.
ඒවා මෙහෙයවන්නන් ට හොද දේශපාලන ඉවක් සේම ඇග බේරාගෙන වැඩ කිරීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ.
අපි දැන් හැරෙමු ITN පැත්තට.
සුදත් රෝහණ එහි සභාපති .
ඔහු. ITN සභාපති වන්නේ කලාකරුවකු නිසාද?
දක්ෂයෙක් නිසාද? නිදහස් කලා සංධානයේ සභාපති නිසාද?
මේ කවර හේතුවක ආනුභාවයෙන් ඔහු ITN සභාපති වුණත් සුදත් රෝහණ තව දුරටත් දක්ෂ අධ්‍යක්ෂවරයකු නොවන බව නම් ඔප්පු කර හමාරයි.
ඒ මහින්දගේ දේශපාලන ජීවිතයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් නිෂ්පාදනය කළ " ජන හද විල පිපි සියපත " වාර්තා වැඩ සටහන තුලින්.
අගමැතිතුමාගේ එක් දණහිසක යම් ආබාධයක් පවතින බව නොරහසකි.
මේ බව කුරුණෑගල පැවති දේශපාලන රැස්වීමකදී අගමැතිතුමාගේ බාල පුත් ' චිචී' ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළා.
නමුත් සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ වාර්තා වැඩ සටහන තුලින් උද්දීපනය කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද ?
අගමැතිතුමාගේ දණහිස් ආබාධය නොවේද ?
ඒ සදහා ඉතා සූක්ෂම ලෙස දුරස්ඨ රූපරාමු බහුල ලෙස යොදා ගෙන ඇති බව පැහැදිලිය.
සුදත් රෝහණ අගමැතිතුමාව ඇවිද්දමින් කුමක් සනාථ කරන්නට යන්නේද?
වගකිවයුතු කිසිදු නිලධාරියකු මෙම වැඩ සටහන ප්‍රචාරය කිරීමට පෙර නරඹා නැතිද?
විජය නන්දසිරි නම් දක්ෂ රංගධරයා එක් පාදයක් ඉවත් කර තිබියදීත් රංගනයේ යෙදුනේ කිසිදු අඩුවක් නොහැගෙන පරිදිය.
ඒ දක්ෂ අධ්‍යක්ෂවරු විසින් අවස්ථාවට ගැලපෙන පරිදි සුදුසු කැමරා කෝණ යොදාගත් නිසාය.
මහින්ද යනු හොඳ නළුවෙකි. විජය නන්දසිරිට වඩා ජීවමාන ප්‍රතිචාර ලද නළුවෙකි.
එහෙත් ඔහුගේ රංගනය අසාර්ථකය.
එයට හේතුව දුර්වල අධ්‍යක්ෂණය යි.
මහින්ද යනු ලක් ඉතිහාසය තුල මෑතකදී පහළ වූ මනා දේශපාලන
පෞරුෂයකින් හෙබි විෂිශ්ටතම හා ආකර්ෂණීයම නළුවාය.
ඔහුගේ දේශපාලන ජීවිතයේ ඓතිහාසිකම මොහොතේදී සාධාරණයක් ඉෂ්ට කිරීමට මෙම වැඩ සටහනට සම්බන්ධ වූ සියලුම දෙනා පැහැර හැර ඇත.
මොන නාලිකාව නැරඹුවත් ITN නොබලන හිටපු ජනාධිපති චන්ද්‍රිකා මෙම වැඩ සටහන ප්‍රචාරය වූ දිනට පසු දිනම මහින්දට එරෙහිව මඩ ප්‍රහාරයක් එල්ල කළේ මේ දණහිස් ආබාධය පදනම් කරගනිමිනි.
යටි අරමුණු සිතේ තබාගෙන හෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ යුතු චිත්‍රපටියක් සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන්නට ගිය විට හෝ සිදුවන්නේ ද මෙවැනිම විනාශයකි.
ITN සභාපති ගෙන් අගමැති ට වෙට්ටුවක් ! - ඇටමැස්සා
T
The Leader
August 17, 2020 • 9:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ආචාර්ය සාලමන් ෆොන්සේකා කියන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙක්.
- ගුණවර්ධනයන්ට රාජ්‍ය නාලිකාවක මුල් පුටුව හොබවන්න ඇරයුමක් ලැබුණා.
- ඔහුට මෙතැනදී අනුගමනය කරන්න ක්‍රම 2 ක් තියෙනවා.
- ඒ නිසා මං අනුගමනය කරන්නේ දෙවෙනි පිළිවෙතයි...." රාජ්‍ය නාලිකාවක් පිළිබද මීට වඩා විශිෂ්ට විග්‍රහයක් තවත් නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


