BREAKING
Top Ad
ඇට මැස්සා

අතුරුදන් වූ කළු කෙල්ලෝ - ඇටමැස්සා (30)

T

The Leader

September 24, 2020 • 7:16 AM

අතුරුදන් වූ කළු කෙල්ලෝ - ඇටමැස්සා (30)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "නෙත් යුග රන් තරු යුවළ තමයි තොල් පෙති නාදළුවලට සමයි
  • තරුණියන් ගේ පමණක් නොව තරුණයන්ගේ ද මනස ද අද ක්‍රියා කරන්නේ මෙලෙසිනි.
  • අපේ ගෑනු ළමුන් ලස්සන වෙන්න දේශීය අත් බෙහෙත් භාවිතා කළ බව සැබෑය.
  • ඒ සමගම විවිධ ක්‍රීම් වර්ග, ආලේපන වලට ඇති වෙළෙඳපොළ ද පුළුල් වන්නට විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මගෙ හද ඔබෙ සුව යහන තමයි ඔබ සොයනා කළු කෙල්ල මමයි..."

හේමශ්‍රී ද අල්විස් රචනා කළ වික්ටර් දළුගම සංගීතවත් කළ ත්‍රී සිස්ටර් ගායනා කළ මේ ගීතය අතීතයට අයත් වූවකි.

අතීතයට අයත් වූවක් යැයි කීවේ දැන් කිසිවකුත් කළු කෙල්ලන් වෙනුවෙන් සින්දු නොකියන බැවිනි.

අපට පරම්පරා ගණනාවක සිට උරුමව ආ කළු හම දැන් කරුමයකි.

කලු හමට, කළු කෙල්ලන්ට මාකට් එකක් නැත.

සුදු උනොත් මාකට්ය.

 මේ අද අපේ රටේ තරුණියන් ගේ මනස ක්‍රියා කරන හැටිය.

තරුණියන් ගේ පමණක් නොව තරුණයන්ගේ ද මනස ද අද ක්‍රියා කරන්නේ මෙලෙසිනි.

එක් දිනක් ෆූඩ්සිටියේ කැෂියර් කවුන්ටරය වෙත පැමිණි තරුණ භික්ෂුවකි.

අතින් යමක් උණ්ඩි කරගෙන සිටි ඔහු එය කැෂියර් ඉදිරියට දැමුවේ මුදල් ද සමගිනි.

එහි වූයේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ක්‍රීම් ටියුබයකි.

මේ කලු හමට උරුමකම් කී ආසියානු  රටක වෙසෙන අපේ අද දවසේ කතාවයි.

අපට මෙහෙම වුණේ ඇයි...?

කළු කැත යැයි අප කවදාවත් සිතුවේ නැත.

කළු යනු අවලස්සන පැහැයක් ‍යැයි අපේ මනස අහලකවත් නොවීය.

අපේ ගෑනු ළමුන් ලස්සන වෙන්න දේශීය අත් බෙහෙත් භාවිතා කළ බව සැබෑය.

එහෙත් ක්‍රීම් උලා ලස්සන වෙන තත්ත්වයකට එන්නේ විවෘත ආර්ථිකයත් සමග නිදහසේ ගලා ආ අත්‍යවශ්‍ය මෙන්ම අනවශ්‍ය භාණ්ඩයත් සමගය.

මුලින් මුලින් අපේ ගෑනු ළමුන් භාවිතා කලේ ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් මාර්ගයෙන් ගෙන්වාගත් "විකෝ" වැනි ක්‍රීම් වර්ගය.

මේ යුගය වන විට රට පුරා ඇඟළුම් කම්මල් විවෘත වන්නට වූයේ හතු පිපෙන්නාක් මෙනි.

ඒ සමගම විවිධ ක්‍රීම් වර්ග, ආලේපන වලට ඇති වෙළෙඳපොළ ද පුළුල් වන්නට විය.

සුදු හඳුන් වෙනිවැල් ගැට උරච්චි කරමින් ගෑ යුගය අවසන් කරමින් ඉන්ස්ටන්ට් ක්‍රීම් යුගය උදා වන්නට විය.

මුලින්ම මේ බිස්නස් එකට අත තැබුවේ යුනිලිවර් සමාගමයි. ඒ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සමගිනි.

 කල යනවිට හේමාස් සමාගම ෆෙයාර් රෝස් නමින් නිෂ්පාදනයක් කල එළිදැක්වීය.

මේ සියල්ලම සුදු කරන ක්‍රීම් ය.

කල් ගත වෙන විට ඔවුහු මේ "සුද" විකිණීමට නව සංකල්ප ඉදිරිපත් කරන්නට වූහ.

"රස්සාවක් හරි යන්නට නම් නම් සුදු විය යුතුය."

"කොල්ලෙක් ආපසු හැරී බලන්නට නම් සුදු විය යුතුය."

"ගෙදරට එන මනමාලයා එකපාරින්ම කැමති වීමට නම් සුදු විය යුතුය."

එතැන් පටන් හම "සුදු කරණය" සීඝ්‍රයෙන් පැතිරෙන්නට විය.

ජුකී මැෂින් මත පැය ගණන් කාල් හා මැලවුණු මුහුණින් සේවය නිම කර කම්හල් දොරෙන් එළියට පැමිණෙන තරුණියන්ට මේ ක්‍රීම් දිව්‍ය ඖෂධයක් මෙන් විය.

එක පැත්තකින් ගාමන්ට් ෆැක්ටරි මාකට් එකට බන්දුල පද්මකුමාරගේ "කුමරි" පත්තරේ නිකුත් කරන විට අනිත් පැත්තෙන් යුනිලීවර්ලා, හේමාස්ලා මේ මාකට් එකටම සුදු වෙන ක්‍රීම් නිකුත් කළහ.

සියල්ලෝම සුදු සංකල්පය වැලඳගත්හ.

කන්නේ, බොන්නේ, අදින්නේ, පළදින්නේ සුදු වෙන එක ගැන හිතමින්‍ ය.

මේ "සුදුකරණය" ඔවුන්ගේ ආගම විය.

2005 දී බ්‍රේස්ලට් වෙනුවට සුදු වෙන ක්‍රීම් දෙනවා යැයි කිව්වා නම් එදා ජනාධිපති වන්නේ ‍රනිල් ය.

" කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි නෙතගින් බැලුවිට සිරියාවයි... සුදු කෙල්ලන්ට වඩා ඔබ පින් පාටයි නිවසේ බැබලෙන පහන ඔබයි..."

ලොස් ෆ්ලෙමෙන්කොස් ගායන කණ්ඩායම

ගායනා කළ මෙවැනි ගීත යළි ගැයෙන්නේ නැත.

මෙවන් ගීත යළිත් හැදෙන්නේ ද නැත.

මන්ද ලංකාවේ කළු කෙල්ලන් ගැන ගීත ඇසූ මාකට් එක අභාවයට පත්ව ඇති  නිසාවෙනි.

බහුජාතික සමාගම් විසින් කළු කෙල්ලන්ට තිබූ මාකට් එක තම වෙළෙඳ පරමාර්ථ උදෙසා විනාශ කර ඇති බැවිනි.

මේ වන විට මේ සුදු උන්මාදය තවත් බරපතල ය.

රෝසි සේනානායකගේ වයසේ පසුවන ගැහැනුන් පවා දඟලන්නේ සුදු වන්නටය.

රත්තොට රෝහිණී කවිරත්න නෝනා ගෝඨාට පසුගියදා දෙස් දෙවොල් තබමින් බැණ වැදුණේ ගෝඨා ආනයන සීමා කිරීම නිසා අපේ ගැහැණු ළමයින්ට මූණෙ ගාන්න ක්‍රීම් එකක්වත් නැතැයි ආඩපාලි කියමිනි.

අද වන විට සුදු වෙන මේනියාව ‍ක්‍රීම්යුගය පසු කොට සුදු වෙන පෙති, සුදු වෙන කොලජන් පාන, සුදු වෙන ඉන්ජෙක්ෂන් දක්වා ව්‍යාප්ත වී හමාරය.

සුදු වෙන්න ගොස් සැලුන් වල මැරී වැටුණත් අපේ ගැහැනුන් සුදු වන සටන අතහැර නැත.

ප්‍රමිතියක් ඇති නැති සැළන් බස් හෝල්ට් එකක් ගානේ බිහිවී ඇත්තේ කාන්තා පිරිමි භේදයකින් තොරව සුදු කර දෙමින් අතේ ඇති පිච්චිය සුද්ද කිරීමට ය.

මෙය කෙතරම් සරුසාර බිස්නස් එකක් වීද යත් මෙවැනි නිෂ්පාදන ගැන කිසිදු අත්දැකීමක් නැති සෝයාමීට් හදන රයිගම් මුදලාලි පවා සුදු වෙන ක්‍රීම් මාකට් එකට පය තැබුයේය.

සුදු වෙන ෆේෂ් වොෂ් වල සිට  පිරිමින්ට පමණක් ආවේණික වූ සුදු වන ක්‍රීම්  ද දැන් වෙළඳපල ආක්‍රමණය කර ඇත.

අපට සුදු පුතාලා, සුදු දුවලා ,සුදු මාමලා, සුදු නැන්දලා මිසක් කළු කියා අමතන පිරිසක් දැන සිටියේ නැත.

ගමේ සිටි කළුවන් කළු රුවින් යුතු මදින්නාටත්  සී ටී ප්‍රනාන්දු ගේ ගැයුවේ මෙලෙසිනි.

"මගෙ සුදු මාමේ ...මගෙ සුදු මාමේ ...නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ... "

උපතින්ම කළු හමක් උරුම යුවතියකට සමාජයේ ඉදිරියේ මාසිකව ලක් කරන  පීඩනය මේ බහුජාතික සුදුවන ක්‍රීම් නිෂ්පාදකයන් කවදාවත් සිතුවේ නැත.

 දෙකයි පනහේ ලාභය උදෙසා ඔවුන් අවමානයට, අවප්‍රමාණයට ලක් කළේ අපට උරුම අපේ සමේ පැහැයයි.

 ඒ සියලූ තත්වයන් මැද වුවත් උඩුගම් බලා යමින් තම දියණිය වූ අමිලාට "කළුපාට දූ " යැයි ආමන්ත්‍රණය කරමින් ගීයක් ගායනා කරන්නට ශක්තියක් තිබූ ක්ලැරන්ස් ලා වැනි ගායකයින් ද අපිට සිටි බව මතක් කළ යුතුය .

" දුව මා වගේ නේද ... නෑ අම්මා වාගේ ... දඟකාර දූ කාගේදෝ ... දුව මාගෙ දෝ .... අම්මගෙ දූ නොවේදෝ ... කළුපාට දූ කාගෙදෝ... "

දැන් මේ සියල්ල අතීතයේ මතක සටහන් පමණි .

සිස්ටම් එක චේන්ජ් කරන්න ගෝඨා පැමිණෙන තුරු සිටීම අවශ්‍ය නැත.

හයිය හිතක් ඇති එක කෙල්ලෙක් ඒ සදහා හොදටම ප්‍රමාණවත් ය.

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නහුතයක් කාන්තා ( NGO) සංවිධාන ඇතත් ඔවුන් මේ අවස්ථාවේ නිහඩව සිටින්නේ ඔවුන්ට අරමුදල් සපයන සුදු ජාතික රටවල්වල බහුජාතික සමාගම් විසින් මේ සුදු වන ක්‍රීම් වෙළෙඳ පොලට නිකුත් කරන නිසාත්, එම NGO ඇන්ටිලා මේ ක්‍රීම් ගාන නිසාත් විය යුතුය .

මෙහෙම ගියහොත් ලංකාව තුළ කලුපාටක් කියා දෙයකට ඉතිරි වනු ඇත්තේ එකකි.

ඒ හිසේ ගාන කළු ඩයි පමණි.

(ඇටමැස්සා)

කළු කෙල්ලන් ගැන එදා ඇසුණු ගීතයක්. ලොස් ෆ්ලෙමෙන්කොස්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...